IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අරාබි කතරේ හෙයියන් මාරුව නිම නොවේ

සෞදි අරාබිය විසින්  අනවසරික  විදේශිකයින්  සදහා ලබා දෙන  පොදු සමා කාලයට සමගාමීව  තාවකාලික ගමන් බලපත්‍ර  සහ අලුත්  සේවා යෝජකයකු  සොයා රැකියාව කිරීම සදහා  අලුත් ගමන් බලපත්‍රයක්  ලබා ගැනීමට ජෙඩා නුවර කොන්සියුලර්  කාර්යාලයට  පැමිණෙන  බෝහෝ ශ්‍රී ලාංකිකයින්ට  විවිධ දුෂ්කරතා වලට මුහුණ පෑමට සිදුව ඇති බව වාර්තා වේ.

ඇතැම් කොන්සියුලර් නිලධාරීන්ගේ  බැන වැදීම් ,පළවා හැරීම් වැනි  අසාධාරණ සිදුවීමි  වලට ලක් වන ශ්‍රමිකයින්  දින ගණන් එක දිගට  කොන්සියුලර් කාර්යාලයට පැමිණ තොරතුරු විමසුවද  කිසිදු තොරතුරක් ලබා නොදෙන අතර  වැඩි විස්තර විමසීමේදී  පරුෂ වචනයෙන් බැන වැදී පලවා හරින බවද වාර්තා වේ.

විශේෂයෙන්ම වීසා මාරු කර ගනිමින්  නව සේවායෝජකයකු වෙත රැකියාව කිරීම සදහා  අදාලව අලුත්  ශ්‍රී ලංකා  ගමන් බලපත්‍රයක් සදහා  ශ්‍රී ලංකා ජාතික හැදුනුම්පතෙහි  පිටපතක් , පරණ ගමන් බලපත්‍රයේ පිටපතක්  හා උප්පැන්න සහතිකයේ  පිටපතක්  අවශ්‍ය වන බව  පවසන නිලධාරීන්  එම සහතික ඇත්නම්  පමණක් සෞදි රියාල්  750 මුදලක් (රුපියල් 24000)  අයකරන අතර  එම ලියකියවිලි සන්තකයේ නොමැති නම්  සෞදි රියාල් 850 (රුපියල් 25000) ක් අය කරන  අතරම  දින තුනක කාලයක්  අවශ්‍ය බවද කියති.

 මෙම හේතුව මත  අවතැන් වුවන් හට දින ගණන් ගිනි අව්වේ  කොන්සියුලර් කාර්යාලය අවට රැදී සිටීමට සිදු වෙතියි කියති. 

මේ හේතුව මත කාන්තාවන්ට විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇත.විශේෂයෙන්ම විසා මාරු කර ගනිමින් අලුත්  සේවායෝජකයකු  යටතේ රැකියාව කිරීමට බලාපොරොත්තු වන අයකුට මෙපමණ  විශාල මුදක්  ගමන් බලපත්‍රය සදහා  ගෙවීමට  සිදුවීම  බරපතල අසාධාරණයක් බව ඔවුහු කියති.

ඉන්දුනීසියා තානාපති කාර්යාලය ඔවුන්ගේ ප්‍රජාව සදහා  වසරක ගමන්බලපත්‍රයක්  නිකුත් කිරීමට අයකරනු ලබන්නේ  සෞදි රියාල් 52 (රුපියල්1600) බවද වාර්තා වේ.



අදහස් (0)

අරාබි කතරේ හෙයියන් මාරුව නිම නොවේ

ශාන්ත Thursday, 30 May 2013 08:20 PM

බංගලිදේශ රජය බංගලිදේශ ජාතිකයන්ගෙන් අය කරනු ලබන්නේ රියාල් 250ක් පමණයි (නි)

:       0       0

ෆයිස් Thursday, 30 May 2013 02:28 PM

වහාම රජය මෙයට මෙදිහත් විය යුතුය . (අ)

:       0       0

සංජීව Thursday, 30 May 2013 02:34 PM

හම්බ කරන්න ,,, තව හම්බ කරන්න ... දුක් විදින මිනිස්සුන්ගේ බඩට ගහල කන ඒවා වමාරන්න වෙනකොට ලේසි වෙන එකක් නෑ (අ)

:       0       0

මහේෂ් Thursday, 30 May 2013 08:51 PM

මමත් දැනට සෞදියේ රැකියාව කරනවා. මෙහෙ නිලධාරීන්ට වැඩ කරන මිනිස්සු ගැන කිසිම හැගීමක් නැහැ. අහිංසක මිනිහෙක් මොකක් හරි කරදරයකට ගියොත් සත්තුන්ට වගෙයි කතා කරන්නේ. මේ ගැන වැඩි විස්තරයක් ඕනෑ නම් මට ඕනෑ වෙලාවක ඕනෑ කෙනෙක් එක්ක කතා කරලා කියන්න පුලුවන් (නි)

