IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අලියා රැකගන්න නිව්යෝක් යයි

ශ්‍රී ලංකාවේ ඉතිරි වී සිටින පන්දහසක් පමණ වල් අලි හා මිනිසුන් අතර ගැටුම  බේරුම් කැරගෙන මිනිසා සහ අලියා අතර සහජීවනයක් ඇති කැර ගැනීමේ අවශ්‍යතාව දැක්වෙන චිත්‍රපටයක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත්ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානයේදී ප්‍රදර්ශනය කැරිණි.

300 ක් පමණ වු පිරිසක් එම චිත්‍රපටය නැරැඹුහ.එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන පැවසුයේ  වසර  සියයකට පෙර ශ්‍රී ලංකාවේ වල් අලින් විසිදහසේ සිට හතලිස් දහස දක්වා පමණ සිටි බවයි.

ශ්‍රී ලංකාවේ ජනගහණ හා කෘෂිකර්ම වර්ධනය සමඟ එම සංඛ්‍යාව පන්දහස දක්වා අඩු වී ඇති බවත් ඔහු කීවේය.

ශ්‍රී ලංකා වනජිවී සංරක්ෂණ සංගමයේ සභාපති රවි කොරයා  කියා සිටියේ මිනිසා සහ අලියා අතර ගැටුමට විසඳුම් සෙවීම ඉතා අමාරු බවයි.තම සංගමය ඒ සඳහා වෙහෙසෙන බවද ඔහු කීය.

ශ්‍රී ලංකාවේ ඉතිරි වී සිටින වල් අලින් ගැන ලෝකයේ අවධානය යොමු කැර ගැනීමේ අරමුණින් මෙම චිත්‍රපටය ප්‍රදර්ශන කිරීමට අමතරව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයයයේ ඡායාරූප ප්‍රදර්ශනයක් ද පැවැත්විණි.

Chris_Cheng Dead_Elephant-1 Farmer_killed_by_an_elephant IMG_0087 WG-Fence_Restoration-2 Yala-May-13-200__5_

 



අදහස් (0)

අලියා රැකගන්න නිව්යෝක් යයි

රජින්ද Sunday, 16 November 2014 05:25 PM

ලාංකීය දුෂිත දේශපාලන ව්‍යුහය තුළ පරිසරයට ආදරය කළ හැකි, ඉතිහාසයට ආදරය කළ හැකි සහ අවසානයේ දෙපා-සිව්පා යන සියලු සත්වයන්ට ආදරය කළ හැකි අයෙකුගේ සෙවණැල්ලක්වත් පෙනෙන්නට නැත. සියල්ල ආර්ථික වටිනාකමේ මිම්මෙන්ම මනිනා දේශපාලන සංස්කෘතිය තුළ සියුම් හා සංවේදී කාරණා හෑල්ලුවී යන්නේය. (නි)

:       0       0

අශාන් Sunday, 16 November 2014 10:54 PM

මොනවාහරි කරලා කමක් නැහැ මේ අහිංසක සතුන් රැකෙනවා නම් (නි)

:       0       0

සත්‍යයා Sunday, 16 November 2014 11:58 PM

සංවර්ධන කටයුතු වලදී අදින ලද අධිබල විදුලි රැහැන් වලින් එකම දවසේ අලි ඇතුන් 4 දෙනෙකු මියගිය හැටිත් අපිට මතකයි (නි)

:       0       0

ඉසුරන්දි දෝහා Monday, 17 November 2014 07:54 AM

මාතෘකාව එකපාරටම බලද්දී මම හිතුවේ දෙපා අලි රැකගන්න නිව්යෝක් ගියා කියලා.මොකද මේ දවස්වල ඡන්ද උණුසුම පවතින නිසා. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 17 November 2014 02:58 AM

සියලුම දේට දේශපාලනය ඇඳගන්න එපා රජින්ද. (නි).

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Monday, 17 November 2014 04:10 AM

ඕකට නිව්යෝර්ක් එන්න ඕනේ නැහැ. ලංකාවේ අලි මොළයක් හොඳටම ඇති. (බ)

:       0       0

නාලි Monday, 17 November 2014 05:15 AM

රජින්ද හරි. මීට වසර දහයකට පමණ පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය අලින් සංරක්ෂණය කරන්නට විශාල වැඩපිළිවෙලක් සකස් කොට සියලු රටවල් දැනුවත් කළා. ආසියානු සහ ඇෆ්රිකානු රටවල බොහෝ ක්‍රියාකාරී මැති ඇමතිවරු ඉන් ප්‍රයෝජන ගත්තා. අපේ රටේ මීට පෙර සියලුම රජයන් යටතේ පත්කොට සිටි කිසිම ඇමති කෙනෙක්වත් නියෝජිතයන් වත් මින් ප්‍රයෝජන ගත්තේ නැහැ . දැන් සර්පයාගේ වලිගයෙන් අල්ලාගෙන චිත්තර පටි ගහනවා. මෙහි සඳහන් ඇතැම් කරුණු පරස්පරයි. මානව දයාවවත් සත්වකරුනාව වත් නැති පාලකයෝ මේවාට වග කියන්න ඕනේ. දේසපාලකයන් නොවෙයි නම් කවුද මේවාට මුල්වී කටයුතු කල යුත්තේ ? (අ)

:       0       0

ලලිත් Sunday, 16 November 2014 02:56 PM

වල් අලි ඉන්න පැතිවල ජනතාවට වල් අලි නැති පැතිවලින් නිවාස හදලා දීලා ඒ ඉඩම් වල අලින්ට නිදහසේ ඉන්න ඇරියා නම් ඉවරයිනේ. (නි)

:       0       0

ෆෙරෙඩ් Sunday, 16 November 2014 03:01 PM

අලි රැකගන්න නම් හොඳ වැඩපිළිවෙළක් ඕනෑ. (නි)

:       0       0

වසන්ත Sunday, 16 November 2014 04:13 PM

ලංකාවේ වන අලි සම්පත රැකගැනීමට ගතහැකි සියළු ක්‍රියාමාර්ග ගතයුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site