IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අලි ඇතුන් මෙන්ම පුරාණ සිරිත් රැකිය යුතුයි

(අංජුල මහික වීරරත්න)

අලි ඇතුන් ආරක්ෂා කළයුතු බව තමා ද පිළිගන්නා නමුත් පෞරාණික චාරිත්‍ර ද ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දී පැවසීය. පෙරහරට හීලැ අලි ඇතුන් ලබා ගැනීම ඇතුළු මතුව ඇති ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට කටයුතු කළයුතු බවද ජනාධිපතිවරයා කීය.

ලබන වසර වන විට මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඉහළ ප්‍රගතියක් අත් කර ගැනීමේ වැඩපිළිවෙළේදී මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහරට සුවිශේෂී ස්ථානයක් හිමි වන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලෙසින් සැලකෙන මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැල කෙරෙන ඇසළ පෙරහර සංදේශය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අද (31) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කීය.



අදහස් (2)

අලි ඇතුන් මෙන්ම පුරාණ සිරිත් රැකිය යුතුයි

ගමේ එකාලා Friday, 01 September 2023 01:26 AM

අලි, ඇත්තු රැක්කාම ඔක්කොම හරි. ඔවුන් නිසා ජනතාවට මොන විපතක් වුණත් කමක් නැහැ. පින් ජනපතියා ජනතාව ගැන හිතන කෙනෙක් නෙවෙයි...

:       0       1

Perakum Friday, 01 September 2023 11:37 AM

ඒක තමයි මිනිස්සු නම් ඕනැවටත් වැඩිය ඉන්නේ අලි ටික කොහොමහරි පරිස්සම් කරගනිමු...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site