IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අවුරුදු නැකැත් සීට්ටුවේ ගැටළුව විසඳයි

(මනෝප්‍රිය ගුණසේකර)

විවිධ මතිමතාන්තර වලට නොරැවටී රාජ්‍ය නැකැත් කමිටුව සකස් කරන ලද නැකැත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

1993 වර්ෂයේ පැවැත එන සම්ප්‍රදායට අනුව 2024 වර්ෂය සඳහා නැකැත් සීට්ටුව සකස් කර ඇත්තේ ප්‍රවීණ ජෝතීර්වේදීන් 22 දෙනකුගෙන් සැදුම්ලත් රාජ්‍ය නැකැත් කමිටුව විසින් බවද සඳහන් කරන විදානපතිරණ මහතා මෙම නැකැත් සීට්ටුව සකස් කිරීමට දායක වී එම නැකැත් නිවැරදි බවට අත්සන් කළ එක් ජෝතීර්වේදීයකු තවත් සුළු පිරිසක් සමඟ එක්වී සාම්ප්‍රදායික ක්‍රමයට අභියෝග කිරීම නිසා මේ තත්වය උද්ගතව ඇතැයිද සඳහන් කර ඇත.

මෙම පිරිසගේ විරෝධතාවයන් අපගේ සංස්කෘතික සම්ප්‍රදායන්ට පටහැනි හෙයින් විවිධ මතිමතාන්තවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කර ඇත.

 



අදහස් (21)

අවුරුදු නැකැත් සීට්ටුවේ ගැටළුව විසඳයි

Ahmed (Gulf) Tuesday, 26 March 2024 12:10 AM

මුන්ට පිස්සු .මෙච්චර කෙලවෙලා තියෙන්නේ රටටන් තොපේ නැකත් බලලා බොල

:       10       114

naduli lisathma harshadeva Tuesday, 26 March 2024 03:56 AM

තෝ හරි බොල , සම්පුර්ණ ඇත්ත.

:       0       0

saman Dissanayake Tuesday, 26 March 2024 04:31 AM

පිස්සෝ . නැකතට කරලනේ මෙච්චර හරි ගිහින් තියෙන්නේ.

:       2       38

Indhika Tuesday, 26 March 2024 05:07 AM

නැකතත් හූනටමයි.

:       0       7

වර්ණසින්හ Tuesday, 26 March 2024 06:40 AM

මෙතුමා කියන්නේ මහ රාත්‍රී නැකතට අනුභව කරල වැඩ අල්ලන්න කියලද ? එහෙම කියන්න ජෝතිෂය සම්බන්ධ දැනුම මොකක්ද?

:       0       2

සත්‍යපාල Tuesday, 26 March 2024 06:48 AM

බොහොම ස්තුතියි ! මෙවර අවුරුදු නැකත සැකසූ ජ්‍යෝතිෂවේදී මහතාත් එය අගය කරමින් අදහස් දැක්වූ මැතිතුමන්ලාත් තවත් අතිප්‍රශිද්ධ ජ්‍යෝතිෂවේදී මැතිතුමාලා කීප දෙනෙක් කර්තෘවරුන් ලෙසට එකමුතුව පලකල සුරගුරු ජ්‍යොතිෂ සගරාවේ 2011 ජූලි -අගෝස්තු කලාපයේ 7 වැනි පිටුවේ2011 නොවැම්බරයේ දී ශ්‍රී ලංකාවෙන් ඛනිජ තෙල් කියා ලිපියක් පලවී තිබුණා ඒක 2010 ජනාධිපතිවරණය අවසන් වෙලා රටට සුබ අනාගතයක් උදාවෙනවා කියලා වන්දි භට්ට කම් පෙන්නීමට ලිපියක් පලකර තිබුණා..........?

:       0       6

විදුර Tuesday, 26 March 2024 07:52 AM

වැදගත්ම පුවත...

