IMG-LOGO

අරලගංවිල පොලිසිය වසාදමයි

                                        
(ක.ග. කරුණාරත්න)

අරලගංවිල පොලිසියේ රාජකාරි කරන උප පොලිස් පරීක්‍ෂකවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු එම පොලිසියේ සේවය කරන 136 දෙනෙකුගේ  පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකළ බවත් එම වාර්තා ලැබෙන තෙක් අරලගංවිල පොලිසිය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා (21) ප්‍රකාශ කළේය.
 
පොලිසියේ සියළුම දෙනා මේ වනවිට එම පොලිස් ස්ථානය තුළම නිරෝධායනය සඳහා යොමුකර තිබෙන බවද ඒ මහතා පැවසීය.

ඊට අමතරව කොරෝනා වයිරසය ආසාධිත එම පොලිස් නිලධාරියාගේ ආශ්‍රිතයන් ලෙස මේ වනවිට හඳුනාගෙන ඇති පවුල් 14කට අයත් පුද්ගලයෝ 53 දෙනෙකු සංචරණ සීමා පනවා පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා යොමුකර ඇතැයිද ඒ මහතා කීවේය.
 
මෙම පිරිස අරලගංවිල, තමන්කඩුව, සිරිපුර යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අයත් වන බවද වෛද්‍ය කුමාරවංශ මහතා පැවැසීය.



අදහස් (0)

අරලගංවිල පොලිසිය වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 531 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 700 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site