(අංජුල මහික වීරරත්න)
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ගැන සොයා බැලීමට වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහත්වරු අද (16) නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
2012 වසරේදී නැගෙනහිර පර්යන්තයේදී පළමු අදියර ඉදිකිරීම් ආරම්භ වූ අතර 2015 වන විට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ විය.
2022 වසරේදී ඇරඹුණු දෙවන අදියරේ ඉදිකිරිම් නව රජයේ පත්වීමෙන් පසු වේගවත් කිරීමට පියවර ගත් බව අමාත්‍යංශය පවසයි.
නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙම පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමට සියලු පහසුකම් මෙම ඉදිකිරීම් ව්‍යාපෘතියට ඇතුලත් කර තිබේ.
මෙම නිරීක්ෂණ චාරිකාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු එම්.පී ජයවර්ධන, කළමණාකාර අධ්‍යක්ෂ ඉංජිනේරු ගණක හේමචන්ද්‍ර මහත්වරුන් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක්ද එක්ව සිටියහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අලුත් වරාය ඇමති නැගෙනහිර පර්යන්තය බලන්න යයි