IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


අලි පහරදීමකින් ගොවියෙක් මරුට

(චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය) 

කහටගස්දිගිලිය දිවුල්වැව ප්‍රදේශයේදී අද  අලුයම වන අලියකු පහරදීමෙන් ගොවියකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කහටගස්දිගිලිය දිවුල්වැව පොලිසිය පැවසීය.

සතියක් ඇතුළත මෙම  ප්‍රදේශයේ වන අලි පහරදීවලින් සිදුවූ දෙවැනි මරණය මෙය බව ප්‍රදේශවාසීහු පැවැසූහ.

මෙසේ මියගොස් ඇත්තේ දිවුල් වැව ප්‍රදේශයේ පදිංචි හතළිස් හය හැවිරිදි දෙදරු පියෙකි. ඔහු ගොවියෙකි

තම වගාබිම වෙත අද අලුයම හයට පමණ පාපැදියකින් යමින් සිටියදී දිවුල්වැව මුකිරිවැව ප්‍රධාන මාර්ගයේදී වන අලි පහරදීමට ලක්ව ඇති අතර  පහරදීමෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇතැයි අප කළ විමසීමකදී දිවුල්වැව පොලිසිය පැවසීය.



අදහස් (3)

අලි පහරදීමකින් ගොවියෙක් මරුට

පැරකුම් Sunday, 09 November 2025 03:44 PM

සංඛ්‍යාලේඛන යාවත්කාලීන කරගන්න. වන අලින්ට හානියක් එහෙම කරනවා නොවෙයි.

:       2       4

tissa Sunday, 09 November 2025 04:46 PM

ඇයි මේ දුප්පත් ගොවීන්ට පහර දෙන වල් අලින්ට වෙඩි තියන්ට මේ තරම් මැලි වෙන්නේ? ඒ මේ මිනිස්සු දුප්පත් නිසාද?

:       1       3

පැරකුම්Sunday, 09 November 2025 05:17 PM

ඇයි තිස්ස දන්නේ නැද්ද වල් අලිනේ අපේ ආර්ථිකය රැක දෙන්නේ. අසීමිත ලෙස ඉහළ යන ජනගහනය පාලනය කර දෙන්නේ. අලින්ට වෙඩි තියලා පව් පුරවා ගන්නවා එහෙම නෙවෙයි ඔන්න...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 441 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2202 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site