IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අශාන් - ආනන්ද විශිෂ්ට දස්කම් දක්වති

පන්නල මෝටර් රථ ධාවන පථයේදී පැවති ‘ස්පීඞ්’ ශූරතාවලියේ ප‍්‍රධානම තරගය වූ එස්. එල්. - ජී. ටී. (සිලින්ඩර් ධාරිතාව 3500 දක්වා) තරගය ජය ගැනීමට අශාන් සිල්වා සමත්විය. ඔහුට ඉතා උණුසුම් තරගයක් දුන් ඩිලාන් සෙනවිරත්න එහි දෙවැනි ස්ථානයට හිමිකම් කීවේය.

ආරම්භයේ සිට පළමු වට 5 අවසන්වන තුරුම තරගයේ පෙරමුණ ගැනීමට ඩිලාන් සෙනවිරත්න සමත්වුවද, අසීරු වංගුවකදී ඔහුව පසුකර යාමට මිට්ෂුබිශී ලාන්සර් වර්ගයේ මෝටර් රථයක් රථයක් පැදවූ අශාන් සිල්වා සමත්විය. එම පියවරත් සමග තරගය පුරාම සිය අණසක පැතිරවූ අශාන් පළමු වැනියා ලෙස තරගය අවසන් කළේය.

ශ්‍රී ලංකාවේ සිටින ප‍්‍රවීණ යතුරු පැදි ශුරයකු වන ආනන්ද වෙඩිසිංහ විවෘත එස්. එම්. කාණ්ඩයේ සුපිරි යතුරු පැදි ඉසව්ව ජය ගැනීමට සමත්විය. ඔහු පැදවූයේ යමහා වයි.

ඉසෙඞ්. 450 සී. සී. වර්ගයේ යතුරු පැදියකි. තුසිත් ගුණසේකර විසින් වෙඩිසිංහට තරමක තරගයක් දුන්නද, අවසානයේදී පහසුවෙන්ම තරගය ජය ගැනීමට ආනන්දට හැකිවිය.

තවමත් අවුරුදු 10 පමණ වයසැති ජේඞ්න් ගුණවර්ධන පැහැදිළි අනාගතයකට පෙරමං කියමින් ‘ආර්’ කාණ්ඩයේ සි. ධා. 125 දක්වා වන යතුරු පැදි තරගයේ තෙවන ස්ථානය දිනාගැනීමට සමත්විය. ටී. ඉසෙඞ්. එම්. 125 සී. සී. වර්ගයේ යතුරු පැදියක් පැදවූ ප‍්‍රභාත් පීරිස් මෙම ඉසව්වේ ජයග‍්‍රාහකයා විය. ජේඩින්ගේ සොහොයුරු ආරොන් ගුණවර්ධන ද එම තරගයට සහභාගී විය.

මෙම මෝටර් රථ තරගාවලිය ආසියානු මෝටර් රථ ධාවන සමාජය විසින් සංවිධානය කරයි.

සමස්ත ප‍්‍රතිඵල සටහන

ෆෝර්මියුලා මෝටර් රථ - සි. ධා. 1300 දක්වා පළමු තරගය (වට 10)

1. අමීර් ගෆූර් (ෆෝමියුලා මැක්ලරන්ස් 1300)
2. ලියාම් ලෙවරන්ස් (ෆෝමියුලා මැක්ලරන්ස් 1300)
3. කයිල් ක්‍රොස්ලන්ඞ් (ෆෝමියුලා මැක්ලරන්ස් 1300)

 

එස්. එල්. එන්. කාණ්ඩයේ මොටර් රථ - සි. ධා. 1000 දක්වා (වට 06)

1. මියිකල් විජේසූරිය (නිසාන් මාර්ච්)
2. උෂාන් පෙරේරා (නිසාන් මාර්ච්)
3. උෂාන් ද සිල්වා (නිසාන් මාර්ච්)

 

ෆෝර්ඞ් ලේසර් / මැස්ඩා සි ධා. 1300 දක්වා (වට 06)

1. සුසන්ත ගුණවර්ධන (ෆෝර්ඞ් ලේසර්)
2. රන්දික නිරෝෂන් (ෆෝර්ඞ් ලේසර්)
3. දමිත් වීරසිංහ (ෆෝර්ඞ් ලේසර්)

 

බජාජ් ‘ ඕ’ කාණ්ඩයේ යතුරු පැදි - සි. ධා. 160 දක්වා (වට 06)

