IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අරඹේපොල රතනසාර හිමි අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)
 
මියන්මාර් ජාතික සරණාගතයන් පිරිසක් රැදී සිටි  නිවස ඉදිරිපිට කලහකාරි ලෙස  හැසිරි දේපල වලට හානි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මසකට වැඩි කාලයක් පොලිසිය මඟ හරිමින් සැඟව සිටි අරඹේපොල රතනසාර හිමි අද (20) පොලිස් මුලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

සැකකාර රතනසාර හිමියෝ නුවර සිට බස් රථයකින් පැමිණෙමින් සිටියදී නිට්ටඹූවේ දී අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (15)

අරඹේපොල රතනසාර හිමි අත්අඩංගුවට

NIMAL MADAWALA Friday, 20 October 2017 07:27 AM

අනේ අපේ නිර්මල දහමට යන කල , අනික අපි ලෝකෙට ධර්මය පතුරවන්න යන ගමනේදී ,කව්රු හරි කෙනෙක් ඇසුවොත් ,ලංකාවේ මේවැනි දේවල් වෙනවනම් , මොනවාද අපි කියන්නේ.

:       2437       1360

madawa Friday, 20 October 2017 07:27 AM

අවුලක් නෑ ඇප හම්බෙනවනෙ . දැන් ඉතින් මොනාකලත් ඇප ගන්න පුළුවන්

:       1798       437

Kamal Friday, 20 October 2017 08:05 AM

වීරෝදාර හිමිනමක්. යුද්දේ කාලෙත් ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කළා.

:       2499       2315

Ruwan Friday, 20 October 2017 08:09 AM

අපි හැමෝම දැන ගන්න ඕනේ අපි සියලු දෙන රටේ නීතියට යටත් බව.

:       1443       1607

mahee Friday, 20 October 2017 08:28 AM

වරදක් කළා හෝ නොකළා හෝ නඩුවකට හොයන බව දන දැනම, නිකම් රස්තියාදුකාරයෙක් කරනවා වගේ කට්ටි පනින එක ගැලපෙන වැඩක්ද?

:       1406       1555

කොඩ්ඩා Friday, 20 October 2017 08:36 AM

දේපළ වලට හානි කරලා (නම්) වැරදියි, හැබැයි ලෝකෙම කුණු මෙහෙ දාගන්නත් හොඳ නෑ.

:       5       1933

tarzanFriday, 20 October 2017 09:11 AM

එහෙනම් අපේ කුණු ඕස්ට්‍රේලියාවට යන්නේ මොකද?

:       1378       198

කොඩ්ඩාFriday, 20 October 2017 11:35 AM

එහේ මෙහෙවගේ බාරගන්නේ නෑනේ...

:       8       88

dhamneth Friday, 20 October 2017 09:22 AM

අනගාරික ධර්මපාලතුමා ජීවත්ව සිටියා නම් මෙලහකටත් එතුමා මේ වගේ අයගෙන් බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න ක්‍රියා මාර්ග අරගෙන....

:       363       535

saliya Friday, 20 October 2017 09:36 AM

ස්වාමින් වහන්සේලා ගම වෙනුවෙන්, රට වෙනුවෙන් සේවය කරන එක හොඳ දෙයක්. නමුත් සමහර අවස්ථා වල කරන දේවල් ලෝකයේ ප්‍රචාරය වෙනකොට, බුදු දහමට අපකීර්තියක් වෙනවා. ලොව ශ්‍රේෂ්ටතම ආගම බුදු දහම බව අපි ක්‍රියාවෙන් පෙන්වනවා නම් වඩා ප්‍රයෝජනවත්.

:       0       263

පුෂ්පකුමාර Friday, 20 October 2017 10:37 AM

ඉක්මණින් නිවන් යන්න යහපත් වැඩක් කරන කොට, අවාසනාවට ඒකට මේ රටේ නීතිය හරස් වෙනවා නම්, මියන්මාරයටම ගිහින් ගේමට බහින එක හැර වෙන කරන්න දෙයක් උන්වහන්සේලාට තවත් ඉතුරු වෙලා නැහැ.

