IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අල්ලස් ගත් වාරි ඉංජිනේරු-රියදුරු කොටුවෙයි

අක්කරපත්තුව කොට්ඨාශයේ වාරිමාර්ග රක්ෂිත ඉඩමක් ගොඩකිරීම සදහා අවසර ලබාදීමට රුපියල් ලක්ෂ 04 ක් අල්ලස් ලෙස ඉල්ලා එයින් රුපියල් ලක්ෂ  02 ක්  සිය රියදුරා ලවා ලබාගනිමින්  සිටි වාරිමාර්ග  ඉංජිනේරුවරයෙකු සහ මුදල් ලබාගත් රියදුරා  අල්ලස් හෝ  දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින්  අක්කරපත්තුවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින්හට කරන ලද දැනුම්දීමකට අනුව අක්කරපත්තුව ප්‍රදේශයේ සිදුකල විමර්ශනයක් අතරතුර, වාරිමාර්ග ඉංජිනේරුවරයා විසින් ඉඩම ගොඩකිරීම සදහා අවසර ඉල්ලූ  පුද්ගලයාවෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින්, රුපියල් ලක්ෂ  02 ක  මුදල  සිය රියදුරාට ලබාදෙන ලෙස දන්වා ඇත.

ඉඩම්  හිමිකරුගෙන් මුදල් ලබාගත් රියදුරා මුදල් රැගෙන සිය නිවස වෙත  යමින්  සිටි  අවස්ථාවේ පරීක්ෂාවෙන් සිටි  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් අල්ලස් වශයෙන් ලබාගත්  මුදල්  සමග  ඔහු අත්අඩංගුවට ගැනීමෙන්  පසු, වාරිමාර්ග ඉංජිනේරුවරයා ද, අත්අඩංගුවට  ගෙන ඇත.



අදහස් (0)

අල්ලස් ගත් වාරි ඉංජිනේරු-රියදුරු කොටුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site