වනාන්තරවලින් හොරෙන් අල්ලාගත් බව කියන අලි පැටවුන් 23 දෙනකු රජයට සම්බන්ධ දේශපාලන බලවතුන් බාරයේ සිටිතියි එජාප පළාත් මන්ත්‍රීන් වන සන්දිත් සමරසිංහ හා හේෂාන් විතානගේ මහත්වරු සබරගමු පළාත් සභාවේදී ප්‍රශ්න මතු කළහ.
හොරෙන් අල්ලාගත් බව කියන අලි පැටවුන්ගේ නම්,අල්ලාගත් කැලෑව හා දැන් සිටින ස්ථානය,හිමිකරුගේ නම ආදී විස්තර ද හේෂාන් විතානගේ මහතා ඉදිරිපත් කළේය.
සිඟිති, කණ්ඩුල, සංජු,සුජීවා, චූටි මැණීකේ, සන්දක, පංචාලි, සකුරා, වස්තු, පාරමී හා නමක් නැති අලි පැටවුන් දෙදෙනකු හබරණින් අල්ලාගෙන ඇතැයි ඔහු කීවේය.
ගංගා,භානූ,සුද්දි,දෙව්මි,සමාධි,සීදේවී,සංඛ,දෙව්රංග හා නමක් නැති අලි පැටවකු උඩවලවෙන් දඅල්ලාගෙන ඇතැයි ද ඔහු කීවේය. අල්ලාගත් ස්ථානයක් සඳහන් නැති අලි පැටවුන් දෙදෙනකු ගැන ද ඔහු කියයි.එම අලි පැටවුන්ගේ ඡායාරූප ද ඔහු සභාවට ඉදිරිපත් කළේය.
අද සමහරුන් රට බල්ලන් ඇති කරනවා වාගේ අලි පැටවුන් ඇති කිරීම විලාසිතාවක් කැරගෙන ඇතැයි ද මේ නිසා අලි පරපුර වද වී ඇතැයි ද ඔවුහු කීහ.
මෙම අලි හොරකම හෙළි කළ නියෝජ්‍ය විගණකාධිපති ලලිත් අඹන්වල මහතා මාරු කැර ඇතැයි ද ඔවුහු කීහ.ඔහුට උසස්වීමක් දී ඇතැයි සන්ධාන මන්ත්‍රී වරුණ ලියනගේ මහතා කීවේය.
විපක්ෂ නායිකා තුසිතා විජේමාන්න මහත්මිය පැවසුයේ අලි පැටවුන් මව් සෙනහස අහිමිවීමෙන් මිනිසුන්ට සතුරු විමෙන් අලියාගෙන් මිනිසාට අනතුරු විය හැකි යැයි කීවාය.
වල් අලින් හීලෑ කිරීම හොඳ වැඩකියි සන්ධාන මන්ත්‍රී නමින්ද අරුණප්‍රිය මහතා ද කීවේය.
අලි පරපුර රැකගැනීමට ඇති සියලුම දේ කරන බවට මහ ඇමැති මහීපාල හේරත් මහතා පවසයි.
සන්ධානයේ වරුණ ලියනගේ මහතා පැවසුයේ හීලෑ ඇතුන් සිටීම අලි මිනිස් ගැටුම් ඇතිවීම වැළක්වීමට හේතු වන බවයි.
2012 අලි සංගණනය අනුව ශ්‍රී ලංකාවේ වල් අලි ගහණය 5800 කි.ඉන් බහුතරය වියලි කළාපයේය. ශ්‍රී පාද ප්‍රදේශයේ ද අලි දෙදෙනකු හෝ තිදෙනකු සිටින බවත් සිංහරාජයේ ද තුන්පත් රැළෙන් එක් අලියකු ඇති බවත් කියති. ආසියාවේ වල් අලි වර්ග 13 කි .අප්‍රිකාවේ 38 කි. ශ්‍රී ලංකාවේ අලියා වඳවීමේ තර්ජනයකට ලක් ව සිටී.
