IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අරලිය මැඳුරේ බණ දැන් පුද බිම්වල

සෑම පුර පසොළොස්වක පොහොය දිනකම මේ වන තෙක් අරලියගහමන්දිරයේ  පැවැති ධර්ම දේශනාව  මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ ඓතිහාසික පුජනීය ස්ථානයන් මුල් කර පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

පොහෝ දින සිල් සමාදන්  වන උපාසක උපාසිකාවන් විශාල පිරිසකට ධර්මය ශ්‍රවණය කිරීමට හැකි වන ලෙස එම ධර්ම දේශනාව රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමටත් ,එය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවී ලෙස විකාශනය කිරීමටත්  පියවර ගෙන තිබේ.

මේ අනුව පෙබරවාරී මස 3 වැනි දිනට යෙදෙන වප් පුර පසොළොස්වක පොහෝ දිනයේ ප්‍රථම ධර්ම දේශනාව පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී චෛත්‍ය රාජයා ඉදිරියේ පුර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වේ.



අදහස් (0)

අරලිය මැඳුරේ බණ දැන් පුද බිම්වල

ඡන්න Tuesday, 03 February 2015 02:15 PM

බුද්දාගම බොරු ශෝබන දහමක් නොවේ. පෝයට සිල්ගන්න ඕනෙම නම් ගමේ පන්සලට ගිහිල්ල සිල් අරගෙන බන අහල එන්න පුළුවන්. රජය මැදිහත් වෙන්න ඕනේ පන්සල් යන මිනිස්සු වැඩි කරන්න. ලංකාවේම පන්සල් වල පහසුකම් වැඩි කරන්න. නැතිව එක තැනක් තෝරාගෙන බොරුවට ප්‍රචාරය කරන එකනේවි. අරලියගහ මන්දිරය තියෙන්නේ රට අගමැති ට ඉන්න සහ රට පාලනය කරන්න අවශ්‍ය තීරණ ගන්න. මිනිස්සු සේරම පටලවාගෙන. (නදී)

:       0       0

ජයසේකර Tuesday, 03 February 2015 02:18 PM

සිංහල බෞද්ධ කම නමට සීමා කරගෙන දෙපැත්තට වෙලා කඹ අදපල්ලා. අන්තිමට මහා ජාතියට ආගමට උන දේ ගැන හිතල ..හුල්ලනකොට වෙන්න ඕන දෙය වෙලා ඉවරයි (නදී)

:       0       0

මැණික් Tuesday, 03 February 2015 06:21 AM

ඒක හොඳයි . වැඩි දෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් නම් ලොකු පිනක්. (හේ)

:       0       0

ජයසේන Tuesday, 03 February 2015 06:23 AM

බොහොම හොද අගය කළ යුතු දෙයක්.(හේ)

:       0       0

කල්හාරි Tuesday, 03 February 2015 06:43 AM

සෑම පුර පසොළොස්වක පොහොය දිනකම හැම ගමකම පන්සලේ හාමුදුරුවෝ ධර්ම දේශනාවක් පවත්වනවා. ඔය අරලිය ගහමන්දිරයේ බන කියන්න ගත්තේ මහින්ද මහත්තයාගේ තියෙන ශ්‍රද්ධාව වැඩිකම නිසා රටේම මිනිසුන් එතනට ගෙන්වාගැනීමටයි. මේ අරලියගහ යට බන කියන එක නැවත්වීමට ආණ්ඩුව බිය වන්න ඕනේ නැහැ. ලොකුවට තීරණ ගන්න දෙයක් මෙහි නැහැ කියල තමයි හින්තෙන්නේ. ගමේ මිනිස්සු ගමේ හාමුදුරුවන්ගේ බන අහල ඕක කර ගනීවි. (නදී)

:       0       0

චමිල Tuesday, 03 February 2015 07:01 AM

බොහොම හොද කාර්යයක්. පූර්ණ ආශීර්වාදය. පෙබරවාරි පෝය "වප්" නෙවෙයි "නවම්". (නදී)

:       0       0

මහේෂ් Tuesday, 03 February 2015 04:03 PM

හොඳ වැඩක්. ජනාධිපති තුමා බුද්දාගම ප්‍රචාරයට බැඳිලා නෑ. ඉස්සරත් ජාතික රූපවාහිනියේ සවනක් රැස් වැඩසටහන තිබුනා. (නදී)

:       0       0

දහම් Tuesday, 03 February 2015 07:16 AM

කලින් සැරේ බුදු පිළිමය ඉවත් කළා කියල ප්‍රචාරය වුනා. මේ සැරේ බන කියන එක නැවැත්තුවා. හෙට අනිද්දා වෙන කොට බුදු පිළිමයත් ඉවත් කරයි ද දන්නේ නැහැ. (නදී)

:       0       0

මනෝජ් Tuesday, 03 February 2015 07:17 AM

දැන් අරලියගහ මන්දිරයේ බන අහන්න මිනිස්සු නැහැනේ, ඉතින් බන මොකටද ? (නදී)

:       0       0

සරත්කුමාර Tuesday, 03 February 2015 07:26 AM

පහුගිය ජනාදිපති තුමා කියපු බන හොදටම ඇති. (නදී) .