1. තරිඳු ධනංජය (බජාජ් පල්සර් 150)
2. ශාන්ත රණසිංහ (බජාජ් පල්සර් 150)
3. එම්. සී. එස්. පෙරේරා (බජාජ් පල්සර් 150)

 

‘එම්’ කාණ්ඩයේ නවීකරණය කරන ලද යතුරු පැදි - සි. ධා. 125 දක්වා (වට 08)

1. චතුර මධුෂංක (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
2. ජෙෆ් ඇන්ඩි‍්‍ර චී (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
3. එන්. එස්. එම්. ශාසාන් (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)

 

‘ ඕ’ කාණ්ඩයේ යතුරු පැදි - සි. ධා 160 දක්වා (වට 06)

1. යසස් මධූශන (යමහා එෆ්. ඉසෙඞ්. 16)
2. එරන්ද සම්පත් (යමහා එෆ්. ඉසෙඞ්. 16)
3. නිමේෂ් බාලසූරිය (යමහා එෆ්. ඉසෙඞ්. 16)

 

එස්. එල්. ඒ කුඩා මෝටර් රථ - 7 (වට 06)

1. කේ. පරමේෂ්වරන් (ඔස්ටින් මිනි 1000)
2. ඩිලාන් පෙරේරා (ඔස්ටින් මිනි 998)
3. ශෂික විජේරත්න (ඔස්ටින් මිනි 1000)

 

ෆෝඞ් ලේසර් මැස්ඩා  - සි. ධා. 1500 දක්වා (වට 06)

1. ඉර්ෆාන් ෆෝඞ් (ෆෝඞ් ලේසර් 1500)
2. ශාන්ත පි‍්‍රයංකර (ෆෝඞ් ලේසර් 1500)
3. දුමිඳු ජයසිංහ (මැස්ඩා 323)

 

එස්. එල්. එච්. කාණ්ඩය - සි. ධා. 1600 දක්වා (වට 08)

1. ඩිලාන් සෙනවිරත්න (හොන්ඩා සිවික්)
2. අශාන් සිල්වා (හොන්ඩා සිවික්)
3. දිනේෂ් ජයවර්ධන (හොන්ඩා සිවික්)

 

සුබාරු ලෙගාසි - සි. ධා. 2000 දක්වා (වට 06)

1. ශාන්ත සුරවීර
2. උශාන් පෙරේරා
3. ප‍්‍රදීප් විජේසිරිවර්ධන

 

බජාජ් - සී. ධා. 200 ට වැඩි ති‍්‍රරෝද රථ

1. ඉශාන් හසන්ත
2. සුසන්ත කුමාර්
3. ගයාන් ප‍්‍රදීප්

 

‘ ඕ’ කාණ්ඩයේ - සි. ධා. 125 දක්වා යතුරු පැදි (වට 08)

1. චතුර මධුසංක (ඬේලිම් එන්. එෆ්.)
2. චමින්ද සුබසිංහ (හොන්ඩා ජේ. එක්ස්.)
3. ශිවන්ක පිලිප් (යමහා වයි. ඉසෙඞ්. එෆ්)

 

විවෘත එස්. එම්. කාණ්ඩයේ සුපිරි යතුරු  - පැදි (වට 12)

1. ආනන්ද වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ්. 450)
2. තුසිත ගුණසේකර (හොන්ඩා සී. ආර්. එෆ් 450)
3. කසුන් ධනුශ්ක (යමහා වයි. ඉසෙඞ්. 250)

 

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ - සි. ධා. 3500 දක්වා (වට 10)

1. අශාන් සිල්වා (මිට්ෂුබිශී ලාන්සර්)
2. ඩිලාන් සෙනවිරත්න (මිට්ෂුබිශී ලාන්සර්)
3. දිනේෂ් ජයවර්ධන (සුබාරු ඉම්ප්‍රෙසා)

 

ෆෝර්මියුලා මෝටර් රථ - සි. ධා. 1300 දක්වා දෙවැනි තරගය (වට 10)

1. අමීර් ගෆූර් (ෆෝර්මියුලා මැක්ලරන්ස් 1300)
2. ලියාම් ලෙවරන්ස් (ෆෝර්මියුලා මැක්ලරන්ස් 1300)
3. කයිල් ක්‍රොස්ලන්ඞ් (ෆෝර්මියුලා මැක්ලරන්ස් 1300)

 

ඡයාරූප: ශාන්ත රත්නායක විසිනි

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

අශාන් - ආනන්ද විශිෂ්ට දස්කම් දක්වති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site