:       0       118

අබරන් Friday, 20 October 2017 11:02 AM

ඉටු කොට කල යුතු යුතුකම්, ලැබුනත් ලෝකෙන් ගැරහුම්, ඉවසන්නට පුළුවන් නම්, නුඹයි මගේ පුතා උතුම්. එස්. මහින්ද හිමි.

:       148       135

Sampath Friday, 20 October 2017 11:18 AM

රුවන්, ඔබ කතා කරන නීති සම්පාදනය කරන්නේ ඒ රටේ ප්‍රධාන ආගම පදනම් කරගෙන සහ එම රටේ සංස්කෘතිය මුල් කරගෙන... මුස්ලිම් රටවල නීති මුස්ලිම් ආගමානුකූලව ශරියා නීතිය ලෙස එම රටවලත්, යුරෝපයේ ඇතුළු අනෙක් රටවල කතෝලික ආගමානුකූලව හදපු ඉංග්‍රීසි නීතිය හෙවත් කොමන් ලෝ එක පාවිච්චි වෙනවා. බුද්ධ ධර්මයට අනුව වැරැද්දක් කියා නිගමනයක් කිරීමට කරුණු රාශියක් තියනවා, ප්‍රධාන වසයෙන් “චේතනාව”. මේ හිමි නමගේ චේතනාව කුමක්ද? බුද්ධ දර්ශනයට අනුව එතුමා වැරදි කරුවෙක්ද? බුද්ධ දර්ශනය තුල භික්ෂුවකට දඬුවම් කිරීමට ගිහියෙකුට හැකියාවක් තිබේද? එසේ වැරදිනම් ඔහුට දඬුවම් කිරීම හෝ ශාසනයෙන් නෙරපා හැරීමට හැකියාව ඇත්තේ සංඝ සභාවේ සංඝ අධිකරණයටද? නැතහොත් ගිහියන්ගේ ඉංග්‍රීසි අධිකරණයකටද? මොහොතක් හිතන්න ඔබ තාමත් ඉංග්‍රීසි නීති වලට යටත් සිංහලයෙක්ද?

:       1907       1717

RuwanFriday, 20 October 2017 12:16 PM

රටේ කිසිම කෙනෙකුට ශාසනයට ඇතුළු වූ පමණින් රටේ නීති කඩන්න මහනායක හාමුදුරුවරු ඉඩ දීලා නැත. ශාසනයෙන් දුස්සීල භික්ෂුව ඉවත් කලත් නීතියට අනුව රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එයයි හමුදාවේ වුණත් සිදුවන්නේ. හමුදාවේ වෙනම නීතියක් රටේ නැත. ඔවුන් හමුදාවේ ක්‍රියාමාර්ගවලට මෙන්ම රටේ නීතියටත් යටත්.

:       9       113

මහේෂ් Friday, 20 October 2017 11:50 AM

එම ස්වාමින් වහන්සේගේ හැසිරීම කිසි ලෙසකටවත් අනුමත කරන්න බැහැ. එතන වැඩිහිටි භික්ෂුවක් ලෙස අක්මීමන දයාරත්න හිමියන් ඉතාම බුද්ධිමත් ලෙස කටයුතු කලා. නමුත් උන්වහන්සේවත් අත්අඩංගුවට ගත්තා. කෙසේවෙතත් භික්ෂුන් වහන්සේලාෙ හෝ සිංහලයන් මෙසේ අවේගයෙන් හැසිරනේන අවස්ථාව සැලසුණේ චම්පික රණවක නිසා. ඔය රතනසාර හිමි දැන දැන ම හැංගිලා හිටියේ ඇයි? කෝ එදා තිබුණු වීරත්වය. එදා උන්වහන්සේ වගකීම් සහගතව හැසිරුනා නම් මුළු මහත් සිංහල ජාතියම උන්වහ්සේ පිටුපස සිටිනවා. රටේ ජනතාව ඔය ප්‍රශ්නය හැංගුවේ නැති නම් ඔය කිසි ප්‍රශ්නයකුත් නැහැ නේ.

:       0       222

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 60 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site