(රෝෂන් තුෂාර)
බස් රථ මාර්ග ධාවන බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් තිස් පන්දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නුවරඑළිය පළාත් සභා ප්‍රවාහන අධිකාරී කාර්යාලයේ දිස්ත්‍රික් කළමනාකාර සහ කළමනාකාර සහකාරවරයා ලබන 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (04)නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත වූයේ සමන් ප්‍රියංකර අතුකෝරාල සහ සහකාර කළමනාකාර ලලිත් ප්‍රසන්න නමැති සැකකරුවන් දෙදෙනාය.
ප්‍රියංකර අතුකෝරාල සැකකරු මීට වසර කිහිපයකට පෙර රුපියල් ලක්ෂ දහයක අල්ලසක් ගත්තේ යැයි චෝදනා ලත් වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරලගේ යන අයගේ වැඩිමල් සහෝදරයා බවද පැවසේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
නුවරඑළිය මාර්ග අංක 355 මාර්ගය සඳහා බස් රථ ධාවන බලපත්‍රයක් සහන මිලට ලබා ගැනීම සඳහා අල්ලසක් ඉල්ලා ඇති බවට බස් රථයේ හිමිකරු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව කොමිසම අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස්ගත් බව කියන නුවරඑලිය ප්‍රවාහන අධිකාරියේ දෙන්නා 15 තෙක් රිමාන්ඩ්