:       0       0

නිමල් ලලිතා Thursday, 30 May 2013 03:34 PM

මහ මුදලින් යැපෙමින් විපතට පත් වුවන් ගසා කන කැත මිනිස්සු. මේ අය හරියට ඉරාකය කුවෛට් එක අල්ලපු වෙලාවේ කුවෙට් තානාපති කාර්යාලයේ හිටපු සමහර අය වගේනේ.(නදී)

:       0       0

ගයාන් Thursday, 30 May 2013 10:20 PM

තම ලංකාවට ආපු කෙනෙක් නැහැ. ගොඩක් අය එයාර්පොර්ට් ගිහින් ආපහු එවනවා. මේකට විසදුමක් තාම නැහැ (නි)

:       0       0

සංගීත් Thursday, 30 May 2013 03:49 PM

සෞදි රජයෙන් ක්‍රියාත්මක නීතියවත් තානාපති කාර්යාල ක්‍රියා නොකරන එක තමයි ගැටලුව. ජෙඩා කොන්සියුලර් කාර්යාලයේ කතා කරන්න දන්නේ නැති නිලධාරීන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අය ගැන සෞදි විදේශ අමාත්‍යංශයට මේවන විටත් පැමිණිලි රාශියක් ගිහින් තියන්නේ. මේ නිලධාරීන් ගැන ශ්‍රී ලංකා රජයට ඉතාම ඉක්මනින් පියවරක් ගන්න සිදුවේවි. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 30 May 2013 03:54 PM

හරිනම් මේ මිනිසුන්ට මේවා නොමිලයේම කර දිය යුතුයි. මේ මිනිස්සු මෙහේ ඉදන් දුක්විඳලා හම්බකරන සල්ලි එවන්නේ ලංකාවට.පිට රට වලදී ශ්‍රී ලාංකිකාන්ගෙන් , ගමන් බලපත්‍ර අලුත් කිරීමට සහ අලුතෙන් නිකුත් කිරීමට අයකරන මුදල ඉතා ඉහලයි. කරුණාකර මේ විෂයට සම්බන්ධ ඇමති කෙනෙක් හෝ නියෝජ්‍ය ඇමති කෙනෙක් වහාම සෞදි අරාබියට ගොස් මේ පිරිසට ඉක්මන් සහනයක් සලසන්න බලන්න. (නි)

:       0       0

ටෙෂාන් Thursday, 30 May 2013 04:00 PM

මේවා කරන අයට මම හිතන්නේ මේ ලෝකෙදීම ඕවට වන්දි ගෙවනන් වෙයි (නි)

:       0       0

දම්සාරි Thursday, 30 May 2013 03:57 PM

අපේ කාන්තාවන් ලංකාවට පැමිණෙන්න (දී)

:       0       0

දීප්ති සෞදි Thursday, 30 May 2013 04:06 PM

ජෙඩා කොන්සියුලර් කාර්යාලයෙන් සේවාවක් ලබාගන්න ගියහම ලංකාවේ රාජ්‍ය බැංකුවකින් ණයක් ගන්න ගියා වගේ. තුට්ටු දෙකේ සැලකිලි. එක වැඩක් කරගන්න දින ගණනාවක් බඩගාන්න වෙනවා ඒත් වැඩේ කෙරෙන්නේ නැහැ. පොදු සමාකාලය අවසන් වෙන්න දින 34 යි තියන්නේ. දැන්වත් අවදි වෙන්න, රටවිරුවෝ ගැන බලන්න . (නි)

:       0       0

සිල්වා Friday, 31 May 2013 05:59 AM

අනේ මන්දා මොනවාද කියලා

:       0       0

තුසිත Thursday, 30 May 2013 05:21 PM

ඔය ටිකම ඉතාලියේත් වුණා නේද? (නි)

:       0       0

කුමාරි Thursday, 30 May 2013 05:31 PM

මේ කතාව සම්පූර්ණ ඇත්ත. රටේ ජනතාවගේ ගැටළු විසඳන්න පත් කරලා එවපු නිලධාරී වශයෙන් මිට වඩා මානුෂිකව කටයුතු කළ යුතුයි. අනෙක දෙයියනේ රියාල් 750 කියන්නේ මාසයක් දැලි වලං හෝදලා, වැසිකිළි හෝදලා ඉඳුල් කාලා ගන්න වැටුපනේ. ඒක මේවට වියදම් කලාම දරුවෝ ටික බඩගින්නේ. මේ ගැන සාධාරණ මුදලක් අය කළා නම් නේද හොඳ. (නි)

:       0       0

ඇසළ Thursday, 30 May 2013 05:37 PM

විදේශ විනිමය රටට හොයන අපේ අහිංසකයන්ට නොමිලේ මෙම පොදු සමා කාලයේදී අවශ්‍ය ලිපිලේඛන සකසා දීමට වහාම පියවරක් ගතයුතුයි. (නි)

:       0       0

සමන් පෙරේරා - සෞදි Thursday, 30 May 2013 06:10 PM

වහාම විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේවට පියවර ගන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site