IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අවුරුදු අටේ මනාලයා

 

මනාලියට දරු දෙදෙනෙක්

 

දකුණු අපි‍්‍රකාවේ ෂවේන් නමැති කුඩා නගරයේ සිදුවූ අපූරු විවාහ උත්සවයක් පසුගියදා විදෙස් මාධ්‍යවල අවධානයට ලක් විය. මේ අපූරු විවාහ මංගල උත්සවයේ මනාලියගේ වයස අවුරුදු 61 කි. මනාලයාට වයස අවුරුදු 8 කි. විවාහ මංගල උත්සවය ඉකුත් 11 වැනිදා සිදුවුණත් මේ මංගල උත්සවයට පසුබිම් වූ කතාව සිදුවී ඇත්තේ මීට මාස දෙකකට පෙරය.
මාස දෙකකට පෙර එක් දිනක රාති‍්‍රයේ මනාලයා වූ අට හැවිරිදි සනේලේ මසිලේලාට ඔහුගේ සීයා හීනෙන් පෙනී ඇත. සීයා ඔහුට පවසා ඇත්තේ 61 ක් හැවිරිදි විවාහක කාන්තාවක වන හෙලෙන් ෂබන්ගූ සමඟ විවාහ වන ලෙසටය. සනේලේගේ සීයා ජීවතුන් අතර සිටිද්දී එම තරුණියට පෙම් කොට ඇති බව ද අවතාරයක් ලෙසින් පැමිණ ඔහු සනේලේට පවසා ඇත.
සෙනේලේ මේ බව ඔහුගේ මවට පැවැසීය. සෙනේලේගේ මව 46 හැවිරිදි කාන්තාවකි. දරුවන් පස් දෙනකුගේ මවක වන ඇය පේෂන්ස් මසිලේලාය. සෙනේලේ පවුලේ බාලයාය.
දකුණු අපි‍්‍රකාවේ ෂවේන් නගර වැසියෝ ඔවුන්ගේ මියගිය මුතුන්මිත්තන්ට ගෞරව කරති. මළ ගිය ඇත්තන් සතුටු කිරීම මරණින් මතු ජීවිතය යහපත් කරාවි යැයි ඔවුහු විශ්වාස කරති. ඒ අනුව මළ ගිය සීයා සතුටු කිරීමේ අරමුණින් ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමට හෙලේනා විවාහ කර ගැනීමට මසිලේලා සෙනේලේට අවසර දුන්නාය.
‘සෙනේලාගේ සීයා සෙනේලාට හරිම ආදරෙයි. සීයා කළ ඉල්ලීම ඉවත දමන්න සෙනේලා හෝ මා හෝ කැමැති වුණේ නැහැ’ යැයි සෙනේලාගේ මව මසිලේලා පවසන්නීය. ‘මෙවැනි මංගල උත්සවයක් මීට පෙර අප නගරයේ හෝ රටේ හෝ සිදුවී නැහැ. මාස 2 ක් ඇතුළත කෙටි කාලයකදී විවාහ උත්සවයේ කටයුතු සිදු කෙරුණා.’ යැයි ද මසිලේලා පැහැදිලි කරන්නීය.
මෙම ‘පෙරැළිකාර’ විවාහය නිසා මුළු දකුණු අපි‍්‍රකාව කැළැඹී ගිය නමුත් මසිලේලාගේ මව සියල්ල පැහැදිලි කරමින් කියා සිටියේ විවාහය නීත්‍යානුකූල එකක් නොවන බවත්, විවාහ සහතිකයක් නිකුත් නොකෙරුණු බවත් එය චාරිත‍්‍රානුකූලව සිදුවූ උත්සවයක් පමණක් බවත්ය.
විවාහ උත්සවයට අමුත්තන් 100 දෙනකු පමණ පැමිණ සිටි අතර මුදු මාරු කර ගැනීමෙන් අනතුරුව පුංචි සෙනේලාට ඔහුගේ අලූත් මනමාලියගෙන් හාදුවක් ද හිමි විය. විවාහයෙන් පසු, සීයාගේ ආත්මය සතුටු කිරීමෙන් පසු, මානාල යුවළ යළි තම තමන්ගේ නිවෙස් බලා ගියහ.
එම ‘නාමික’ විවාහ උත්සවයෙන් පසු සනේලේ පැවැසුවේ තමා පාසල් කටයුතු හොඳින් කරගෙන යන බවත්, වැඩි වියට පත් වූ පසු තමාට ගැළපෙන කෙනකු සමඟ විවාහ වන බවය.
හෙලේනා ෂබන්ගූ පුංචි සනේලේට මිත්තණියක වැනිය. ඇයට වයස අවුරුදු 37 ක් හා 27 ක් වයසැති දරු දෙදෙනකු සිටින අතර ඔවුහු විවාහකය. හෙලේනා කියා සිටියේ මළගිය ආත්මයකට සැනසිල්ලක් දීමට ලැබීම ගැන ඇය සතුටු වන බවත් විවාහ වීමට තමා කැමැත්ත පළ කළේ එම නිසා බවත්ය.

 

ඬේලිමේල් ඇසුරිනි - ලූසිත ජයමාන්න

 

මනාලයා සිය මව සමග මංගල උත්සවයට පැමිණෙමින්

 

 

විවාහ උත්සවයේ අවස්ථාවක්

 

අතගත් මොහොත

 

නව යුවළ

 



අදහස් (0)

අවුරුදු අටේ මනාලයා

පාල Sunday, 17 March 2013 04:12 PM

මට විශ්වාස කල නොහැකි උනා (දී)

:       0       0

ජයතිස්ස Sunday, 17 March 2013 05:51 PM

මට දුකයි මේ පොඩි ළමයා දැක්කාම (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site