IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


අවුරුදු 70 ට වැඩි සෑම අයෙක්ම නිවාසවලම රැදෙන්නැයි බ්‍රිතාන්‍ය රජයෙන් උපදෙස්

වයස අවුරුදු 70 ට වැඩි සෑම බ්‍රිතාන්‍ය ජාතිකයෙකුටම ඉදිරි සති කිහිපය තුළ නිවසේ රැඳී සිටින ලෙස දැනුම් දෙන බව සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසයි.

කොරොනා වයිරසයෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර අනුගමනය කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ.
මෙම උපදෙස් තවම බලාත්මක නොවන නමුත් ක්‍රියාවලිය ආරම්භ වූ විට ඉතා දිගු කාලයක් පවතිනු ඇති බව ද ඔහු පැවසීය.

"මේ රටේ සෑම පුද්ගලයෙකුම පීඩාවට පත්වනු ඇත," ඔහු අනතුරු ඇඟවීය.

70 ට වැඩි අය සහ ඇතැම් අයහපත් සෞඛ්‍ය තත්වයන් ඇති තරුණ තරුණියන් නිවසේ රැඳී සිටීම අවශ්‍ය වන අතර සිල්ලර බඩු හා අත්‍යවශ්‍ය ඖෂධ නිවසටම ලබා දීමට කටයුකු කළයුතු බව සෞඛ්‍ය ලේකම්වරයා පැවසීය.
මේ දක්වා බ්‍රිතාන්‍යයේ වෛරසයෙන් මියගිය සියලුම දෙනා වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් හෝ වෙනත් රෝග වැළඳුණු පුද්ගලයන් වේ.

හැන්කොක් මහතා පැවසුවේ රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින්ට වැඩිහිටි ඥාතීන් හා මිතුරන් හමුවීමට හැකි වන නමුත් ඔවුන්ට මීටර් දෙකක් පමණ දුරින් රැඳී සිටිය යුතු බවයි.

යුද්ධය පැවති කාලයේ අනුගමනය කළ ක්‍රියාමාර්ග සිහිගන්වමින් මෝටර් රථ නිෂ්පාදකයින්ට වෛද්‍ය උපකරණ නිෂ්පාදනය කරන ලෙසත් හෝටල් රෝහල් බවට පත් කරන ලෙසත් ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය.

කොරොන වයිරසයට ප්‍රතිකාර කරන රෝහල්වල අවශ්‍යතා නිපදවීම සඳහා මෝටර් රථ නිෂ්පාදකයින්, ආයුධ නිෂ්පාදකයින් සහ හමුදා සැපයුම්කරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන වෙනස් කරන ලෙස මේ අනුව බ්‍රිතාන්‍ය රජය ඉල්ලා ඇත.

(බීබීසි ඇසුරිණි - 085)

 

 

 



අදහස් (2)

අවුරුදු 70 ට වැඩි සෑම අයෙක්ම නිවාසවලම රැදෙන්නැයි බ්‍රිතාන්‍ය රජයෙන් උපදෙස්

vidya Sunday, 15 March 2020 06:22 PM

වයස හැත්තෑවට වැඩි ගොයියෝ පාර්ලිමේන්තුවට යාමත් වළක්වන්න...

:       18       235

මුණසිංහ Monday, 16 March 2020 01:51 AM

සමහර අය මේ වෙලාවේත් විකාර කමෙන්ට්ස් දාන බවක් පේනවා. කතුවරයා ඒ ගැන අවධානය යොමු කළොත් හොඳයි. ලංකාවේත් අවු 70ට වැඩි අය නිවස තුළම රඳවා ගැනීම වඩාත් ආරක්ෂාකාරී වනු ඇති...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 19 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 864 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site