IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


අලුත් බදු රොත්තක් ළඟදීම මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ )

රජයේ  ආදායම වැඩි කර ගැනීමේ පියවරක් ලෙස විශේෂ බදු වර්ග ගණනාවක් අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කරන  බව මුදල් හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා  ලංකාදීපයට පැවැසීය.

විශේෂ රඳවා ගැනීමේ සහ  උපයන විට ගෙවීමේ  බදුද ඒ අතර වන බව  පැවසූ ඇමැතිවරයා  එය අනිවාර්යයෙන්ම කළ යුතු කටයුත්තක් වන බවද ප්‍රකාශ කළේය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වුවත්  එම අරමුදලෙන්  මූලික ණය මුදලක්  ලැබීමට අඩු තරමින් මාස හයක කාලයක් ගතවනු ඇති බවද මුදල් අමාත්‍යවරයා කීවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කල්තියා නොයෑම නිසා අර්බුදය උග්‍රවූ බව පැවසූ අල් සබ්‍රි මහතා එසේ නොයෑමට තීරණය කළේ නම්  විදේශ විනිමය උපයා ගැනීමට ක්‍රමවේද සකස් කර ගත යුතුව තිබූ බවද ප්‍රකාශ කළේය.

අර්බුදය  තවත් වසර දෙකකින්වත් විසඳිය හැකි යැයි තමා විශ්වාස නොකරන බවද  අමාත්‍යවරයා  කීවේය.



අදහස් (8)

අලුත් බදු රොත්තක් ළඟදීම මැතිසබයට

රටවැසියා Saturday, 07 May 2022 03:17 PM

එංගලන්තයේ කෝටිපති සුද්දගේ ළමයින්ට පවා මේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබෙන්නේ උසස්පෙළ කරනතුරු පමණයි..! ඉන්පසු විශ්ව විද්‍යාලයට ඇතුල් වුණාම එක අවුරුද්දකට රුපියල් ලක්‍ෂ 40ක් ගෙවන්න ඕනෑ! ඒ නවාතැන් හා කෑම ගාස්තු නැතිව... මසකට නවාතැන් ගාස්තුව රු ලක්‍ෂ දෙකහමාරක් ඒ විදුලි බිල හා අන්තර්ජාල බිල් නැතිව..! ඒවාට මසකට ලක්‍ෂයක් විතර ඕනෑ..!! හැබැයි රජයෙන් බැංකු ණයක් දෙනවා ළමයි දිරිමත් කරන්නට... ඒ මුදල වාර්ෂිකව ඉගෙනගන්න විශ්ව විද්‍යාලයට කෙලින්ම ගෙවන්නේ... ඉන්පසු 2% පොලියක් අයකරලා අවුරුදු 30 උපයන පළමු පඩියේ ඉඳන්ම කපා ගන්නවා මාසිකව...! එංගලන්තයේ විශ්ව විද්‍යාල ළමයි ලැබෙන හැම විනාඩියක්ම කීයක් හරි උපයාගන්න විරිය දරන්නේ නේවාසික ගාස්තු ගෙවා ගන්නට සතියකට එක දවසක් හරි වැඩ කරලා..! ඒකට... ලංකාවේ...අපේ අය!! ණයක් නැති විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ උපරිම ප්‍රයෝජන අරගෙන සමෘද්ධියත්, මහපොළත් ලබාගෙන අධ්‍යාපනය නොමිලේම නිසා තමයි පෙලපාලි කරන්න කාලය යොදවන්නේ..! දැන් ඉතින් කාලය පැමිණ ඇත. අපේ විශ්ව විද්‍යාලවලත් ඉගෙන ගන්නවාට මුදලක් අයකරන්නට...!

:       20       23

රනේSaturday, 07 May 2022 04:32 PM

හිටිහැටියේ මොකද අප්පා විශ්ව විද්‍යාල? හොරු අල්ලන්නේ නැතෙයි? දේපල හොරා කන අය මර්ධනේ කොරලා අහකැයි?

