සෞදි අරාබියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන වඩිවෙල් ක්‍රිෂ්ණමූර්ති මහතා මැයි විසි වැනි දින සෞදි අරාබියට පැමිණීමට නියමිත බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.
අවසන් වරට දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස කටයුතු කළ ක්‍රිෂ්ණමූර්ති මහතා විදේශ දූත මණ්ඩල සේවයේ විසි වසරක පලපුරුද්දක් ඇත්තෙකි. ඔහු වසර 33 රාජ්‍යය සේවයේ යෙදී ඇති නිලධාරියෙකි.
එක්සත් ජාතීන්ගේ සංගමය, චීනය, නෙදර්ලන්තය, බංගලාදේශය ඇතුළු විවිධ රටවල › ලංකාව නියෝජනය කර ඇති ක්‍රිෂ්ණමූර්ති මහතා දකුණු ආසියාතික සහයෝගිතා සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්ද කටයුතු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
96
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලූත් තානාපති මාසේ මැද අරාබියේ
ලුම්බිණි Wednesday, 08 May 2013 10:46 AM
මම හිතනවා මේ පත්වීම හොඳ තේරීමක් වෙන්න පුළුවන් කියල. (ත)
නිරෝෂන් තංගවේලු Wednesday, 08 May 2013 10:50 AM
බලමු මෙයාවත් මොනවා හරි කරයිද කියලා දුක් විඳින ජනතාවට. (ත)
වරුණ Wednesday, 08 May 2013 11:01 AM
වෙනත් ජාතියක කෙනෙක් යවපු එක හොදයි. මොකද මුස්ලිම් අය අරාබියට ගියාම ඒගොල්ලොත් සුල්ආන්ලා වගේ තමයි ලාංකිකයන්ට සලකන්නේ.. (නි)
උපාලි Wednesday, 08 May 2013 11:06 AM
අපේ දුක් විඳින කොල්ලෝ කෙල්ලෝ ටික වෙනුවෙන් අනේ යමක් කරන්න (නි)
ෂෙරිෆ් Wednesday, 08 May 2013 11:18 AM
නව තානාපතිතුමාට අපෙන් උණුසුම් සුබ පැතුම්! සෞදියේ දුක්විඳින විදේශ සේවකයෝ නැහැ, කසිප්පු පෙරන අයයි අනාචාරේ හැසිරෙන අය සහ නිවෙස්වලින් පැනයන අය තමයි දුක්විඳින්නේ. (නි)
ප්‍රභාත් Wednesday, 08 May 2013 06:00 PM
ෂෙරිෆ්,මෙහෙ මිනිස්සු ආසාවට දුක් විදින්නේ නැහැ. නොදන්නා දේ කතා කරන්න එපා. මමත් දැන් අවුරුදු 3 සවුදියේ ඉන්නේ. මමත් දන්නවා එම්බසි එකේ අයියලා කරපු දේවල්. (නි)
ඩී. උපුල් Wednesday, 08 May 2013 11:45 AM
කවුරු ආවත් කළ යුත්තේ රටවල් දෙක අතර හොඳ සම්බන්ධයක් පවත්වා ගැනීමයි. මෙරටට එන ශ්‍රී ලාංකිකයින්ගේ රැකියා සුරක්ෂිතතාව තහවුරු කිරීම හා සාධාරණ වේතන ආදිය විශේෂයි. ඒවගේම සෞදි පුරවැසියන් අපේ රටට හරිම කැමතියි. සංචාරක ව්‍යාපාරය ගැනත් හිතුවොත් හොඳයි. (නි)
අසංග Wednesday, 08 May 2013 12:04 PM
ගරු නව තානාපතිතුමාට අපේ උණුසුම් සුබ පැතුම්! මේචර කල් වෙන කට්ටියක් රජ කරපු තානාපති කාර්යාලය ඔබතුමාගේ අතට පත්වීම අපේ සතුටට කාරණයක්. ඔබතුමාගේ සියලුම වැඩ කටයුතු වලට චිත්ත ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
පැතුම් Wednesday, 08 May 2013 12:15 PM
ෂෙරිෆ්, ඔයා ඉන්නේ සෞදියේද? නැත්නම් සුරංගනා ලෝකයකද? (නි)
රංජනී Wednesday, 08 May 2013 01:57 PM
හොද කෙනක් නම්,අවංක නම්,හොද සේවයක් කරනවා නම්,මොන ජාතිකයක් වුණත් මොකෝ? සිංහල ජාතිකයක්ම ඕනෑද? අපෝ අපේ සිංහලයෝ රට පාවා දෙන්න බලාගන ඉන්නේ (නි)
චන්දිම Wednesday, 08 May 2013 02:02 PM
මගේ සුබ පැතුම්. (නි)
මුහන්දිරම් Wednesday, 08 May 2013 03:50 PM
ඉස්සර හිටපු රජතුමන්ලගේ කාලේ ඉදලා මුස්ලිම් රටවල්වලට තානාපතිකමට යැව්වේ මුස්ලිම් ජාතිකයො නේද?ඉන්දියාව නිදහසේ සිට සෞදි අරබියාවට තානාපති හැටියට යවන්නේ මුස්ලිම් ජාතිකයනුයි. කමක් නැහැ. සුබ අනාගතයක් අපේ රටවැසියන්ට. (නි)
දයා අළහකෝන් Wednesday, 08 May 2013 03:52 PM
මමත් සුභ පතනවා මෙතුමාට. හැබැයි ඉතින් හොදින් අරාබි භාෂාව කතා කරන්න, හසුරුවන්න පුළුවන් වෙන්න ඕනෑ (නි)
ලලිත් Wednesday, 08 May 2013 04:27 PM
සිහලා වුණත් ජඩයෙකු නම් පහරදෙනු දෙමළා වුණත් උතුමෙකු නම් නම් ගරු කරනු ජාතිය කුලය ආගම ගැන නොගරහනු ගුණ නැණ විරිය ඇත්තන් මුදුනටම ගනු (නි)