
(රෝෂන් තුෂාර)
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08)නියෝග කළේය.
සැකකාරිය අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර රාගම මත්තුමගල පදිංචි මුස්ලිම් දරුවකු පාසලට ඇතුළත් කිරීම සඳහා මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව ට කරුණු ඉදිරිපත් කළේය.
විදුහල්පතිනිය කිසිසේත් අල්ලස් නොගත් ලබා නොගත් බවත්,විදුහල්පතිනියගේ මේසේ මත පිහිටි මල්වාස් එකට පැමිණිලිකාරිය විසින් මුදල් දමා ඇති බවත් සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.