
(රෝෂන් තුෂාර)
මත්ද්‍රව්‍ය වරදත් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් පනස් දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි අත් අඩංගුවට ගත් වත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂක ලහිරු ප්‍රමෝද සැකකරු ලබන 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා අද (11)නියෝග කළේය.
සැකකරු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
සැකකරු ඉදිරිපත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ වත්තල පදිංචි සිල්ලර බඩු අලෙවි කරන වෙළෙඳ සැල් හිමියෙකුගෙන් අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බවය.
පැමිණිලිකරු යටතේ වැඩ කළ සේවකයෙකු මත්ද්‍රව්‍ය වරදකට අධිකරණයට ඉදිරිපත් නොකිරීමට මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවත් පැවසීය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නිතීඥ වරුන් කරුණු දක්වමින් කියා සිටියේ මත්ද්‍රව්‍ය වැටලීම සිදුකරනන සැකකරු කුමන්ත්‍රණකාරීව මෙම සිද්ධියට පටලවා ඇති බැවින් ඔහුට ඇප ප්‍රධානය කරන ලෙසය.
බන්ධනාගාරගත කළහොත් ඔහුව අපරාධකරුවන්ගෙන් වෙන්ව තබන ලෙසට බන්දනාගාර අධිකාරිවරයාට නියෝග කරන ලෙසද ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරමින් සැකකරුගේ ආරක්ෂාව සලසන ලෙසට බන්දනාකාර අධිකාරිවරයාට නියෝග කළේය.
සැකකරු වෙනුවෙන් ධම්මික රත්නායක, බි. ප්‍රියංග යන නීතිඥ මහත්වරුන් පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂකවරයෙක් රිමාන්ඩ්
Malika Saturday, 12 July 2025 09:43 AM
ඔය වත්තල පොලිසියේ එක්කෙනයි අහු වුනේ. ඕකේ ඉන්න ඔක්කොම පගාකාරයෝ. මේ අයට පගාවක් නොදුන්නොත් ව්‍යාපාරයක් කරගෙන යන්නවත් දෙන්නේ නැහැ. ගමේ කෙනෙක් මැරුණාම එයාලා කියන තැනට යන්න ඕනේ. නොගියොත් මැරිච්චි එක්කෙනාගෙන් පලිගන්නවා වගේ සහතිකේ දෙන්න පරක්කු කරනවා. එයාලා අපෙනුත් පගාව අරන් මල් ශාලාවලිනුත් ගන්නවා. මේක දැන් වත්තල වසංගතයක් වගේ වෙලා. මේකට යන රාලහාමිගේ වත්කම් බැලුවොත් ඕවා හොයාගන්න පුළුවන්... මෙයාට විරුද්ධව කොපමණ පැමිණිලි කරත් වැඩක් නැහැ. මෙයා ගහන පගාව වත්තල පොලිසියේ අනෙක් අයටත් බෙදනවාද කියලා සැකයක් පවා එනවා... මේ හේතුව නිසා. දැන් අවුරුදු දහයකට වඩා මෙයා වත්තල පොලිසියේ අරක් අරගෙන. මෙයාට මාරුවක්වත් දෙන්න ලොක්කා බයයි කියලයි කතාව තියෙන්නේ. එතකොටවත් ඉහළ වගකිව අයගෙන් මේකට පිළිසරණක් පතනවා.