(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත කෙටුම්පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නව මූල්‍ය නීති රාමුවක් කෙටුම්පත් කිරීමට සහ යෝජිත රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට එකී මූල්‍ය නීති රාමුව ඇතුළත් කිරීමට 2023-5-8 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.
මේ අනුව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් අනෙකුත් භාණ්ඩාගාර දෙපාර්තමේන්තු සහ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් දෙදෙනෙකුගේ සම සභාපතිත්වය යටතේ පත්කරන ලද අධීක්ෂණ කමිටුවක උපදේශකත්වය සහ ප්‍රතිපත්තිමය මඟ පෙන්වීම යටතේ මූලික කෙටුම්පතක් සකසනු ලැබ ඇත.
එකී මූලික කෙටුම්පත මත පදනම්ව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් යෝජිත පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලබන තෙක් මුදල් රෙගුලාසි සම්පාදනය ආරම්භ කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීම පිණිස භාණ්ඩාගාරයේ ලේකම්ට බලය පැවරීමටත් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් රාජ්‍ය මූල්‍ය පනතක් එයි