IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


අවදානම් කළමනාකරුගෙන් සාක්කි විමසීමේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් නිලධාරියා එළියට

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

ලංකා බැංකුවේ හිටපු අවදානම් කළමණාකරු ජේ.කේ. ධර්මපාල මහතා බැඳුම්කර කොමිසම හමුවේ දෙන සාක්කිය අසා සිටි පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා කොමිසමෙන්  පිටතට  යැවීමට කොමිසම අද (07) පියවර ගත්තේය.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා කොමිෂන් සභා ශාලාවට වී එහි කටයුතු සිදු වන අයුරු නීරීක්‍ෂණය කරමින් සහ ධර්මපාල මහතා බැඳුම්කර කොමිසම හමුවේ දෙන සාක්කිය අසා සිටින බව කොමිසමට දැනුම් නොදීම සම්බන්දයෙන් මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා කොමිසමට සිය කණගාටුව පළ කළේය.
 
දිවා විවේකයෙන් අනතුරුව කොමිසමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී කොමිසම ඇමතූ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන නමැත්තා කොමිෂන් සභා ශාලාවට වී එහි කටයුතු සිදු වන අයුරු නීරීක්‍ෂණය කරමින් සහ  ධර්මපාල මහතා බැඳුම්කර කොමිසම හමුවේ දෙන සාක්කිය අසා සිටින බවට පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා කොමිසමට දැනුම් නොදීම බරපතල වරදක් යැයි පැවසීය.

ඒ අවස්ථාවේදී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා කොමිසම අමතමින් මෙම සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන පුද්ගලයෙකු වන අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කොමිසමට වී දෙන සාක්කි වලට සවන් දෙන්නේ යැයි කීය.

ධර්මපාල මහතාගෙන් හරස් ප‍්‍රශ්න විමසීමට පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ පළිසේන මහතාගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය නිසා ඔහුට කොමිසමට පැමිණීමට දැනුම් දුන්නේ යැයිද පළිසේන මහතා මෙම කොමිසමට කැඳවුයේ ඒ හැර වෙනත් හේතුවකින් නොවේ යැයිද ජනාධිපති නීතීඥ ප‍්‍රනාන්දු මහතා කීය.

කෙසේ නමුත් පළිසේන මහතා මෙම කොමිසමට කැඳවීමෙන් කොමිසමට යම් අපහසුතාවයක් සිදුවුයේ නම් ඒ සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ ප‍්‍රනාන්දු මහතා සිය කණගාටුව පළ කළේය.



අදහස් (0)

අවදානම් කළමනාකරුගෙන් සාක්කි විමසීමේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් නිලධාරියා එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site