අලුත්ගම ප්‍රදේශයේ පසුගිය දා ඇති වු කලබලකාරී වාතාවරණයෙන් විනාශයට පත් වු ව්‍යාපාරික ගොඩනැගිලි 35 ක් යළි යථා තත්වයට පත්කිරීමට සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකාව ගුවන් හමුදාව තීරණය කර ඇත.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ උපදෙස් මත ඒ සඳහා ගුවන් හමුදා සාමාජිකයෝ 110 දෙනෙකු යොදවා ඇත.
මේ පිළිබඳව සොයා බැලීම සඳහා ගුවන් හමුදාපතිවරයා අලුත්ගම ප්‍රදේශයේ නීරීක්ෂණ චාරිකාවක නිරත වු අතර එහිදී ඔහු ප්‍රදේශවාසීන් සමග එක්ව හානි වු ගොඩනැගිලි නිරීක්ෂණය කළේය.
අනතුරුව ඔහු අළුත්ගම ඛෙල්ලන සංඝාවාසය සහ ධර්මපාල පිරිවෙනේ ඉදිකිරීම් කටුයුතු නිරීක්ෂනය කිරීමට එහි ගියේය.
එහිදී එම ඉදිකිරීම් කටයුතු සඳහා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය සැපයීමට කටුකුරුන්ද කඳවුරේ ගුවන් හමුදා සාමාජිකයෝ පිරිසක් යොමු කිරීමටද ගුවන් හමුදාපතිවරයා පියවර ගත්තේය.
මේ සඳහා ගුවන් හමුදාපතිවරයා සමග ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු එයාර් වයිෂ් මාර්ෂල් සී.ආර් ගුරුසිංහ සහ කටුකුරුන්ද අණ දෙන නිලධාරී විංග් කමාන්ඩර් එම් බාලසුරිය යන මහත්වරුන්ද එක්වුහ.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
208
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත්ගම අලුත්වැඩියාවට ගුවන් හමුදාවත් එයි
නන්දන පනාගොඩ මිලානෝ Friday, 08 August 2014 01:59 PM
අත්‍යාවශ්‍ය නොවන සිවිල් කටයුතු වලට බලෙන් හමුදාව යෙදවීම ප්‍රජාතන්ත්‍රවාදී සහ සදාචාර සම්පන්න නොවන ක්‍රියාවකි. (නදී)
එරංග Friday, 08 August 2014 02:59 PM
බොහොම හොඳ තීරණයක් (නි)
බණ්ඩාර Friday, 08 August 2014 06:32 PM
මේකට හමුදාව යෙදවූ එක හොඳයි.මේවා හැදෙනවට අකමැති කට්ටියකුත් ඉන්නවනේ... (නි)
කසුන් Friday, 08 August 2014 06:41 PM
එරංග, ඔබ සමඟ එකඟ වෙන්න අමාරුයි මට. (නි)
නුවන් Friday, 08 August 2014 08:32 AM
රක්ෂණය ගන්න තමන් විසින්ම ගිනි තියාගත්ත කඩත් හදල දෙනවද? (අ)
සම්පත් Friday, 08 August 2014 09:59 AM
ගුටිත් කාල, ගෙවලුත් හදා දෙනවා. මාර මහජාතියක් නේ? (අ)
සමීර සාලින්ද Friday, 08 August 2014 10:15 AM
හමුදාවේ ගෞරවය විනාස නොවේවා (නදී)
ලිසෙනි Saturday, 09 August 2014 12:59 AM
බොහොම හොඳයි. අපේ රණවිරුවන් කැමැත්තෙන් මේවා කරනවා නම් අපිටත් ප්‍රශ්නයක් නැහැ. අපිත් සතුටුයි (නි)
දිනූෂ Friday, 08 August 2014 10:28 AM
රට දිනවලා දුන්නු කොල්ලොන්ට මෙහෙම කරවලා මදි. (නදී)
මහින්ද Saturday, 09 August 2014 02:08 AM
ඔබට අපගේ ප්‍රණාමය! (නි)
සලීත් Saturday, 09 August 2014 02:31 AM
බොහොම හොඳ ක්‍රියාවක්. නමුත් ත්‍රිවිධ හමුදාව යොදාගැනීමට නම් මම ටිකක් අකමැතියි (නි)
කීර්ති Saturday, 09 August 2014 03:44 AM
ඇයි මේ ත්‍රිවිද හමුදාවේ ගෞරවය විනාශ කරන්නේ.......ගෙවල් හදනවා ,උද්‍යාන පවිත්‍ර කරනවා....එතකොට නගර සභා වලට ගත්ත සිවිල් සේවකයන්ට තිබෙන රාජකාරිය කුමක්ද.(අ)
ප්‍රසාද් Saturday, 09 August 2014 05:03 AM
ගුවන් හමුදාවත් ඉවරයි (නදී)