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු
මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත
කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අලිහොරු දේශපාලන බලවන්තයෝ
සිරිල් බාලසුරිය Sunday, 17 August 2014 11:14 AM
පහත් පෙලේ දේශපාලකයන් නිසා රටේ නීතියත් වල් වැදිලා , (දී)
දනුක Sunday, 17 August 2014 11:18 AM
අන්තිමට අපිට පෙරහරේ ධාතු කරඬුව වැඩම කරවන්ටත් අර අප්‍රිකාවේ කන් ලොකු කැත ඇත්තු ආනයනය කරන්න වේවි (දී)
විශ්ව Sunday, 17 August 2014 11:21 AM
මොනවා කරන්නද කාලේ පරිනාමය වෙනවත් එක්කම අලිත් වඳ වෙලා යයි (දී)
මඩවල හාමුදුරුවෝ Sunday, 17 August 2014 11:28 AM
සොබා දහමින් දඩුවම් ලැබෙනකොට මේවා දැනේවී (දිල්)
පිටිගල Monday, 18 August 2014 04:50 AM
මේ වගේ දේවල් ගැන මම කතා කලේ ගොඩක් ඉස්සර ඉඳන්.ජීවිතේටත් අඹු දරුවන්ටත් ආදරේ නිසා දැන් නිහඬව ඉන්නවා.අලි නෙවෙයි රටම විකුණලා දැම්මත් කතා කරන්නේ නම් නෑ (දිල්)
පිටබැද්දර ජයා Sunday, 17 August 2014 11:48 AM
පවු තාම අම්මගෙන් කිරිබොන වයසේ පැටවු , කර්ම විපාකය සත්‍යක් නම් මේ උතුමන්ලටත් මේ පවු ගෙවනම වෙනවා (දී)
සුජාතා Sunday, 17 August 2014 12:33 PM
දේශපාලනය කියන්නේ දේශය පාලනය කිරීමයි (දී)
මිගාර Sunday, 17 August 2014 12:41 PM
දේශපාලනය ගැන හා ඒ අයගේ ක්‍රියාකාරකම් ගැන අපි කතා කිරීම පලක් නැති දෙයක් (දී)
අවිශ්ක Sunday, 17 August 2014 12:59 PM
වර්තමානය සමාජය කාගෙන් හෝ හොරාගේනමයි ජිවත් වෙන්න පුරුදු වී සිටින්නේ (දී)
උදාර Sunday, 17 August 2014 01:30 PM
හංග හංග නොවෙයි නමුත් එක්ක කියන්න ඕනේ ලෝකෙටම දැන ගන්න (දී)
රත්නායක Sunday, 17 August 2014 01:44 PM
විවෘත ආර්ථිකයද මේකටත් වග කියන්න ඕනේ (දී)
චමින්ද Monday, 18 August 2014 08:02 AM
පිටිගල කාලෙකට පස්සේ නැවතත් ඇවිල්ලා! සාදරයෙන් පිළිගනිමි. (නි)
බන්දුල පෙරේරා Monday, 18 August 2014 08:37 AM
මේ අලි පැටවූ ටික මේ අදහස් ටික දැක්කා නම් උන්ට මොනවා හිතෙයිද?? (නි)
මොහොමඩ් ශිරාෂ් Sunday, 17 August 2014 02:11 PM
ලස්සන අලි පැටව් ටිකක්. සතුන්ට සතුන්ගේ පාඩුවේ කැලේට වෙලා ඉන්න දෙන්න පින් සිද්ද වෙයි. උන්ගේ නිජබිම කැලයයි. (ස)