:       0       0

බණ්ඩා Tuesday, 03 February 2015 07:45 AM

අරලිය බන අහලා , අරලිය දන්සල වැදලා දැන් මිනිස්සු ඔක්කොම රහත් වෙලා ....තවත් රහත් නොවී ඉන්න අයට මැදමුලනට ගියාම බන අහන්න පුළුවන් .(හේ)

:       0       0

නුවන් Tuesday, 03 February 2015 07:51 AM

පුද බිම්වල හැමදාමත් බන කිව්වනේ නමුත් රජගෙදර බන කියන එක නැවැත්තුවේ මොකද කියලා අපිට හිතාගන්න පුළුවන්.(හේ)

:       0       0

උමේෂ් Tuesday, 03 February 2015 08:13 AM

ඒ වැඩේ හොදයි.ඒකෙන් රටේ සියලුම ජනතාවට මේ සඳහා සහභාගී විය හැකියි.(හේ)

:       0       0

විජයසුන්දර Tuesday, 03 February 2015 08:29 AM

වෙනසක් කරලා පෙන්නන එක ඒ තරම් අමාරු නැහැ , තියෙන දේ වෙනස් කලාම හරි , අටුව කඩා පුටුව හැදීම වගේ .(හේ)

:       0       0

අශාන් Tuesday, 03 February 2015 05:23 PM

බණ අහන තැන නෙමෙයි වැදගත් ඒවා හරියට ක්‍රියාත්මක වෙන එකයි වැදගත්.. ඒ නිසා මේවා ගැන වද වෙන්න ඕන නෑ..(නදී)

:       0       0

කුමාරී Tuesday, 03 February 2015 09:15 AM

පුදුම වෙනසක්නේ කරලා තිබෙන්නේ. (දිල්)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 03 February 2015 09:22 AM

සාදු...සාදු...සාදු රාගය, ද්වේශය මෝහය දුරුවී සියලු සත්වයා මේ ගිනිගත් සසරින් මිදේවා!(හේ)

:       0       0

දිලිප් Tuesday, 03 February 2015 09:24 AM

ධර්ම දේශනා පැවැත්වීම නොවෙයි ගැටලුව. ඒ සදහා දරන වියදම් . අරලිය මැදුරට යන එකත් ලේසි නෑ. පෞද්ගලිකවම සහභාගි වුවෙක් මම. අනවශ්‍ය වියදමක්. යටි අරමුණත් පැහැදිලි වෙනවා එහනට ගිහින් වෙන දේවල් දිහා බැලුවහම. බොදු බැතිය තිබිය යුතුයි. නමුත් එමගින් තම ප්‍රතිරුප නැගීම අරමුණු කරනම් එය පිනක්ද යන්නත් මතුවන ගැටළුවක්.(හේ)

:       0       0

ප්‍රියන්ත Tuesday, 03 February 2015 09:34 AM

කල්හාරි ඔබට මගේ ප්‍රණාමය , ඔබ යථාර්තය දකිනවා නිවැරදිව.(හේ)

:       0       0

සේකර Tuesday, 03 February 2015 09:41 AM

කලින් අය කළේ කෝටි ගනන් සල්ලි වැය වන වෙනස්විම්. එතකොට කොමිස් එහෙමත් ලැබෙනවනේ. මේ අය කරන්නේ සල්ලි යන්නේ නැති රට දැය හදන ප්‍රතිපත්තිමය වෙනස්විම්. ඒකයි වෙනස. (හේ)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 03 February 2015 09:42 AM

ආගමයි දේශපාලනයයි පටලවා නොගැනිම ඉතා හොඳ පූර්වා දර්ශයක්.(හේ)

:       0       0

සම්පත් පෙරේරා Tuesday, 03 February 2015 09:43 AM

කුමාරිට ඕනේ කෝටි ගනන් සල්ලි වැයවන වෙනස්විම් විතරද? (හේ)

:       0       0

ජයතිස්ස පෙරේරා Tuesday, 03 February 2015 09:46 AM

සෑහෙන වියදම් කරලා, අරලිය ගහ මැදුරේ ලොකු ලොක්කෝ බණ අහනව ටිවි එකෙන් බල බලා ඉන්නද සමහරු කැමති කියලා හිතෙනවා සමහර කමෙන්ට්ස් දැක්කම. (ර)

