උඩවලව ජාතික වනෝද්‍යානයේ අලි පැටවකු සොරකම් කිරිමට පසුගිය මැයි පළමුවැනිදා රාත‍්‍රී ගල්පාය දික්යායට පැමිණි පිරිසට එරෙහි නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්කි නැති බවට වන ජීවී දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයය එවු වාර්තාවක් සැලකිල්ලට ගත් ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා එන් ද සිල්වා මහත්මිය නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත්කර තිබූ අංක රහිත ට‍්‍රැක්ටරය ඇතුළු භාණ්ඩ රාජ සන්තක කිරිමට නියෝග කළාය.
සුඛෝපභෝගී වාහන වලින් පැමිණ පිරිසක් අලි පැටියෙකු පැහැරගෙන යන බවට ලද තොරතුරු මත වනජිවී නිලධාරින් උඩවලව ගල්පාය දික්යාය ප‍්‍රදේශයේදි ප‍්‍රදේශවාසින්ගේද සහාය ඇතිව වැටලු අවස්ථාවේ අලි පැටියා සහ අලි පැටියා පැහැරගෙන පාරට ගෙන එන්නට යොදාගත් ට‍්‍රැක්ටරය අතරමග දමා පළාගියේය.
අලිපැටියා පැහැරගෙන යාමට පැමිණි වාහන අංක සහ ඔහු පැහැරගත් බවට සැකකළ පුද්ගලයන් කවුරුන්ද යන්න ඔවුන් කළ ප‍්‍රකාශ ද සටහන් කරමින් ගොඩකවෙල පොලිසියට පැමිණිලි කර තිබිණි. එම සිද්ධිය වාර්තා කළ මාධ්‍යවේදී මහින්ද පුෂ්පකුමාරට මැර ප්‍රහාරයක් එල්ල විය. මැරයෝ ඔහුගේ වීඩියෝ කැමරාවද කඩා බිඳ දැමුහ.
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
‘අලි හොරකමට සාක්කි නැතිලු‘
කොළඹගේ Monday, 25 August 2014 02:43 AM
පද්මිණි ගේ කතාව සහතික ඇත්ත (නදී)
අජිත් කරුණාරත්න Monday, 25 August 2014 03:14 AM
පිටිගල, මම ඉන්නෙත් එම ස්ථානයට කිට්ටුවනේ. (නි)
පියුම් Sunday, 24 August 2014 05:54 AM
මේවා දේශපාලුවන්ගේ වැඩ (නදී)
චමින්ද Sunday, 24 August 2014 05:54 AM
කවුරුත් ආසයි වැඩි කාලයක් ජීවත් වෙන්න.
චමත් ඉතාලිය Sunday, 24 August 2014 06:34 AM
මේ ඇවිල්ලා දවල් මිගෙල් රෑ දනියල්ගේ වැඩක් නිසා වන ජිවියට සාක්ෂි තිබුනත් පොලිසියට සාක්ෂි නැතිව ඇති.... අනේ පව් අහිංසකයෝ...අඩුම ගානේ මහේස්ත්‍රාත් බඩු ටිකවත් රාජසන්තක කරපු එකත්වත් ලොකු දෙයක් ... අධිකරණයට වුනත් තේරෙනවනේ .... කවුද මේවා කරන්නේ කියලා ....මොනවා කරන්නද මේ ලංකාවනේ කියලා හිත හදාගමු.(දිල්)
බණ්ඩා Sunday, 24 August 2014 06:36 AM
අපේ වනජීවී ඇමති තුමා නම් මේ ගැන දන්නේ නැතුව ඇති දැනගතනම් ලේසියෙන් අරින්නේ නැහැ (දිල්)
ලුම්බිණි Sunday, 24 August 2014 07:29 AM