:       1       19

නලින්ද ශ්‍රීනාත් වීරසිංහ Tuesday, 26 March 2024 08:10 AM

ජනාධිපතිගේ සිට සියළුම දේශපාලකයින් නැකත් අනුව දිවුරුම්දී වැඩ ආරම්භකර රටම කා විනාශකළ එක හැර ඔය නැකත් වලට වැඩකළ අයගෙන් රටට වුන යහපත මොකක්ද?

:       2       18

Senaka Tuesday, 26 March 2024 08:45 AM

අපේ රටේ අයගේ වගකීමක් නැති කම මේ ප්‍රවුර්තියේ සිරස්තලය කියවනවිට පේනවා.

:       0       8

මිලින්ද Tuesday, 26 March 2024 09:35 AM

සංකෘතික ලේකම්තුමා කියන්නෙ 1993 සිට පැවතෙන චාරිත්‍ර කරන්න කියලා තමයි එතකොට මට නම් රටට මොකක්වේද කියලා බයකුත් ඇතිවෙනවා දැන් තියෙන්නෙ ඒකාලේ හිටපු සංකෘතික ඇමති විජමු ඇතිකල චාරිත්‍රයක් මිස මේක ලංකාවෙ තිබුන සංකෘතියක් නොවෙයි පොඩ්ඩක් හිතන්නකෝ ඒ අවුරුද්දේ අවුරුදු නැකැත් අනුව ආහාර අනුභව කරල දින කීපයකට පස්සෙ ලෝක කම්කරු දිනය සැමරුමේදී මොකක්ද වුනේ කියලා හිටපු ජනාධිපති මහමගදී බෝම්බ ප්‍රහාරයක් නිසා මියගියා නේද කියලා

:       0       11

විජිත් Tuesday, 26 March 2024 05:58 PM

මම මේ කතාකරන්නේ නැකත් ගැන නොවෙයි .".. හිටපු ජනපති මහමගදී බෝම්බෙකින් මිය ගියා.." කියන්නේ එදා රටට ලොකු වාසනාවක් උදාවීමක් !!! , එයා තවත් ජීවත්වුණා නම් එක කොල්ලෙක්, කෙල්ලෙක් මේ රටේ හොයාගන්න බැරිවෙන්නත් තිබුණා...

:       0       1

Malika Tuesday, 26 March 2024 11:04 AM

නැකත්වලට හැමදාම වැඩ කරලා බංකොලොත් වුන එකම රට.

:       1       25

චමින්ද Tuesday, 26 March 2024 05:05 PM

2015 ගොන්මන් වෙලාවෙ (ගෝදූලි මුහුර්ථය කියලා) අලුතින් පත්වූ ජනාධිපති සමග අගමැති දිවුරුම් දුන්නා. මොකක්ද වුනේ කියලා කාටකාටත් මතක ඇතිනේ ඒකේ විපාක එදා පත්වූ ජනාධිපති තවමත් අපිට මතක් කරනවා. එදා අගමැති පත්වෙලා ඊළඟ මැතිවරණය වෙලාවේ අවුරුදු 75 ඉක්මවා තිබුණු එජාපය බිංදුවට වැටුණා (ගොන්මන් වෙලාවට එන බව අවතාර අදහයි පිටිසරේ හැම ගැමියෙක් නෑර ... කියන කවියක් මතක් වුණා... එහෙම විශ්වාස කරන පිටිසර ගැමියා ගොම්මනේ හා ඉරමුදුන් වෙලාවේත් මධ්‍යම රාත්‍රියේ සුබ වැඩ කරන්න මැලිකමක් දැක්කුවා)

:       0       0

Lelwala Tuesday, 26 March 2024 11:42 AM

මහ රෑ නැකත් හදන්නෙ යක්කුන්ටද?

