IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අලි ලෙඩ සොයන්න අලුත් ක්‍රමයක්

මහනුවර ශ්‍රි දළඳා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍ය අද සිට ඇරඹෙන අතර එහි ගමන් ගන්නා අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පශු වෛද්‍යවරුන් විසින් පරික්ෂා කරනු ලැබුවත් එම අලි ඇතුන්ගේ සැඟව ඇති ලෙඩ රෝග සම්බන්ධ තොරතුරු ගැනිම සඳහා නවතම කැමරාවක් ප්‍රථම වතාවට භාවිතා කරන බව පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පශු ශික්ෂණ රෝහලේ වෛද්‍ය අශෝක දංගොල්ල මහතා පැවසීය.

යම් අලියකුගේ පිටත හෝ අභ්‍යන්තර අස්ථිවල තුවාලයක් හෝ අස්ථි බිඳීමක් ඇති විට එම ස්ථානයේ රස්නයක් ඇති වන බවත් මින් පෙර අලි ඇතුන්ගේ රෝග තත්වයන් නිරික්ෂණය කිරිමට එම අලින් කොර ගසනා තුරු හෝ ඇගේ රස්නයන් ඇති බව නිරික්ෂණය කිරීමට සිදුවු නමුත් මෙම ‘ඇගේ උෂ්ණය මනින කැමරා’ මගින් යම් අලියකුගේ පිටත හෝ අභ්‍යන්තර අස්ථිවල තුවාලයක් හෝ බිඳීමක් ඇති විට එම ස්ථානයේ උණුසුමක් ඇති බව අලියා සිටින තැනට නොගොස් අඩි 10 ක පමණ දුරින් සිට දැනගත හැකි බවත් එමගින් තුවාල ඇති ස්ථානය නිරික්ෂණය කළ හැකි බවත් වෛද්‍ය වරු කියති.

මේ සඳහා පේරාදෙණි විශ්ව විද්‍යාලයේ පශු ශික්ෂණ රෝහලේ පීඨාධිපති වෛද්‍ය අශෝක දංගොල්ල, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එරන්ද රාජපක්ෂ, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ මහාචාර්ය මිස්සක විජේගුණවර්ධන  යන වෛද්‍ය වරු මෙය ක්‍රියාත්මක කරති.

අදින් ඇරඹෙන කුඹල් පෙරහරේ සිට අවසන් රන්දෝලි පෙරහර දක්වා මෙම කැමරාව උපයෝගි කරගෙන අලි ඇතුන් ගේ සැගවි ඇති රෝග ඇත්දැයි ‍පරික්ෂා කරන බවද ඔවුහු කියති.

web1 

web2



අදහස් (0)

අලි ලෙඩ සොයන්න අලුත් ක්‍රමයක්

සරත් Thursday, 20 August 2015 03:32 PM

බොහොම හොඳයි (නි)

:       0       0

සන්ජය Friday, 21 August 2015 04:11 AM

ඇමෙරිකාව රාත්‍රී කාලයේ සතුරා හඳුනාගෙන පහරදීමට මෙවැනි කැමරා සවිකළ ප්‍රහාරක අවි උපයෝගී කරගන්නවා (නි)

:       0       0

සහන් Friday, 21 August 2015 04:39 PM

බොහොම හොඳයි (නි)

:       0       0

නිහාල් Thursday, 20 August 2015 04:37 PM

වෛද්‍ය දංගොල්ල මහතා ඉන්නවා නම් බයවෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

අනුර Thursday, 20 August 2015 08:59 PM

ඉතා හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

සත්‍යයා Friday, 21 August 2015 02:06 AM

පෙරහැර අවසන් වුණ පසු මේ කැමරාවට කරන්න වැඩ ගොඩක් තිබෙනවා. මේ කැමරාව අර කට්ටිය ගොඩක් ඉන්න අහවල් ස්ථානයේ ස්ථිරවම සවිකරලා තිබුණා නම් නියමයි නේද? (නි)

:       0       0

ජී. නන්දන Thursday, 20 August 2015 02:45 PM

ඇගේ උෂ්ණය මනින කැමරාවක් හොයාගත් එක හොඳයි. නැත්තම් අලි ස්කෑනින් යන්ත්‍රයක් හදන්න වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site