IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අලි බූතෝගේ රුව මුදල් නෝට්ටුවලට

පාකිස්තානයේ ප්‍රජානත්ත්‍රවාදී විරුවකු ලෙස සැලකෙන, පාකිස්තාන ජනතා පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියා ද වූ සුල්ෆිකාර් අලි බූතෝගේ රුව එරට මුදල් නෝට්ටුවලට යොදන්නැයි පාකිස්තාන ෆෙඩරල් රජයට බල කරමින්, පාකිස්තාන ජනතා පක්ෂය නව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. 

මේ වනවිට පාකිස්තානයේ බලයේ සිටින්නේ සන්ධාන රජයකි. එම සන්ධානය පවතින්නේ පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂය සහ පාකිස්තාන ජනතා පක්ෂය සහ ඔවුන්ට හිතවත් සෙසු පක්ෂ අතරේය. 

ඝාතනයයට ලක් වුණු පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝගේ පියා සුල්ෆිකාර් අලි බූතෝ ය. වර්තමානයේ පාකිස්තාන ජනතා පක්ෂයට නායකත්වය දෙන්නේ බෙනාසීර් බූතෝගේ පුතා යන බිලාවල් බූතෝ ය. පාකිස්තාන ජනාධිපති ධුරය හොබවන්නේ, බිලාවල්ගේ සැමියා සහ බෙනාසීර්ගේ සැමියා අසීෆ් අලී සර්දාරිය.

සුල්ෆිකාර් අලි බූතෝ පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු මෙන්ම ජනාධිපතිවරයකු ද වෙයි. 1928 වසරේ උපන් අලි බූතෝ ට 1979 අප්‍රේල් 4 වැනිදා රාවුල්පිණ්ඩි බන්ධනාගාරයේදී මරණ දඬුවම හිමිවිය.

මරණ දඬුවම හිමිවනතුරුම, සුල්ෆිකාර් අලි බූතෝ, ඔහු විසින් පිහිටුවනු ලැබූ පාකිස්තාන ජනතා පක්ෂයේ සභාපති ධුරය හෙබවීය. 1977 පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සුල්ෆිකාර් අලි බූතෝ සහ ඔහුගේ පාකිස්තාන ජනතා පක්ෂය සමත්විය.

කෙසේ නමුත් මැතිවරණය දූෂිත යැයි චෝදනා එල්ල වී, රට දේශපාලනික වශයෙන් අස්ථාවර වෙද්දී, හමුදාව බලය අල්ලා ගත්තේය. ඒ, එවකට හමුදාපති වූ මුහම්මද් සියා උල් හක් විසිනි.

චෝදනා සම්බන්ධයෙන් වරදකරු කර බන්ධනාගාරගත කෙරුණු සුල්ෆිකාර් අලි බූතෝගේ මරණ දඬුවම ක්‍රියාතම කෙරුණේ 1979 අප්‍රේල් 4 වැනිදාය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 51 ක් විය. පාකිස්තායේ ශ්‍රේෂ්ඨ නායකයකු ලෙස සුල්ෆිකාර් අලි බූතෝ සැලකෙයි.



අදහස් (1)

අලි බූතෝගේ රුව මුදල් නෝට්ටුවලට

Bibi Monday, 13 May 2024 12:33 PM

ඕක මොකක්ද? රජපක්ෂ භූතයින් මේ රටේ හැමතැනම ඉන්නේ...! 

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site