IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අලුත් ප්‍රතිසංස්කරණ දේශපාලනයට අවාසියි, රටට වාසියි

(අංජුල මහික වීරරත්න)

රජයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ දේශපාලන වශයෙන් අවාසි සහගත වුවත් රටේ අනාගතයට වාසිදායක බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. 

අද ගැන නොව හෙට ගැන සිතමින් ජනපති රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ අරඹා තිබෙන බවද රත්නායක මහතා කීය.

අතීතයේ දී මැතිවරණ පිළිබඳ පමණක් සිතා තීන්දු ගැනීම රටේ ආර්ථිකය කඩා වැටීමට හේතු වූ බව පෙන්වා දුන් සාගල රත්නායක මහතා වත්මන් රජය සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිලාභ අද දවසේ හිමි නොවුණද, රටේ තරුණ තරුණියන් සහ අනාගත පරපුරට නිසැක වශයෙන්ම එම ප්‍රතිලාභ හිමිවනු ඇති බවද සඳහන් කළේය. 

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවති 2024 අයවැය යෝජනා සම්බන්ධ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක් වෙමිනි. ජනාධිපති වෘත්තීය සබඳතා අංශය විසින් මෙය සංවිධානය කර තිබිණි.



අදහස් (1)

අලුත් ප්‍රතිසංස්කරණ දේශපාලනයට අවාසියි, රටට වාසියි

රංබොඩ Saturday, 17 February 2024 10:33 AM

කොරෝනා වසංගත කාලය අවසන් වෙලා ලෝකෙම සාමාන්‍ය විදිහට පත්වෙනකොට හැම රටකම ආර්ථික තත්ත්වය ක්‍රමක්මයෙන් ගොඩනැගෙන්න ගත්තා. වර්ථමාන පාලනයට බටහිරෙන් උදව් කරනවා ජාතික කොඳු නාරටිය සිඳීමේ කෲර ආකල්පය සඟවාගෙන. ඒ හැරෙන්න මෙයාලාගේ අමුතු මැජික් එකක් නෑ.

:       15       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site