මනෝජ්-සාජා Sunday, 17 August 2014 02:46 PM
පෙනෙන හැටියට මෙයාල වැඩි දෙනෙක් ගස් බැදලා ඉන්නේ පන්සල් වතුවල වගේ . (ස)
ප්‍රසාද් Sunday, 17 August 2014 02:56 PM
ඉස්සර මෙහෙම උනේ නැහැ (දී)
වීරසිංහ Monday, 18 August 2014 09:23 AM
පුෂ්ප, එළවලා හරි කැලෑ ටික බේරන්න ඕනෑ. මිනිසුන්ට තට්ටු ගෙවල් හදලා දෙන්න පුළුවන්? මේවා ගණන් නොගෙන ඉන්න එපා (නි)
සුසන්ත Sunday, 17 August 2014 03:38 PM
මම නම් මේක දකින්නේ සංරක්ෂණ විදියක් ලෙසයි. හිංසනයක් නැතිනම් මෙහෙම කලාට කමක් නෑ. අද කාලේ අලින්ගෙන් වැඩ ගන්නවා හරිම අධුයි. මම අලි ගැන පර්යේෂණයකට සහභාගී වුන කෙනෙක්. අපේ රටේ වනාන්තර වල අලි ගහනය උපරිම ධාරිතාවට ලගින් යන්නේ. (ස)
ලුම්බිණි Sunday, 17 August 2014 06:56 AM
මේ මෙතරම් පහත් තත්වයකට වැටුන 'මහජන නියෝජිතයන්' ඉතිහාසයේ කවදාවත් ඉන්න නැතුව ඇති. පුදුමය කියන්නේ කොතරම් පහත් වැඩක් කලත් අපේ රටේ මිනිසුන්ට කිසිම ගානක් නැති එක. (දී)
රවී Sunday, 17 August 2014 07:06 AM
දේශපාලනය බලය (දී)
චාන්දනී Monday, 18 August 2014 10:43 AM
දේශපාලකයින්ට සල්ලි වැඩි වෙලා අලින්ට කන්න දෙන්න හදනවාවද්ද? (නි)
මහින්ද කැලිෆෝර්නිය Sunday, 17 August 2014 07:26 AM
ඉතාමත් ලස්සන පින්තුර ටිකක්.ඒත් අලි පරම්පරාව ගැන දුක හිතෙනවා ,පරපුර රැකීම කෙසේවෙතත් දේශපාලන බලය ඉහවහා ගිහින් තිබෙනවා . (දී)
ධම්ම Sunday, 17 August 2014 07:28 AM
ඇති නැති පරතරය තවත් දුරස් වෙලා. සමහර අයට දරුවන්ට හරිහැටි කන්න දෙන්න වත්කමක් නැහැ. මේ අය කාලා අලින්ටත් කවනවා. (දී)
ජිලෝ Sunday, 17 August 2014 07:30 AM
උගත් කමක් නැති පවුල් පසුබිම් වලින් ඇවිල්ලා, සල්ලියි, බලයයි ලබා ගන්නවා. හැබැයි ඉතින් ඒවා ලැබුනා කියලා පරම්පරාවේ අඩුව වහගන්න බැහැනේ. ඉතින් අලියෙක් ගෙදර බැඳගෙන හරි හාමු කෙනෙක් වෙන්න හදනවා. (දී)
ගාමින්ද Sunday, 17 August 2014 07:39 AM
මේවා සාමාන්‍ය දේවල් (දී)
ඉසුරන්දි Sunday, 17 August 2014 07:43 AM
කැලේ ඉන්න සත්තු ටික අල්ලාගෙන නම් ගම වාසගම් වෙනස් කරගෙන තියෙන්නේ හරියට මෙයාලට දාව ඉපදුන අලි බබ්බු වගේනේ. (දී)
මාලිංග Sunday, 17 August 2014 07:51 AM
මමනම් දන්නේ නැහැ හරියටම (දී)
රූපවතී Sunday, 17 August 2014 07:36 PM
