IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අල්ලස් ගත් කම්කරු ලොක්කා රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

සේවකයින්ට අර්ථසාධක අරමුදල් නොගෙවූයේ යැයි කියන හෝටල් හිමියෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට රුපියල් දස දහසක අල්ලසක් ලබාගත් කම්කරු දෙපාර්තමේන්තු නිලධාරියෙකු ලබන 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත වූයේ පසුගිය 19 වැනි දින අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන්ගේ අත්අඩංගුවට ගත් මරදමුණේ පදිංචි  ඉබ්‍රා ලෙබ්බේ අබ්දුල් නසාර් නමැති සැකකරුය.

අම්පාර කම්කරු කාර්යාලයේ සේවය කරන සැකකරු සේවක අර්ථ සාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීමට මෙම අල්ලස් මුදල් ලබාගෙන ඇති බව විමර්ශන කොමිසමේ උප පොලිස් පරීක්ෂක සිසිර කුමාර මහතා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.

හෝටල් හිමියා කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් දුරකථන වාර්තා හා කම්කරු දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛන අල්ලස් භාරයට ගැනීමට විමර්ශන සිදු කරන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන දහතුන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.



අදහස් (0)

අල්ලස් ගත් කම්කරු ලොක්කා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site