
(අංජුල මහික වීරරත්න)
පටක රෝපණ තාක්ෂණය යොදාගනිමින් පොල් පැළ සැකසීම පිළිබඳව ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය විසින් කළ පර්යේෂණ ඉතා සාර්ථක බව එම පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සනාතනී රණසිංහ මහත්මිය පැවසුවාය.
පටක රෝපණයෙන් පොල්පැල සැකසීම සිදුවී ඇත්තේ ලෝකයේ පළමු වරට බවද රණසිංහ මහත්මිය කීවාය.
මෙම නව නිපදවීම දැක බලා ගැනීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයට ගියේය.
පර්යේෂණ නළ තුළ පොල් මලක සියුම් කොටසක් යොදා ගැනීම මගින් නිපදවා ඇති පොල් පැළ අමාත්‍යවරයා මෙහිදී නිරීක්ෂණය කළේය.සාම්ප්‍රදායික පොල් වගා ක්‍රමයෙන් පොල් පැළ සකසා ගැනීම සඳහා විශාල ඉඩකඩක් අවශ්‍ය වුවත් පර්යේෂණාගාරයේ අඟල් හයක් පමණ උස වීදුරු බටයක් තුළ සාර්ථකව පොල් පැළ වගා කර තිබිණි.
ආචාර්ය සනාතනී රණසිංහ, අංශ ප්‍රධාන ආචාර්ය විජිතා විදානාරච්චි ප්‍රමුඛ විද්‍යාඥයෝ මෙම පර්යේෂණය සිදු කළහ.

2025 දෙසැම්බර් මස 18
131
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් ක්‍රමයකට පොල් පැළ හදයි
සෙනෙවිරත්න Tuesday, 23 January 2024 10:43 AM
ඒක බොහොම හොඳ වැඩක්, මව්ගසේ ගුණාංග 100%ක් ලැබෙන ගසක් සිටුවීම, දැන් වෙලා තියෙන්නෙ වසර පහක් හයක් දැඩි කරල අංග විකල දරුවෙක් හදපු එක වගේ වැඩක්, ගස් විතරයි ගෙඩි නැහැ, නැත්නම් ගෙඩි දෙක තුනයි.
sachith Tuesday, 23 January 2024 10:53 AM
ඡයාරුප පලකරන්න පුලුවනම් තවත් වටිනව.
රංබොඩ Tuesday, 23 January 2024 11:54 AM
ඔය මොනා කෘත්‍රිම ව කළත් රටට ආවේනික.අපේ පොල් ගහ වගේ පරම්පරා ගණනාවක් පළදාව දෙන්න බෑ. බොහෙත් පොහොර ගහලා ඉක්මනින් පළදාව ගන්න පුලුවන් ඇති නමුත් ඉක්මනින් ම මැරිලා යයි.
Maddumage Tuesday, 23 January 2024 06:19 PM
රංබොඩයියා නිවැරැදියි කියන්න පුළුවන්... මොකද අපේ පාරම්පරික පොල්ගස්වල ඵලදාව අඩුයි තමයි... ඒත් ඒ ගස් බොහෝ කාලයක් කෘමි වුවදුරු නැතුව පවත්වා ගන්න පුළුවන් ඔය පර්යේෂණ ආයතනවල නිපදවන වර්ග අස්වැන්න හොඳ වුණත් ඉතාමත් ඉක්මණින් කෘමීන්ට ගොදුරුවෙනවා... සාමාන්‍යයෙන් පැරණි වර්ග වල ලීයෙනුත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්... කොහොම වුණත් කමක් නැහැ... කෘමී හානි නොවෙන්න අධිකව පොහොර අනවශ්‍ය පොල් වර්ගයක් නිපදවීම කරන්න පුළුවන් නම් වටිනවා...
Arambepola Tuesday, 23 January 2024 02:20 PM
ඔය තාක්ෂණයේ තායිලන්තයේ විශාල ප්‍රමාණයෙන් කරනවා... ලෝකයටම පොල්වතුර පැකට් කිරි දෙන්නේ ඒ අයයි. අමරවීර කොන්දොස්තර මහත්තයාට ඕවා පුදුම වැඩ...