IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අරලිය උයනේදී බස් රථයක් පෙරළෙයි: 15ක් රෝහලට

(ෂේන් සෙනෙවිරත්න)

වත්තේගම කුඩුගල හරහා මහනුවරට ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථයක් අරලිය උයන ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාම හේතුවෙන් එහි ගමන් ගත් මගීන් 15 දෙනෙකු තුවාල ලබා වත්තේගම රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ මගීන් 25 දෙනෙකු පමණ සිට ඇති අතර බස් රථය ධාවනය වෙමින් තිබියදී රියදුරු අසුන ආසන්නයේ ඇති දොර විවෘත වීම හේතුවෙන් රියැදුරු එය අල්ලා ගැනීමට යාමේදී බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී පෙරළී ගොස් ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් කළමනාකාර සනත් ප්‍රසන්න මහතා කීය.

තුවාල ලැබූවන් බරපතල තත්ත්වයේ නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (2)

අරලිය උයනේදී බස් රථයක් පෙරළෙයි: 15ක් රෝහලට

Hasith Thursday, 03 July 2025 04:01 PM

සීට් බෙල්ට් දාන්න කිව්වාම වගේ වගක් නැහැ. නිස්කාරණේ මිනිස්සු මරන්න තමයි හදන්නේ...

:       0       1

Amal Thursday, 03 July 2025 04:50 PM

හැමෝම හිතන්නේ දෙපානම ප්‍රදේශයේ තියෙන අරලිය උයනේදී මේ සිද්ධිය වෙලා කියලා....නමුත් ඇත්තටම කොළඹින් කිලෝ මීටර් ගණනාවක් ඈත පැත්තක් ගැනයි මේ කියන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 296 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site