
(රෝෂන් තුෂාර)
නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයකුගෙන් (කසිප්පු මුදලාලිගෙන්) රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට පත් නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක හා කොස්තාපල් ලබන 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (22) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත වූයේ නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක උදය සරච්චන්ද්‍ර සහ පොලිස් කොස්තාපල් සාලින්ද රාජගුරු නැමැති සැකකරුවන්ය.
නරම්මල ප්‍රදේශයේ නීති විරෝධී කසිප්පු ජාවාරමේ නිරතවන්නේ යැයි කියන ඇල්බට් නමැති අයෙකුගෙන් රුපියල් දස දහසක අල්ලසක් ලබා ගැනීමේදී සැකකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඇල්බට් යන අයගේ නිවස තුළදීම අත්අඩංගුවට ගත් බව කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
කසිප්පු ජාවාරම දිගටම කරගෙන යාම සඳහා අවස්ථාව ලබා දීමට හා අත්අඩංගුවට පත් කසිප්පු අඩු ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට මෙම අල්ලස ඉල්ලා ලබාගෙන ඇති බවද කරුණු ඉදිරිපත් කෙරිණි.
විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්මාල් රත්නායක මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ නාරම්වල ප්‍රදේශයේ අලුතින් බිහි වූ වෙනත් කසිප්පු කාරයකු පිළිබඳ තොරතුරු ලබාදීමට ගෙදරට කැඳවා එම තොරතුරු ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී මුදල් සාක්කුවට දමා ඇති බවත්,එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසීය.
සැකකරුවන් නාරම්වල පොලීසියේ මෙහෙයුම් රැසක් දියත් කර වැටලීම් කර පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති නිලධාරීන් බවත්,මෙම කසිප්පු මුදලාලි එහි පලිය ගැනීමට තොරතුරු ලබා දෙන්න එන්න කියමින් මෙම මුදල් සාක්කුවට දමාඇති බවත් පැවසීය.මෙම නිලධාරීන්ගේ නීතියේ රෑනට කොටුවූ පුද්ගලයින්ගේ ඉරිසියාකාර වැඩක් බවද නීතිඥවරයා පැවසීය.
කරුණු ක සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන දෙවැනි දින දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂක හා කොස්තාපල් රිමාන්ඩ්
Anada Tuesday, 23 January 2024 12:22 PM
යුක්තිය පොලිසියෙන්ම පොලිසියට ?හොඳා නියමයි ?