IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අලි හිමියෝ ඇතා පිටින් ඇමැති හමුවට

ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන් හදුනා ගැනීමේ නිසි ක්‍රම වේදයක් හඳුන්වා දෙන්නැයි කියමින් හීලෑ අලි ඇතුන්ගේ සංගමය අලි පෙරහරකින් පැලවත්තේ සිට  ගොස් වනජීවී ඇමැතිට අද (26) සන්දේශයක් බාර දීමට යයි.

මහනුවර දළදා මාලිගාවේ   දියවඩන නිළමේ නිලංග ප්‍රදීප් දෑල බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ගමන සුදානම් කැර ඇත.

අලි ඇතුන් 21 දෙනෙක්ගේ පිට නැගී අමාත්‍යංශයට යාමට නියෝජිතයෝ සැරසෙති.

ලංකාවේ හීලෑ අලි ඇතුන් 135 දෙනකු පමණ සිටින බවත්  අයිතිකරුවනට එම සතුන් පිළිබඳ නිත්‍යනූකූල ලියැවිල්ලක් අවශ්‍ය බවත් ඔවුහු කියති.

වන ජීවී නිලධරයින් පවසනුයේ හීලෑ අලි ඇතුන් හිමිකරුවන් වාර්ෂික බලපත්‍රයක් නිකුත් කරන බවයි.

කෑලෑවල සිටින අලි පැටවුන් හොරෙන් අල්ලා විකිණිමේ ජාවාරමක් ඇතැයි පරිසරවේදීහු කියති.

 

 

 



අදහස් (0)

අලි හිමියෝ ඇතා පිටින් ඇමැති හමුවට

කුමාරි Wednesday, 26 March 2014 11:09 AM

අලියෙක් වුණත් වටුවෙක් උනත් තමන්ගේ නිදහසට කැමතියි. මේ සතුන්ට වද හිංසා කරන්න එපා.ආදරෙන් රැක බලා ගන්න. (ස)

:       0       0

ලාල් Wednesday, 26 March 2014 11:22 AM

අනවසර අලි පැටවුන් වටලන කොටද ඕව මතක් වෙන්නේ? (ස)

:       0       0

සමන්ති Saturday, 29 March 2014 09:41 PM

ඇත් ගොව්වනි, ඔබලා අලිහිමියන්ට කඩේ ගියාට වැඩක් නැත .ඔබලාට නියමිත වැටුප් ක්‍රමයක් ,අර්ථසාධක හා සේවක ප්‍රතිලාබ දීමනා , ජීවිත රක්ෂණ , අතිකාල , ගමන් ගාස්තු ආදිය ලබාගැනීම සඳහා යොමුවන්න .(අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 26 March 2014 02:42 PM

හීලෑ අලි දැනගන්නේ ආයුබෝවන්ඩ හෙන්ඩුවෙනුයි ඇත්ගොව්වගේනුයි නේ. (ස)

:       0       0

සමන්ති Thursday, 27 March 2014 06:45 PM

සැම සත්වයෙකුම සමුහ වශයෙන් ජීවිතය ගෙනයාමට ආසයි. අපිට මෙන්ම ඔවුන්ටත් සිතිවිලි ඇති වෙනවා. මෙය තේරුම් ගැනීමට නොහැකිවීම පුදුමයක්. මේ පින්බර සිරි ලංකාවයි. (නි)

:       0       0

සේරම් Thursday, 27 March 2014 08:42 AM

අලි රැක බලාගන්න එක මිනිස්සු කරන්න ඕන නෑ.ඒක එයාලගේ අම්මලයි සොබා දහමයි කරයි .මිනිස්සුන්ගේ යුතුකම තමයි උන්ට උන්ගේ පාඩුවේ ඉන්න අරින එක. (ස)

:       0       0

රංග Thursday, 27 March 2014 08:52 PM

මේ සත්තුන්ට මිනිසුන්ගේ හැඟීම් දැනීම් පවා වැටහෙනවා. (නි)

:       0       0

රංග Thursday, 27 March 2014 08:52 PM

අලියා කියන්නේ හරිම අහිංසක සතෙක් (නි)

:       0       0

ශානි Friday, 28 March 2014 03:48 PM

මේ සතුන් රැක ගැනීමට පරසර සංවිධාන වලට උදව් කල හැකි ක්‍රමයක් තියෙනවද ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site