IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අවම වේතන වැඩි කරන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

සේවකයන්ගේ ජාතික අවම වේතනය පත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2025 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනා කර ඇත. 

ඒ අනුව, පහත සඳහන් පරිදි ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික චේතනය සංශෝධනය කිරීමටත්, ඊට අදාල අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් කම්කරු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

2025-04-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17,500/- සිට රුපියල් 27,000/- දක්වා රුපියල් 9,500/- කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නැංවීම. 

2025 -04-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික චේතනය රුපියල් 700/- සිට රුපියල් 1,080/- දක්වා රුපියල් 380/- කින් ඉහළ නැංවීම එම යෝජනා වේ.

2026-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 27,000/- සිට රුපියල් 30,000/- දක්වා රුපියල් 3,000/- කින් ජාතික අවම මාසික චේතනය ඉහළ නැංවීම.

2026-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික චේතනය රුපියල් 1,080/- සිට රුපියල් 1,200/- දක්වා රුපියල් 120/- කින් ඉහළ නැංවීම  එම යෝජනා වේ.



අදහස් (1)

අවම වේතන වැඩි කරන්න කැබිනට් අනුමැතිය

Kamal Koyrala Tuesday, 08 April 2025 05:21 PM

වේතන වැඩි කරන මෙන්ම විශමතා නැතිව කලට වේලාවට ඉදිරියට යන වෙවේතන ක්‍රමයක් ඇති කරන්න රජය විසින් සේවකයන් වැටුප් විශමතා කියා පාරට බස්සන්නේ නැතිව, වැඩීවීම් මෙන්ම මහජන සේවාවත් අකුරටම ඉටු විය යුතුයි . මේ රජයේ මුදල් නොවේ මහාජනතාවගේ බදු මුදල්."

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site