අපි දන්නවා ඕවට කිසිම සාක්කියක් නැති බව. (දිල්)
සදුනි Sunday, 24 August 2014 08:02 AM
ට්‍රැක්ටර් අයිතිකාරයව හොයා ගත්තනම් ඕක අල්ලන්න බැරිද? (දිල්)
ඉසුරන්දි Sunday, 24 August 2014 08:07 AM
එක පැත්තකින් බැලුවම මේ සත්තු මෙහෙම සංරක්ෂණය වෙන එකත් හොදයි වගේ මිනිසුන්ගේ වෙඩි උණ්ඩේට දුම්රියට යටවෙලා මැරෙනවට වඩා.(දිල්)
ටිකිරි බණ්ඩා Sunday, 24 August 2014 08:18 AM
රටක නීතියේ අදිපත්‍ය විනාස වෙනකොට අනිකුත් සියල්ලම විනාසය කරා යනවා.(දිල්)
කුමාර Sunday, 24 August 2014 08:33 AM
"වැටත් නියරත් ගොයම් කා නම්, කාට පවසමු ඒ අමාරුව" (දිල්)
අපොන්සු Sunday, 24 August 2014 09:16 AM
අලි පැටියව හිරේ දැමිය යුතුයි නේද? තමන්ගේ තනි කැමැත්තෙන් රැහෙන් පැනල ඇවිත් වාහනේකට ගොඩ වෙලා ආවට. (දිල්)
මංජු ශ්‍රී Sunday, 24 August 2014 10:01 AM
මේ ට්‍රැක්ටරයෙන් හොයන්න පුළුවන්නේ අංක තියනවා නේද (දිල්)
වසන්ත Sunday, 24 August 2014 10:56 AM
මේ රටේ බලධාරින්ගේ වැඩ ගැන කල කිරෙනවා.. මේවාට වන්දි කවදා හෝ ගෙවන්ඩ වෙයි. .(අ)
ඉසුරු Sunday, 24 August 2014 11:40 AM
අනේ මෙහෙමත් වැඩ(දිල්)
පිටිගල Sunday, 24 August 2014 12:38 PM
ගුරුවරිය දන ගැස්සු නඩුවේ සාක්කි කරුවෙක්ගේ මළ සිරුර ළිඳක තිබුණාලු. ඇස් දෙකට දැක්කත් සාක්කි දෙන්න කවුද අද ඉදිරිපත් වෙන්නේ? අපොන්සු කිව්වා වගේ අලි පැටවාගෙන් ම තමයි සාක්කි අහන්න තියෙන්නේ.(දිල්)
අජිත් කරුණාරත්න Sunday, 24 August 2014 01:40 PM
පිටිගල මොකද බියගම මතක් වුණේ නැද්ද? (අ)
සේන Sunday, 24 August 2014 01:45 PM
අපොන්සු මහත්මයෝ, අලි පටියාන දඟකාර කමට එහෙම දෙයක් කර කියමුකෝ, (අ)
තිලක් Sunday, 24 August 2014 02:42 PM
මේ ට්‍රැක්ටරේ කාගේද කියල පොලිසියට හොයා ගන්න බැරිලුද. මොන විහිලුවක්ද? (අ)
පද්මිණි Sunday, 24 August 2014 04:32 PM
මේවා හොඳයි කොන්ඩෙ බැඳපු චීනුන්ට. ඇත්තටම මහජනතාව මේ තරම් මෝඩයෝ බවට සලකපු වෙනත් කාලයක් තිබුනේ නැහැ. (අ)
පිටිගල Monday, 25 August 2014 01:47 AM
අජිත්ට මොකද හදිසියේම බියගම මතක් උනේ. ගියාද ඒ පැත්තේ ලඟදි? අර වැඩේ තාමත් ජයටම කෙරෙනවා දැන් කොම්පුටර් ගත කරලා.ලොකු ලොක්කන්ගේ අනුග්‍රහයත් ඇතිව. ලිව්වට වැඩක් නැහැ. පත්තරේ පලවෙන්නේ නැහැ. පලකරන්න මාද්‍ය වේදියෝ පස්ස ගහනවා. ඒ ගොල්ලත් අඹු දරුවෝ ඉන්න පෘතග්ජන මිනිස්සුනේ.? (නදී)