:       4       20

BamunuarachchiSunday, 08 May 2022 10:40 AM

කොතැනින් හරි පටන් ගන්න ඕනෑ. දැන් ඉන්න උන්දැලාගේ සීයලාට ඒ කාලේ අලුතින් විශ්ව විද්‍යාල ඇරලා පිනට ඉගැන්නුවා දැන් එහෙම කරන්න බැහැ. ඒ නිසා අපිට බදුබර පටවන්නේ නැතුව ගෙවලා ඉගෙන ගන්න. අපේ ළමයි දසලක්ෂ ගණන් වලින් පිටරට විශ්ව විද්‍යාල වලට ගෙව්වා. ටියුෂන් ගන්න එක විෂයකට රුපියල් 2000 ගණනේ ටියුෂන් පන්තිවලට ගෙවනවා. විශ්ව විද්‍යාලයට ගියාම මොවුන්ට ඉගෙන ගන්න රජය රු 5000 දීමනාවක් දෙන්න ඕනේ... ඒක අරගෙන මහපාරේ උද්ඝෝෂණය කරනවා. විශ්ව විද්‍යාලයට මුදල් අයකළොත් රටේ උද්ඝෝෂණ ඉබේම නැතිවෙනවා. ජෙප්පන් නැවත හිටපු ගුබ්බෑයම්වලට යනවා.

:       0       1

රටවැසියා Saturday, 07 May 2022 04:37 PM

ඵංගලන්තයේ වැඩකරන හැම කෙනෙක්ම බදු ගෙවිය යුතුමයි. වසරේ ආදායම £ 10,000 දක්වා කිසිකෙනෙක් බදු නොගෙවයි... ඉන්පසු 25%ක ආදායම් බද්දක් අනිවාර්යයෙන්ම ගෙවීමට සිදුවේ.. උපයන ආදායම £ 40,000 දක්වාම... ඊට වඩා වසරකට උපයයි නම් අයකරන බද්ද 40% කි. හැබැයි පඩිය එන්නේ ඒ සියල්ලම කැපිලා තමන්ගේ බැංකු ගිණුමටයි. උදා:- වසරේ ආදායම £40,000 නම් මසකට ගෙවන ආදායම් බද්ද £450 කි. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රු ලක්‍ෂ දෙකකි...!

:       12       3

අපේ ඇමතිලාට කොමිස් දෙන්න තියනවාSaturday, 07 May 2022 08:12 PM

මේ කී දෙය කිරීම ඉතා හොද දෙයක්. ඒත් අප රටේ දේ්‍ශපාලකයන් උගත් නැති කමින් ඒ අය දන්නෙ නෑ රැකියා උත්පාදනයට නීති ගෙන ඒමට. අප හොදින්ම දන්නා කරුණ නම් මේ ඇමතිලා ආයෝජකයන්ගෙන් විශාල ලෙස කප්පම් ගන්නවා. ඉන් පසු රාජ්‍යය සේවයට උපාධි විතරක් නොවේ සාමාන්‍යය පෙළ අසමත් සෑහෙන සේවක සංඛ්‍යාවක් පුරවා තිබෙනවා. මේ මිනිස්සුන් අතර රාජ්‍යය සේවයෙන් පවා යමක් ඉගෙන ගන්න තරම් බුද්ධිමත් නැති අය වැඩියි. කෙසේ වෙතත් දූෂණය වැඩි රටක ව්‍යාපාර දියුණුවීමත් රටක් දියුණු වීමත් සිදු නොවෙන බැවින් මේ සියල්ල කිරීමට හොරකමට තිත තබා ජනතාවට වග කියන කීර්තිමත් වෘත්තිකයන් පමණක් ජනතා නියෝජිතයන් කළ යුතුයි.

:       0       0

සංහිද Saturday, 07 May 2022 09:25 PM

එංගලන්තයේ හොරු නෑ.අපේ රටේ හොරු ඉන්නවනෙ.

:       0       0

චන්දන Saturday, 07 May 2022 05:18 PM

ඔව් අනුර කුමාර ආණ්ඩුව කළත් සැලකිය යුතු බදු ජනතාවට ගෙවන්නට වෙනවා. හැබැයි ඒ සල්ලි රටේ සංවර්ධනයට පමණි...!

:       1       23

රොෂාන් Saturday, 07 May 2022 08:20 PM

පලමුව සුරා බදු වැඩි කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 890 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 990 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site