(රෝෂන් තුෂාර)
මාර්ග රාජකාරියේ දී පොලිස් භාරයට ගත් රියදුරු බලපත්‍රයක් මුදා හැරීමට රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ඉත්තෑපාන පොලිසියේ පොලිස් කොස්තාපල් හා ආධුනික පොලිස් නිලධාරියා මාර්තු මස 12 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (27)නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව පොලිස් කොස්තාපල් සුපුන් මධුසංක සහ ආධුනික පොලිස් නිලධාරී ඉසුරු තීක්ෂණ මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරුවන් විසින් දිමුතු මදුශංක යන පැමිණිලිකාර යතුරුපැදිකරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව හිස් ආවරණයක් නොමැතිව ධාවනය කිරීමට දඩ කොලයක් ලබාදී ඇති බවත්,රියදුරු බලපත්‍රය සන්තකයට ගෙන ඇති බවත් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
දඩ මුදල ගෙවා රියදුරු බලපත්‍රය ඉල්ලා සිටියදී බලපත්‍රය නීත්‍යානුකූලද නැද්ද යන්න පරීක්ෂා කර බැලිය යුතු බවත්,උසාවි දැම්මොත් රුපියල් හතළිස් දහසක දඩයක් නියම වන බවත් පැමිණිලිකරුට දැනුම් දී ඇති නීත්‍යානුකූලව කටයුතු නොකර රියදුරු බලපත්‍රයේ මුදා හැරීමට සැකකරුවන් විසින් දස දහසක අල්ලස ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් බව පැවසූ අල්ලස් කොමිසම අදළ මුදල් අධිකරණයට ඉදිරිපත් කරමින් පරීක්ෂණ අවසන් නොමැති බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් ගත් කොස්තාපල් රිමාන්ඩ්
sam Wednesday, 28 February 2024 11:29 AM
හොඳම වැඩේ ඔවුන් දෙන්නව ගෙදරම අරින්න .මුන් ජනතාවට දෙන කරදර ඉවරයක් නැහැ .කාලකන්නි