කිසිම කෙනෙකුට අලින් තබාගැනීමට හෝ බලපත් ලබාගැනීමට තහනම් කිරීම සපුරා තහනම් කරන්න පුලුවන් නම් හොඳයි. නුවර පෙරහරට පමණක් සීමාකර, අනෙකුත් සියලු පූජා භූමියකවත් අලින් තබාගැනීම සපුරා තහනම් කළා නම්, කැලේ ඉන්න සතුන්ගේ කැලෑ වාසභූමි උන්ට බාරදීලා මිනිසුන් ගම් වැදුනානම් සියල්ල හරියාකාරව විසඳේවි. (නි)
ගිම්හානි Sunday, 17 August 2014 08:03 AM
සල්ලි කාරයෙක්ගේ ගෙවල්වල තියෙන සංකේතය තමයි අලි (දී)
මිගාර Sunday, 17 August 2014 08:06 AM
දේශපාලනය ගෑවුන ගෑවුන තැන ඉවරයි (දී)
පුෂ්ප Sunday, 17 August 2014 08:04 AM
කැළෑ තියෙන්නෙත් ටිකයි ඒවයෙත් මිනිස්සු පදිංචි වෙලා කියනවා අලි ගැහුවලු විසදුම් දෙන්නලු මට නම් හිතෙන්නේ තියෙන එකම විසදුම තමයි ඒ මිනිස්සු ඒ ප්‍රදේශ වලින එලවන එක (දී)
සමාධි Sunday, 17 August 2014 08:06 AM
කොහොම කොහොම හරි අපිට ඉන්න සත්තු ටික නැති වෙනවා (දී)
චමින්ද Sunday, 17 August 2014 08:19 AM
කිතුලට ගිය මිනිහටත් කියන්න දේවල් තිබුනලු......... (දී)
චමින්ද Sunday, 17 August 2014 08:21 AM
එජප මන්ත්‍රීවරුන් ඔය විස්තර දන්නවා වගේම,අපිත් ඕවා දැන ගෙන හුගක් කල්....... (දී)
සිල්වා Sunday, 17 August 2014 08:26 AM
පරිසරය සහ රට රැක ගැනීම අපගේ වගකීමක් රටේ ජාතික වස්තුවක් වූ අලි ඇතුන්ට නිදසේ ඉන්න ඉඩදෙන්න ආණ්ඩුව මේ හැම දේකටම වගකියන්න ඕනි !!! (දී)
අනුර ලියනගේ Sunday, 17 August 2014 09:08 AM
ඡන්දය දෙන එකනම් වරද්දන්න එපා (නදී)
ගාමිණී - සිරිවර්දන Sunday, 17 August 2014 09:11 AM
සාංචාරකයින් එන කාලයේ වල් අලිත් අවශ්‍යයි. හීලෑ අලිත් අවශ්‍යයි. කඩිනමින් මහා පරිමාණයේ අලි ගොවි පළවල් බිහිකොට උපදින පැටව් අලි ගාය ඇති ඇත්තන්ට සාධාරණ මිලකට ලබා දෙන ලෙස ගරු වන ජීවී ඇමති තුමාගෙන් කරුණාවෙන් ඉල්ලාසිටිමි. එසේ බැරිනම් ඩියුටි ෆ්‍රී අලි ආනයනයට බලපත් දීම අලි ජරමරේට විකල්පයකි (නදී)
සම්පත්-මෙල්බර්න් Sunday, 17 August 2014 09:20 AM
