
(අංජුල මහික වීරරත්න)
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා 2014 වර්ෂයේ දී අවිධිමත් ආකාරයට තම දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ඇතැයි කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් තිදෙනාගේ විධානය පරිදි දූෂණ විරෝධී පනතේ 42 (1) වගන්තිය යටතේ මූලික පරීක්ෂණයක් සිදුකළ බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සම්බන්ධව කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව කොමිෂන් සභාවේ තීරණය ජනමාධ්‍ය වෙත දැනුම් දීම.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක යන අය 2014 වර්ෂයේ දී අවිධිමත් ආකාරයට තමන්ගේ දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරවීම සිදුකර ඇතැයි කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් තිදෙනාගේ විධානය පරිදි දූෂණ විරෝධී පනතේ 42 (1) වගන්තිය යටතේ මූලික පරීක්ෂණයක් සිදුකරන ලදී.
කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට විරුද්ධව ලැබුණු පැමිණිල්ලක් වූ බැවින් මෙම පැමිණිල්ල පිළිබඳව ප්‍රමුඛතාවය ලබාදී කඩිනමින් විමර්ශනය කරන ලද අතර, ප්‍රස්තුත කරුණ පිළිබඳව සමාජ මාධ්‍යන්හි පසුගිය දිනවල විශේෂ අවධානය යොමුවී තිබීම හේතුවෙන් අදාළ විමර්ශනයේ ප්‍රගතිය ජනමාධ්‍ය ආයතන වෙත ඉදිරිපත් කරනු ලැබේ.
අදාළ විමර්ශනය තුළ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් වාර්තා කැඳවන ලදී. අධිකරණ නිලධාරීන්ගේ දරුවන් පාසල් වලට ඇතුළත් කිරීම පිළිබඳව අංක SCFR 235/2011 දරන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ මත අදාළ දරුවා පාසලට ඇතුළත් කිරීම සිදුවී ඇති බව නිරීක්ෂණය වී ඇත. එම වර්ෂයේ මෙම දරුවා පමණක් නොව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහත මාර්ගෝපදේශ මත අධිකරණ නිලධාරීන්ගේ තවත් දරුවන් ද කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ඇති බව ද නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව, ඉහත දරුවා පාසලට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය තුළ ආයතනික ක්‍රම වේදයන්හි අක්‍රමිකතාවයක්, පක්ෂග්‍රාහී හෝ අනීතික ක්‍රියාවක් හෝ දේශපාලන මැදිහත්වීමක් සිදුවී නොමැති බව කොමිෂන් සභාව තීරණය කර ඇත.

2025 ඔක්තෝබර් මස 08
1842
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1489
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
527
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ගැන කොමිසමෙන් විමර්ශනයක්
Rasika Friday, 19 September 2025 09:08 PM
මේක නම් පුදුම බොරුකාර රටක්. මේ SCFR 235/2011 කියලා තියෙනිනෙ 45 පනිනලා ළමයි දාන්න බැහැ කියලා එක පන්තියකට. මේක නෙවෙයි පසුව නඩුකාර තුමියන් දෙදෙනෙකු දාපු නඩුවකටයි මෙහෙම ළමයි දාන්න පුලුවන් වුනේ. මෙක තනිකර නොමඟ යැවීමක.
Arina Friday, 19 September 2025 09:37 PM
කොහෙන් හිනාවෙන්න ද?
Asela Friday, 19 September 2025 10:36 PM
අපි මොනතරම් රටක ජීවත් වෙනවාද, මේක නම් පුදුම රටක්. "හැන්දක් තිබුණොත් කන්න". අධිකරණ සේවයේ සහ අධිකරණ පද්ධතියේ සේවකයින්ගේ පුතුන්ට ඉහළම පාසලට යාමට ඉහළම අධිකරණයක් අවසර දෙන අතර, 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 1ක් අඩුවෙන් ලබාගත් දරුවෙකුට රාජකීය පාසලට ඇතුළු විය නොහැකි නමුත් ගමේ පාසලට යා හැකියි. මිල්ටන්ගේ නවකතාවක් හදිසියේම මගේ මතකයට ආවා...
Lakmal Saturday, 20 September 2025 07:39 AM
පව්
අරවින්ද මොණරවිල Saturday, 20 September 2025 08:24 AM
දැන්වීම් මේ කසළ ශෝධකයින්ට වැඩ වැඩි වෙන කාලයයි, රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලි වලට අතීසාරය හැදෙන හැම වෙලාවකම වැසිකිළි හෝදන්න වෙලා තියෙන්නේ...
කෞෂි Saturday, 20 September 2025 10:11 AM
මේවා ඇඳුමේ පහවුනු විපක්ෂයේ අයගේ පිදුරුගහේ එල්ලෙන, තණකොල කන වැඩ...
රත්නායක Saturday, 20 September 2025 11:08 AM
නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ... අයියෝ රටට වෙච්චි දෙයක්...
Rata Perata Saturday, 20 September 2025 12:55 PM
මේ පැමිණිල්ල දාපු අයගේ පැටිකිරිය පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳ දේවල් ගැන දැනගන්න පුළුවන් වෙයි.