(කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය පර්යේෂණාගාර කාර්මික විද්‍යාඥ අධිකාරි, සෞඛ්‍ය ප‍්‍රවර්ධන ඩිප්ලෝමාධාරි - ඩබ්ලිව්. එම්. වීරසේකර)
වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නෙත් වැඩ කරන්නෙත් අපගේ සිරුර සහ කි‍්‍රයාකාරකම් අපට ඕන විදියට කරනවා කියලා. එහෙම කියන්න කරන්න හැකියාව ලැබෙන්නෙ අපේ සිරුර අපට ඕන විදියට පාලනය කරගන්න පුළුවන් කියන හැඟීම මුල් කරගෙන. එහෙත් ඇත්ත වශයෙන්ම අපේ සිරුරෙහි වර්ධනය හා කි‍්‍රයාකාරිත්වය සිදුවන්නේ සිරුරේ පවත්නා ග‍්‍රන්ථිවලින් හා එමඟින් නිපදවෙන හෝර්මෝනවල කි‍්‍රයාකාරිත්වය මඟින් බව වෛද්‍ය විද්‍යාවට අනුව හෙළිවී ඇත.
මේ අතුරින් ඉතා වැදගත් කාර්යක් ඉටුකරන ග‍්‍රන්ථි දෙකක් තමයි තයිරොයිඩ් ග‍්‍රන්ථිය සහ පැරා තයිරොයිඩ් ග‍්‍රන්ථිය. එම නිසා අප කවුරුත් ඒ ගැන අවබෝධයක් ලබාගෙන තිබීම වැදගත් වන හෙයින් එම ග‍්‍රන්ථි එහි කි‍්‍රයාකාරිත්වය සහ ඒ සම්බන්ධව සිදුකරන රසායනාගාර පරීක්ෂණ පිළිබඳව කිසියම් දැනුමක් ලබා ගැනීම සඳහා ඔබගේ අවධානය යොමු කිරීම වැදගත් වේ. ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් අතරින් පසුගිය වසර ගණනාවක ශ්‍රී ලංකා ජාතික රෝහලේ විකිරණ ප‍්‍රතිදේහක පරික්ෂණාගාර පමණක් මෙම තයිරොයිඩ් හෝර්මෝන පරීක්ෂාව සිදුකළ අතර දැනට ශික්ෂණ රෝහල් කීපයක ද මෙම තයිරොයිඩ් හෝර්මෝන පරීක්ෂාව සිදුකර ගැනීමට පහසුකම් ඇත.
මෙම විශේෂිත පරීක්ෂණ වෙනත් රෝහල්වල සිදු නොකරන අතර පුද්ගලික අංශයෙන් මේ සඳහා දහස් ගණනක් වියදම් කළ යුතු වෙනවා. දිවයිනේ විවිධ පළාත්වල රෝහල් වලින් රෝගීන්ගේ රුධිර සාම්පල විශේෂිත පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා ජාතික රෝහලේ ආර්.අයි.ඒ රසායනාගාරය වෙත එවන අතර පරීක්ෂණ කටයුතු නිම කළ විගස එම වාර්තා අදාළ රෝහල් වලට ලැබිමට සලස්වනු ලැබේ. පසුගිය 2011 වසර තුළදී පමණක් රසායනාගාරය මගින් රෝගීන් 36,000 කට අධික සංඛ්‍යාවක් තයිරොයිඩ් හෝර්මෝන පරීක්ෂණ වාර්තා ලබා දී ඇත.
