IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අලි සබ්රි-සෞදි විදේශ අමාත්‍ය අතර හමුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

දෙරට අතර ආර්ථික සබඳතා සහ බලශක්ති සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් අහමඩ් කුමරු අතර හමුවක් ඊයේ (26) පැවති බව ඇරැබ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ආර්ථික සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනීමට විශාල හැකියාවක් තිබෙන බවත් ඒ හේතුවෙන් සෞදි අරාබියාව ආයෝජන අවස්ථා සහ සියලු දේ සැලකිලිමත් බවත් අලි සබ්රි මහතා ඇරැබ් නිව්ස් වෙත පෙන්වා දී තිබේ.

සෞදි අරාබිය ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව, විශේෂයෙන් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බලනු ඇති බවත් සෞදි අරාබියේ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලංකාව සළකා බලනු ඇති බවත් අලි සබ්රි මහතා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා සුදුසුම ස්ථානය බවත් ශ්‍රී ලංකාව දකුණු ආසියාවට පමණක් නොව මහද්වීපය සඳහාම ව්‍යාපාර සඳහා සුදුසුම ස්ථානය විය හැකි බවත් අලි සබ්රි මහතා පෙන්වා දී තිබේ.



අදහස් (0)

අලි සබ්රි-සෞදි විදේශ අමාත්‍ය අතර හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site