:       0       0

ඉදුනිල් පෙරේරා Tuesday, 03 February 2015 09:50 AM

කලින් අය නොකලෙත් සල්ලි වැය නොවන වෙනස්විම්. අපි හැමදාමත් හිතුවේ ඇයි මේ ලේසියෙන් කරන්න පුළුවන් නිති වෙනස් කිරිම, ප්‍රතිපත්තිමය වෙනස් කම් නොකරනේ කියලා. දැන් ඒවා කරන කොට ඒවටත් බනින අය ඉනනවනේ.? (ර)

:       0       0

කරුණාපාල Tuesday, 03 February 2015 10:21 AM

අනුන්ගේ සල්ලි වලින් දන්සල් දෙන්න තියනවා නම්, අපි දවස ගානේ වුනත් දන්සල් දෙන්නම්කෝ..(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 03 February 2015 10:33 AM

අරලිය ගහ යට බණ නවත්වපු එක නම් ඉතාමත් වටිනවා. මොකද අපේ ගමේ උපාසක උපාසිකාවන් පිරිසක් පහුගිය පොහොය දිනෙක මේ පළාතේ මන්ත්‍රීතුමා එවපු බස් රියකින් අරලිය බණ අහන්න එක්ක ගියා. ඒගොල්ලන් බණ අහල ගමට ඇවිත් කිව්වේ බණ ගැන නොවෙයි. වටේට ලයිට් අල්ලන කට්ටියයි, කැමරාකරණ කට්ටියගෙයි, ඒක බලාගෙන උපදෙස් දෙන මහත්වරුන් කඩියෝ වගේ එහෙට මෙහෙට දුවල පැනල කරන වැඩ ගැනයි. මේ කට්ටිය බණ අහනවට වඩා වටපිට ඇති දේවල් ගැන සහ එතන සිදුවෙන දේවල් වලටයි වැඩි අවධානය යොමු කරලා තියෙන්නේ. දහවල් හොඳට කාල ආවා කියපු එක විතරයි අන්තිමට එම බණේ සාරාංශය ලෙස කිය වුනේ. (නදී)

:       0       0

හේමන්ත Wednesday, 04 February 2015 09:37 PM

අවන්ති, ජයසේකර, අශාන් ඔයාලගේ අදහස් ප්‍රසංසනීයයි. (නදී)

:       0       0

සහීඩ් Tuesday, 03 February 2015 11:05 AM

අගය කළ යුතු දෙයක් ජනාධිපති තුමාව පත්කරන්න අපිලගේ ජනතාව ගොඩක් මහන්සිවුනා.. ඒ නිසා ජනපති තුමාව, අගමැති තුමාව අපිටත් අයිතියි.. ඉතින් එයාලා කරන්න ඕනා රටේ හැමදෙනාම එකගවෙන දේවල් .(හේ)

:       0       0

හේමන්ත Tuesday, 03 February 2015 11:33 AM

අරලියගහ මැදුර බේෟද්ධ කටුතුවලට නුසුදුසු තැනක් කියල සිතෙන්න ඇති. නැතිනම් අනවශ්‍ය වියදම් කපාහරලා ඒ පිළිවෙත් එහිම කරන්න තිබුණා. උදාහරණයක් ලෙස මේසේ කකුල් හතර උඩ අතට තියල කරන වෙනස වෙනුවට අරුත්බර වෙනසක් තමයි අපට අවශ්‍ය. (නදී)

:       0       0

අවන්ති Tuesday, 03 February 2015 12:08 PM

බුදු බණ සවනට ඇහෙනෙවනම් ඒක අරලිය ගහ මැදුරේද කොතනද කියල වෙනසක් නැහැ. හිටපු ජනපති තුමා කරපු හැම දෙයක්ම වැරදි විදිහට සහ ද්වේශ සහගතව බලන්න එපා. අරලිය ගහ මැදුරේ සෑම පෝය දිනකම විකාශය වුන එම වැඩ සටහන සෑම දෙනාටම ප්‍රයෝජනවත් එකක්ම වුනා. මොකද බණ දේශනා කලේ හාමුදුරු නමක් මිසක් ජනාධිපති තුමන් නෙවෙයි (නදී)

:       0       0

රුක්මාල් Tuesday, 03 February 2015 12:35 PM

හිටපු ජනාධිපති මහින්ද තුමා බණ අහන්න කැමතියි.. මේ ව්‍යාපෘතිය එයාට බාරදුන්න නම් හොදයි. සමහරවිට එයාට ඒකෙන්ම ගොඩ එන්න පුළුවන් වේවි..(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site