සිරුරෙහි ගෙල ඉදිරිපසින් පිහිටා ඇති තයිරොයිඩ් ග‍්‍රන්ථියෙන් පරිවෘත්තිය කි‍්‍රයා බොහෝමයක් පාලනය වන අතර එමඟින් ප‍්‍රධාන වශයෙන් ටී 4 තයිරොක්සින් සහ ටී 3 යන තයිරොක්සින් හෝර්මෝන වර්ග දෙක නිපදවනු ලබනවා. එයට අමතරව සිරුරෙහි කැල්සියම් අයන් කෙරෙහි බලපෑමක් ඇති කරන කැල්සිටොනින් ස‍්‍රාවය කිරීම ද සිදුවෙනවා. මෙම ග‍්‍රන්ථියෙන් තයිරොක්සින් නිපදවීම සඳහා මූල ද්‍රව්‍යයක් ලෙස අයඩීන් අවශ්‍ය වෙනවා. අප ගන්නා ආහාර මඟින් ලැබෙන අයඩීන් අඩුවූ විට රුධිරයට ලැබෙන අයඩින් වැඩි කොටසක් ලබා ගැනීම සඳහා තයිරොයිඩ් ග‍්‍රන්ථිය තරමක් විශාල වීමක් සිදුවෙනවා. මෙම තත්ත්වය අපට බොහෝ විට දක්නට ලැබෙන වායුගෙඩි ලෙස හඳුන්වන බෙල්ලේ ඉදිමුණු ස්වභාවයයි. තයිරොයිඩ් ග‍්‍රන්ථියේ ඇතිවන අසාමාන්‍යතා නිසා එමඟින් නිපදවනු ලබන හෝර්මෝන ස‍්‍රාවයවීම වෙනස්වීම්වලට භාජනය වෙනවා. මෙලෙස ටී 3 සහ ටී 4 හෝර්මෝන අධික ලෙස ස‍්‍රාවයවීම අන්තයිරොයිඩතාව ලෙසත් හෝර්මෝන අඩුවෙන් ස‍්‍රාවයවීම මන්ද තයිරොයිඩතාව ලෙසත් හඳුන්වනු ලබනවා.
මන්ද තයිරොයිඩතාවට ලක්වූ අයට රෝග ලක්ෂණ වශයෙන් බෙල්ල ඉදිරියට නෙරා ඒම, ශරීරයෙහි බර වැඩිවීම, අලසබව, නිදිමත ගතිය, ශරීරයෙහි ඉදිමුන ගතියක් ඇතිවීම, මළ බද්ධය, කට හඬෙහි වෙනසක් ඇතිවීම, හෘදයේ වේගය අඩුවීම, දහඩිය දැමීම අඩුවීම, වියළි සම, මානසික අව පීඩනය, ඔසප් චක‍්‍රය නිසි ලෙස කි‍්‍රයාත්මක නොවීම, වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක.
අධි තයිරොයිඩතාවට ලක්වූ විට ශරීරය කෙට්ටුවීම, නිතර දහඩිය දැමීම, වෙව්ලන ගතිය, හෘද ස්පන්දනය වැඩිවීම, නොසන්සුන් බව, අධික කි‍්‍රයාකාරී බව, නිතර මළපහ කිරීමේ අවශ්‍යතාව හටගැනීම, උගුරෙහි සෙම පැටලෙන ගතියක් පැවතීම සහ කල්ගතවීමේදී ඇස් ඉදිරියට නෙරා ඒම ආදි රෝග ලක්ෂණ හටගැනීමට හැකිවේ.
මෙම රෝග ලක්ෂණ සහිතව කිසියම් කෙනෙකු වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍යවරයකු වෙත යොමු කිරීමේදී අදාළ රෝග ලක්ෂණ අනුව වෛද්‍යවරයා විසින් රෝග තත්ත්වය හඳුනා ගැනීම සඳහා සිදුකළ යුතු රුධිර පරීක්ෂණ නිර්දේශ කරනු ලැබේ. මේ සඳහා බොහෝ දුරට සිදුකරනු ලබන්නේ ටී3,ටී4 හා (ටි.එස්.එච්.) තයිරොයිඩ් සිමියුලේට් හොමොනි පරීක්ෂණ වන අතර මෙම පරීක්ෂණ විශේෂිත පරීක්ෂණ ලෙස සිදුකරනු ලැබේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘අලසකම, නිදිමත හා මළබද්ධය තයිරොයිඩ් ප්‍රශ්නයක් විය හැකියි‘
දසුන් Saturday, 15 August 2015 07:41 AM
හොඳ ලිපියක් (නි)