(අංජුල මහික වීරරත්න)
මෙතරම් දරුණු අර්බුදයක් ඇති වූයේ ආර්ථිකයට අදාළ නිවැරදි තීන්දු ගැනීමට දේශපාලන නායකයන් පසුබට වීම නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටේ ආර්ථිකය කිසිදා නොවූ විරූ අභියෝගයකට ලක් වන තුරුම රටක් ලෙස ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් සොයා බැලුවේ නැතැයි ද ඒ නිසාම ආර්ථික ප්‍රශ්නය වර්ධනය වුයේ යැයිද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ, කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 36 වන වාර්ෂික හමුවට එක්වෙමිනි.
ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගිය යුත්තේ අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අර්බුදයට හේතුව නායකයන් පසුබට වීමයි
Nimesh Thursday, 10 August 2023 04:13 PM
පින්පති කියනවා අපි අහනවා, හැබැයි ඉතින් එයාගේ යහපාලන කාලේදී තමයි 130ට විතර තිබ්බ ඩොලර් එක සීග්‍රයෙන් කඩාවැටෙන්න පටන් අරන් 200ත් පැන්නේ...!
saman Thursday, 10 August 2023 04:24 PM
රටට දරන්ට බැරි විදියට විදේශ ණය ගත්තෙත් ඔය කියන දේශපාලන නායකයින්ද?
නිමල් Thursday, 10 August 2023 04:39 PM
පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණු කෙනා, යුද්ධයෙන් පසු මන්දගාමිම ආ.ව වේගය සහිත පාලකයා, මහ බැංකුව කඩන් යනකල් බලන් හිටපු එකා. ලංකා ඉතිහාසයේ අඩුම කාලයකදී වැඩියෙන්ම ණය ගත් පාලකයා කියන කතාව..
Kamal Thursday, 10 August 2023 05:09 PM
මම ඇතුළු කියලා නැද්ද?
චන්දිම ෆොන්සේකා Thursday, 10 August 2023 05:10 PM
මානව ප්‍රාග්ධනය ආච්චිගේ තට්ටේ තමයි. යමක් කමක් කරන්න ඉගෙන ගත්තු තරුණ තරුණියෝ දහස් ගණන් පෝලිමේ රට දාල පැනලා යනවා. ඔවුන්ට මෙහේ ගෙයක් දොරක් වාහනයක් අරගෙන මිනිස්සු වගේ ජිවත් වෙන්න පුළුවන්ද? හම්බ කරපු එකෙන් හුරලා බදු ගහන කොට. මෙයා දන්නා නිවැරදි තීන්දු කියන්නේ වංචා දුෂණ නතර කරන එකවත් ඒවා කරපු අයට දඬුවම් ලබා දෙන එකවත් නෙමෙයි, පාගලා මිරිකලා මිනිස්සුන්ගේ පඩි කපා ගන්න එක, බදුගහන එක ලයිට් වතුර බිල් දහස් ගණනින් ඉහළ දාන එක, ඒ අතරේ ඒ අයගේ සුඛ විහරණය ඉහළින්ම සපුරා ගන්න එක, අනාගත පරපුරට කිසි සම්පතක් ඉතිරි නොකර ඔක්කෝම විකුණා දාන අන්තිමට අර ඒ දවස්වල කළා වගේ අරමුණක් නැති අයාලේ ගිය ගම්පෙරලියද මොකද්ද බහුබුතයක් කරලා නයට සහ හම්බන්තොට වරාය වගේ දේපල විකුණලා ගත්තු හැම ධනස්කන්ධයක්ම සුන්නත් දුලි කරලා දැම්මා වගේ විනාශ කරලා දාල තවත් රට ඉදිරියේදී පල්ලමටම දාන එක තමයි. ඔයාගේ ඒ දවස්වල ගම්පෙරලියට මොකද වුනේ හැබෑවටම?
ගමේ එකාලා Thursday, 10 August 2023 07:44 PM
රට පාලනේ කරපු හැම නායකයෙක්ම ඊට වග කියන්න ඕනේ. දූෂිත දේශපාලුවන්ට බලතණ්හාවට වැඩිය දෙයක් නැහැ. මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කරපු එකයි කෙරුවේ...
සල්ලි Friday, 11 August 2023 07:12 AM
එයාටත් දැනුයි තේරිලා තියෙන්නේ මහජනතාව පැත්තට වැරැද්ද පටවන්න බෑ කියලා . නල්ල මලේ බබ්බු මුන් .
Bamunuarachchi Friday, 11 August 2023 03:06 PM
එයාට අමතකයි, එයා කීපවතාවක් මේ රටේ අගමැති වෙලා හිටියා කියලා...