IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘අලි මරණ පරීක්ෂණය හිමිකරුගේ වැඩක් ‘

දෙව්රම් වෙහෙරේ දී මිය ගිය ‘සීදේව්‘ අලියා ලියාපදිංචි සතකු හෙයින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විය යුත්තේ අලියාගේ හිමිකරු බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච් ඩී රත්නායක මහතා කියයි.

ඒ අනුව හිටපු මන්ත්‍රී කොළොන්නාවේ සුමංගල දෙව්රම් විහාරාධිපති හිමියන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා ක්‍රියා කරනු ඇතැයි ද වනජීවී ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් අධීක්ෂණ කටයුතු සඳහා එහි යවන බව ද රත්නායක මහතා පවසයි.

අලියකු මළ පසු පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම අනිවාර්ය කාරණයකි.

නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පවසන්නේ 2009 අංක 22 දරණ සංශෝධිත වන සත්ත්ව හා තුරුලතා ආඥා පනතේ 22(අ) වගන්තියට අනුව අලියකු මියගිය විට ඒ බව වනජීවී දෙපාර්තාමේන්තුවට දන්වා අනිවාර්යයෙන් ම පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. හිමිකරුගේ හිතුමතයට මරණ පරීක්ෂණ පැවැත්වීම ගැන තීරණය කළ නොහැකි බව ද ගුණවර්ධන මහතා කීවේය.

 

 

 



අදහස් (0)

‘අලි මරණ පරීක්ෂණය හිමිකරුගේ වැඩක් ‘

ජනක Saturday, 18 October 2014 01:13 AM

සෙලනිකස් ,විවාහවෙන එක ගැන නෙමෙයි මෙතන ප්‍රශ්නය. ගිහියෙකුගේ විවාහයේදී සංඝයා වහන්සේගේ ඊට සමබන්ධ වීමේ සීමාව මොකද්ද කියන එක. (නි)

:       0       0

ගාමිණී රත්නායක Saturday, 18 October 2014 02:32 AM

හාමුදුරුවෝ ගිහියන්ගේ වැඩ භාර ගෙන නොවෙයිද? (නදී)

:       0       0

ඉසුරු Friday, 17 October 2014 03:08 PM

හොරාගේ අම්මාටම පේනය බලන්න කිව්වා වගේ. (නදී)

:       0       0

අචිර Friday, 17 October 2014 04:21 PM

දැන් කරන වැඩ බැලුවම ඕක මොකක්ද ? (නදී)

:       0       0

මාලා Friday, 17 October 2014 05:27 AM

හොරාගෙන් ම නඩු අහන එක හොඳයි. (ස)

:       0       0

සෑම් Friday, 17 October 2014 05:59 AM

බුදුන් වැඩසිටි සැවත් නුවර දෙව්රම් වෙහෙරේ නම් මෙහෙම අවාසනාවන්ත දේවල් සිද්ධ උනේ නැහැ. (ස)

:       0       0

පෙරේරා Friday, 17 October 2014 07:08 PM

සතාගේ මළකුණට අගෞරව නොකරන්න (නි)

:       0       0

ගිහාන් Friday, 17 October 2014 06:25 AM

ඇත්තටම මේවා අපිට අහන්න ලැබෙන්නේ අපේ පවට. පුජ්‍ය පක්ෂය මරණ පරීක්ෂණ පවත්තන්න සම්බන්ධ වෙන්න ඕන අයද? මම පසුගිය දවසක රුපවාහිනියේ දැක්කා විවාහයකට ස්වාමින් වහන්සේ නමක් සාක්කියට අත්සන් කරනවා. (ස)

:       0       0

සෙලනිකස් Friday, 17 October 2014 07:46 PM

චින්තක , ගිහාන්, විවාහවෙන එක පාපයක් හෝ වරදක් කියලා බුදුදහමේ තියෙනවාද? සිගාලෝවාද සූත්‍රය කියෙව්වා නම් පෙනේවි විවාහ ජීවිතය ගැන කියලා තියෙන දේ (නි)

:       0       0

සේපාල Friday, 17 October 2014 08:29 PM

වනජීවී එක සහ දේශපාලඥයින් අත මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් තිබෙනවා (නි)

:       0       0

චින්තක Friday, 17 October 2014 07:43 AM

විවාහෙකට ස්වාමින් වහන්සේ නමක් අත්සන් කලානම් ඒ බුද්ධාගමේ හිමි නමක් වෙන්න බෑ. පන්සල් වල් අලි ඇතිකරන අයගේ ඇත් ගොව්වෝ අලින්ට වද දෙනවා. බලාගෙන ඉන්න බෑ . හෙණ්ඩුවෙන් ඇනල තුවාල හැදෙනවා. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 17 October 2014 08:45 AM

කැලේ සත්තු කැලේට වෙලා ඉන්න දෙන්නේ නැතිව සමහර අයට දේසපාලන උන හැදුනම වෙන දේවල්. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 17 October 2014 08:46 AM

ඕක අන්‍යආගමිකයෙක් අතින් වුනානම් අද රටම මල ගෙයක් වෙලා ඉවරයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site