(සුජිත් හේවාජුලිගේ )
නව කැබිනට් අමාත්‍යවරුන් දොළොස් දෙනෙකු සහ ආණ්ඩුකාරවරුන් හය දෙනෙකු මේ මස අග පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් වැඩි දෙනෙකුට මෙහිදී අමාත්‍ය ධූර හිමිවනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසකට අමාත්‍යධූර මෙයට පෙර පිරිනැමීමට නියමිතව තිබුණත් එය කල් ගියේය.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාටද අමාත්‍ය ධූරයක් පිරිනැමීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයට මධ්‍යම බස්නාහිර සහ සබරගමු පළාත්වල ආණ්ඩුකාරවරුන් නම් කිරීමේ අවස්ථාව ලබාදීමටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දකුණ, සබරගමුව, වයඹ සහ නැගෙනහිර පළාත් සඳහා ආණ්ඩුකාරවරුන් නම් කිරීමේ අවස්ථාව ලබා දීමටත් එකඟත්වය පළ වී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
තමන්ට ආණ්ඩුවෙන් කිසිම සැලකිල්ලක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගියදා පැමිණිලි කළහ.
2025 දෙසැම්බර් මස 18
179
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් කැබිනට් ඇමතිවරු 12 ක් මේ මස අගදී
ravin Tuesday, 03 January 2023 10:57 PM
තවත් රටේ ඉතුරු වෙලා තිබෙන සම්පත් විනාශ කිරීමේ වැඩ පිළිවෙලක්.
siri Wednesday, 04 January 2023 03:09 AM
යන යකා කොරහත් බිඳගෙන යන්නයි හදන්නේ.
දාස Wednesday, 04 January 2023 05:34 AM
මෙහේ මිනිස්සු දහ දුක් විදිනවා. හොරු134 ක් අල්ල ගත්ත අපේ රට උන්ට ඕන විදියට සැප ගනිමින් ඉස්සරහට ගෙනියනවා
Sunil Wednesday, 04 January 2023 05:50 AM
මේ කාලකන්නි හැතිකරයට අවශ්‍ය තමන්ගේ ප්‍රතිරූපය සහ මහන්තත්වය නංවා ගැනීමයි .ජනාධිපතිත් පොහොට්ටුවේ පඹයෙක් වෙලා අවසානයි .මේ දුරධාන්ත රජය යටතේ රට තවත් කාබාසිනියා වීම නොවැළැක්විය හැකියි
අබිලින් Wednesday, 04 January 2023 06:58 AM
අයියෝ ආණ්ඩුකාරවරු පත්කිරීමේදී මධ්‍යම බස්නාහිර හා සබරගමුව එජාපයේ අයටත් දකුණට වයඹට නැගෙනහිර හා සබරගමුව සදහා පොහොට්ටු අයටද අවස්ථාව දීමට තීරණය කලා කියන්නෙ සබරගමුව සදහා දෙදෙනෙක් පත්කරනවා කියලද මහත්තයෝ
Akila Wednesday, 04 January 2023 06:58 AM
මැතිවරණ තියන්න සල්ලි නැහැ කියලා බයිලා ගහන්නේ චන්ද වලට තියන බය නිසා , මේ හොර ආණ්ඩුවට අලුත් ඇමතිලා පත්කරගෙන උන්ට වියදම් කරන්න , නාස්තිකරන්න සල්ලි ඕනේ තරම් තියනවා
LGPJ Wednesday, 04 January 2023 07:02 AM
හිසරදය සඳහා තවත් කොට්ටයක් මාරු කිරීම .
sharm warn Wednesday, 04 January 2023 08:48 AM
හොරුන් රකින්න බලෙන් නායකයා වුනාම හොරුන්ව රැකෙනවා ඇරෙන්න වෙන මොනවද වෙන්න පුළුවන්?ජනතාවනි .. අවදියෙන් ඉන්න.චන්දයේදී ඔබට සාධාරණයක් ඉටු කර ගන්න
මුදියන්සේ... Wednesday, 04 January 2023 09:29 AM
ආණ්ඩුකාර ධූර සදහා පත් කෙරෙන්නේ හැට පැන හොට බිම ඇණුනු විශ්‍රාම ගොස් සිටින දේශපාලක මහල්ලන්ද ? බස්නාහිර පළාත සදහා දැනට කටයුතු කරන එයාර් මාෂල්වරයා සුදුසු බව මාගේ හැඟීමය.
මුහන්දිරම් Wednesday, 04 January 2023 10:36 AM
හැට පැනපු අය හොද නැත්නම් විශ්‍රාම ගත් එයා මාර්ෂල් හොද වෙන්නෙ කොහොමද එයා ඔයාගෙ නෑයෙක් නේද
ranjith Wednesday, 04 January 2023 10:34 AM
ජන්ද තියන්න සල්ලි නැහැ, ජනතාවට සහන දෙන්න සල්ලි නෑ. 134 කට පහසුකම් දෙන්න සල්ලි තියෙනව.
Rata Perata Wednesday, 04 January 2023 01:00 PM
හොරුන්ගෙන් ආව හොර නායකයෙක්ට ඕක තමයි කරන්න වෙන්නේ. රනිල් කියන්නේ කිසිම දැක්මක් තියෙන නායකයෙක් නෙවෙයි. නැතිනම් අවුරුදු 40ක් දේශපාලනය කරලා අපේ රට දැන් තියෙන තැන පේනවා නේද?
fairoos Wednesday, 04 January 2023 02:40 PM
රනිල් රාජපක්ෂ රට තවත් බංකොලොත් කරන්ඩයි යන්නෙ..මෙ කාලකන්නින්ට ස්වබා දහමින් පඩිසම් ලැබෙනව