කැලේ ඉන්න අලි ටික හොරකම් කරන්න උදව් කරන වනජීවී ඇමතිවරු ඉන්න රටකින් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ. වනජීවී ඇමති කට ඇරියොත් කියන්නේ අලි මිනිස් ගැටුම විසඳන්න තියෙන ක්‍රමය කැළේ ඉන්න අලි අල්ලලා හදාගන්න පුළුවන් මිනිස්සුන්ට බාර දෙන්න ඕනේ කියලා. මේ වගේ ඇමතිවරු පත් කරපු අයටත් අනාගත පරපුරේ සාපය වදීවි. රුපියල් ලක්ෂ දහයකට කැළේ අලි අල්ලලා බද්දට දෙන්න හදනවා කියලා පත්තර වල තිබුණු ප්‍රවෘත්තිය දැකලා මම වනජීවී ලේකම්ට කතා කරලා කැත වැඩ කරන්න එපා කියලා එකපාරක් කිව්වා. ඇත්තටම මට රට යන ඇත ගෙන පුදුම දුකක් දෙනුන නිසා. මෙහෙ ඉන්න ලොකුම සතා කැන්ගරුවා. නමුත් ලංකාවේ තියෙන ජෛව විවිධත්වය මතක් වෙනකොට අපිට ආඩම්බරයි. නමුත් මෙහෙ ඉන්න පාත්තයටවත් කරදරයක් කරන්න බැරි වෙන තරමට වන ජීවීන් රකින්න පුදුම කැපවීමකින් ක්‍රියා කරනවා. මට ලංකාවේ කැළේ ඉන්න සත්තුන්ගෙන් හා ගස් ටිකෙන් කොමිස් ගන්න බලාගෙන ඉන්න ඇමතිවරු ගැන අහන විට ඇතිවන්නේ පුදුම පිළිකුලක්. නමුත් මාධ්‍ය ඉදිරියේ මේ ගොල්ලෝ කතා කරන්නේ මොකුත් නොදන්නා, නොකරපු තොත්ත බබාලා ගානට. කාව රවට්ටන්න හැදුවත් තමන්ගේ හෘද සාක්ෂිය රවටන්න බැහැනේ. ඕවට සම්බන්ධ වෙච්ච අයට මේ ආත්මෙම ඕවා පටිසන් දේවි. නමුත් මට දුක අපේ දරුවෝ ලංකාවට එන දවසක පෙන්නන්න අලියෙක් නැති වෙයිද කියලා (නදී)
උමයංගා Monday, 18 August 2014 01:30 AM
ලංකාවේ අලි ප්‍රමාණය සැහෙන අඩුවෙලා අලි මිනිස් ගැටුම නිසා. මේ අලි පැටව් ජාවාරම කරන්නේ කවුද කියලා හැමෝම දන්නවා. අලි පැටව් අල්ලන්න ලොකු අලි කී දෙනෙක් මරනවද කියලා තවම හරියට කියන්න බැහැ. රට මේ තරම් පහත් තත්වයකට වැටුණු කාලයක් තවත් නැතුව ඇති. නීතිය වල්වැදුණු රටක හැටි. (නි)
හංසි Sunday, 17 August 2014 09:36 AM
වනේ අසරණ ගිජිඳුන් හට වද දෙන්නේ - පාලන බලය සියතට ගෙන ඇති බැව් කියැවෙන්නේ - බලය කවදා කෙදිනෙක හෝ ගිලිහෙන්නේ - එදාට තමයි කළ කළ පව් පලදෙන්නේ!!. (දී)
නිහාල් Monday, 18 August 2014 01:46 AM
මෙහෙම බලනකොට අපිට අනාගතයේදී අලියෙක් දැකගන්න වෙන්නේ ඡායාරූපයකින් පමණක් වෙයි (නි)
චමින්ද Sunday, 17 August 2014 09:42 AM
හංසි,නියම,.....ඔබින..... කවි පංතිය. (දී)
ජීවන්ත Sunday, 17 August 2014 10:05 AM
මොකද අපිට පුලුවන්ද අලියෙක් ඇතිකරන්න (දී)
නන්ද Monday, 18 August 2014 02:43 AM
කොතන කොහොම අලි හොරෙක් හිටියත් ඒකට දේශපාලනය ගැවිල? (නි)
ආශා Sunday, 17 August 2014 10:42 AM
අපි නම් දන්නේ නැහැ ඕවා (දී)
මිලි Sunday, 17 August 2014 11:09 AM
ලංකාවෙන් අලි වඳ වෙන කාලය දුර ඈතක නොවෙයි (දී)