(අංජුල මහික වීරරත්න)
යෝජිත ධීවර පනතින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන අතර ඔවුන්ට කිසිදු හානියක් සිදු නොවන බවට පොරොන්දු වන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ආධාර ඇතිව ජලජීවී වගාව සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ද ධීවර අමාත්‍යවරයා කීය.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
සංශෝධිත නව ධීවර පනත් කෙටුම්පත නුදුරේදී සම්මත කරගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම්ව පවතින බවත් ධීවර කර්මාන්තය සංවර්ධන කිරීම තුළින් මත්ස්‍ය අස්වැන්න ඉහළ නංවා ගැනීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
යෝජිත ධීවර පනත් කෙටුම්පත පිළිබඳ ධීවර වෘත්තීය සමිති සියල්ල දැනුවත් කරමින් ඔවුන්ගේ අදහස් අනුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය .
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් ධීවර පනත ගැන ඇමතිගෙන් පොරොන්දුවක්