IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අලි 20 ක් කොමඩු වගාව විනාශ කරලා

 

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව කොට්ටුකච්චිය රන්සේල ගම කොමඩු වගාවකට කඩා වැදුණ 20 කට වැඩි  වල් අලි රංචුවක් එම වගාවේ අස්වැන්න නෙලීමට තිබු කිලෝ 3000 කට ආසන්න ප්‍රමාණය විනාඩි 30 යාමටත් පෙර ගිල දමා වගාවද වනසා ගොස් ඇති බව ඉඩම් හිමියා පවසයි.

අද (27) අලුයම කඩා වැදි ඇති මෙම වල් අලි රංචුව අක්කර 2 කට වැඩි භුමියක තිබු අස්වැන්න නෙළිමට දින කිපයක් පමණක් තිබු කොමඩු කිලෝ 3000 මෙලෙස ගිල දමා පිටව ගොස් ඇත්තේ එහි තිබු ජල නල පද්ධතිය ඇතුළු අනිකුත් දෑ වනසමින් බව මෙම ඉඩමේ හිමිකරු වන ආර්.ඩි.සුනන්ද ජයසිංහ මහතා පවසයි.

වගාවේ පලමු අස්වැන්න එකේ කිලෝ 3000 කට වැඩියි.කොමඩු වලින් විතරක් ලක්ෂ හතරක වැඩි පාඩුවක් වෙලා.ඒ මදිවට ජල නල පද්ධතිය,පොල් පැළ වනසලා එවත් ලක්ෂ 4 කට වැඩි පාඩුවක් වුණා .

දැන් කරකියා ගන්න දෙයක් නැති වෙලා.දහ දුක් විදලා වගා කලාම අලින්ට කන්න දිලා අපි බලන් ඉන්න වෙලා.

මම දැන් දහ අතේ කල්පනා කරන්නේ ඉතිරි වගාවන් කර ගන්නේ කොහොමද කියලා.වල් අලින්ගෙන් අපිට තිබෙන කරදරය දැන් අවුරුදු 10 කට වැඩියි.

ඒ මදිමට මේ රන්සේල මග අවට තිබෙන ඉඩම් වැඩි ප්‍රමාණයක් කොළඹ අයට ඒ අක්කර 100 විතර කෑලෑවට වැහිලා ගිහින් ඒවාගේ තමා අලි නතර වෙන්නේ මේ ඉඩම් වෙන කාට හරි දිලා වගා කරවන්න කියලා තමයි අපි ඉල්ලන්නේ යැයි  වගාවේ හිමිකරු සඳහන් කළේය.



අදහස් (0)

අලි 20 ක් කොමඩු වගාව විනාශ කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site