:       1       11

Bunny Preena Tuesday, 26 March 2024 11:53 AM

තමන්ට පහසු වෙලාව තමයි හොඳම වෙලාව

:       0       16

chandana Tuesday, 26 March 2024 01:57 PM

සිංහල හින්දු අලුත් අවුරුද්ද යනු සම්පූර්ණයෙන්ම ජ්‍යේතිෂය මත පදනම් වූවක් නොවන බව පළමුව තේරුම් ගතු යුතුය. මෙම අලුත් අවුරුද්ද හා බැඳුණූ ජාතික ආගමික සංස්කෘතිය සියල්ලන්ටම වඩා වැදගත් බව දෙවනුව තේරුම් ගත යුතුයි. මේ දෙකම සමබරව පවත්වාගෙන යාම වඩා උචිත බව තුන්වනුව තේරුම් ගත යුතුයි. විශේෂයෙන්ම සිංහලයා ජ්‍යෝතිෂය ඉක්මවා ගිය හර පද්ධතියක් සිංහල අවුරුද්ද තුළ පවත්වාගෙන යයි. මෙවැනි විකාර නිසා සංස්කෘතියත් ජ්‍යෝතිෂයත් දෙකම පිරිහේ. එසේ පිරිහුණු පසු කතා කිරීමට උත්සවයක් ඉතිරි නොවනු ඇත. මක් නිසාද යත් පිරිහුණූ මිනිසුන් පිරිහුණු සම්ප්‍රදායන් පවත්වාගෙන ගියද, උගතුන් පිරිහුණූ කිසිවක් කරපින්නාගෙන නොයන බැවිනි.

:       0       5

සම්මා Tuesday, 26 March 2024 02:49 PM

ඔය වගේ හදපු නැකත් සීට්ටුව වැරදියි කියලා පියසේන රතුවිතාන මහතා ඇතුළු බොහෝ දෙනා කියද්දී ගණන් ගත්තේ නෑ. ඔවුන් කිව්වා රට මළගෙයක් වන නැකැත් කියලා. 2016 වගේ මතක. එදා අවුරුදු කන අතරේ තමයි මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටීම වුණේ. මිනිසුන් ගානක් ගෙවල් පිටින් යටවෙලා මැරුනේ.

:       1       2

NandathissaTuesday, 26 March 2024 05:15 PM

ඒක සිදුවුණේ 2017 අවුරුදු නැකැත් සඳහා කියලා මතකයි... ඒ ප්‍රශ්නය මතුකලේ ගුණපාල සූරීන් සමග රතුවිතාන සූරීන් තමයි. ඒ වෙනුවෙන් ගුණපාල සූරීන් පොතකුත් ලිව්වා. පොතේ නම පූර්වාදර්ශ නොවියයුතු 2017 සිංහල අවුරුදු නැකැත්. ඒ පොත ගුණපාල මහතාගෙන් මිලට ගන්න පුළුවන් කියලා හිතෙනවා...

:       0       1

සෙනෙවිරත්න Tuesday, 26 March 2024 03:13 PM

සම්මා, එතකොට 2019 අප්‍රේල් 21 මැරුනෙ කතෝලිකයො නිසාද ඒ නැකතට මිනිස්සු මැරුනට කමක් නැත්තෙ? මීතොටමුල්ලෙ මැරුනෙ බෞද්ධයන් නිසා වෙනමද? ජෝතීශ්‍ය කියන්නෙ වැල යන පැත්තට මැස්ස ගහන නොදියුණු එකක් කියන එක ඔබ තුමාට 2016 මීතොටමුල්ල එක විදියටත් පාස්කු ප්‍රහාරය වෙන විදියටත් පෙනීමෙන්ම වටහත හැකියි

:       0       0

විපරමා Tuesday, 26 March 2024 03:46 PM

නැකතට වෙලාවට වැඩ පටන් ගත්තු දූෂිත දේසපාලුවන්ට වෙච්චි දේවල් වල හැටියට නැකත් පත..

:       0       0

Namal peris Tuesday, 26 March 2024 04:44 PM

නැකත් පත...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 81 0

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.


මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 92 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 827 0

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 1466 8

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි
2024 අප්‍රේල් මස 27 1599 0

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.


බෝමිරියෙන් හමු වූ කුඩු ගැන තවත් තොරතුරු
2024 අප්‍රේල් මස 27 114 0

කඩුවෙලා බෝමිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් තිහක් සමගින් එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 353 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1737 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1575 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site