IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


අර්ථ සාධක පෙත්සම විසිවේ

සේවක අර්ථ සාධක අරමුදල් කොටස් වෙළඳපොල හෝ යම් දෙයක් සඳහා ආයෝජනය කරන විට ඒ පිළිබඳව එම අරමුදලේ සාමාජිකයින් පුළුල්ව දැනුම්වත් කරන ලෙස අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අද (15) විවෘත අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේය.
අගවිනිසුරු මේ බව කියා සිටියේ සේවක අර්ථසාධක මුදල් කොටස් වෙළඳපොළ යෙදවීමට එරෙහිව වෘත්තීය සමිති 11 ක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය. අගවිනිසුරු පීරිස්, කේ. ශ්‍රී පවන්, පී.ඒ. රත්නායක යන ත‍්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
වැඩිදුර විභාගය අනවශ්‍ය බවත් කී ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම නිෂ්ප‍්‍රභා කළේය.
සේවක අර්ථ සාධක අරමුදල් නීතිවිරෝධී ලෙස කොටස් වෙළෙඳපොළේ ආයෝජනය සඳහා යෙදවීම සාපරාධි ක‍්‍රියාවක් සේ සලකා ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමය, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ජාතික සේවක සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති 11 එක්ව මෙම පෙත්සම ගොනු කළේය.
මහ බැංකු අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල, කම්කරු කොමසාරිස්, භාණ්ඩාගාර ලේකම්, විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව, ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.

 



අදහස් (0)

අර්ථ සාධක පෙත්සම විසිවේ

වර්ණසූරිය Saturday, 16 February 2013 08:58 AM

ගොඩක් හොඳයි. ඉතාමත් සාධාරණ තීන්දුවක්.. (ස)

:       0       0

අජිත් Saturday, 16 February 2013 09:35 AM

නීතිය සැමට එකසේ..!(නු)

:       0       0

කුමාර Friday, 15 February 2013 06:39 PM

මොන නඩුවක් දැම්මත් මීට වඩා දෙයක් අද කාලේ හැටියට බලාපොරොත්තු වෙන්න අමාරුයි. (නි)

:       0       0

සිසිර Friday, 15 February 2013 06:51 PM

ඔයාලට ඕවට විදවන්න වෙන්නේ ඊලග ආත්මෙදියි.(නදී)

:       0       0

බණ්ඩාර Saturday, 16 February 2013 11:11 AM

හිටපු අගවිනිසුරුවරිය ගෙදර යවන්න උද්ඝෝෂණය කරපු අය කෝ..!(නු)

:       0       0

යොහාන් Friday, 15 February 2013 07:27 PM

දැන් ඔය ආයෝජනයෙන් අපිට ලාබෙන් කොටසක් එනවද? එහෙම එනවනම් කමක් නැහැ.(නදී)

:       0       0

ක්‍රිෂ්ණා Friday, 15 February 2013 08:11 PM

පුහුල් හොරා කරෙන් දැනේ.(නදී)

:       0       0

සූරියපෙරුම. Saturday, 16 February 2013 12:00 PM

මේ තීරණය අපි කළින් දන්නවා.. (නු)

:       0       0

නිරන් Saturday, 16 February 2013 01:13 PM

තීන්දුව දෙන්න පෙර අපට තේරෙනවා තීන්දුව මොකද්ද කියලා..!(නු)

:       0       0

තිලක් බුඩායි Saturday, 16 February 2013 02:51 PM

ගොඩක් හොදයි.. ඇත්තටම සාධාරණ තීන්දුවක්.. ඔබතුමාට බුදුසරණයි..!(නු)

:       0       0

කීර්ති Saturday, 16 February 2013 02:52 PM

පාරෙ පස් කාලා සහයෝගය දුන්න අයටනම් පස්ම තමයි කන්න වෙන්නෙ..!(නු)

:       0       0

රුවන් Friday, 15 February 2013 10:26 PM

සිසිරගේ කතාව ඇත්ත තමයි. (නි)

:       0       0

පද්මි Saturday, 16 February 2013 04:16 PM

මේවා ඉතින් අපි අපිම ඉ‍ල්ලගෙන කාපුවානේ. (නි)

:       0       0

දිලීප Friday, 15 February 2013 03:55 PM

මෙන්න තවත් ප්‍රතිඵලයක් මොනවදෝ කෑවනම් විඳවපන් කීවලු (ස)

:       0       0

රිස්වාන් Friday, 15 February 2013 04:03 PM

දැන් වැඩක් නැහැ මොන පෙත්සම් අත්සන් කළත් ඕවා ඔක්කොම කුණු කූඩෙට(ස)

:       0       0

සමන් Friday, 15 February 2013 04:06 PM

කොහොමද අපේ අධිකරණය දැන් හොඳයි නේ....(ස)

:       0       0

ආනන්ද Friday, 15 February 2013 04:24 PM

දැන් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (ස)

:       0       0

රත්න Friday, 15 February 2013 04:27 PM

අර්ථ සාධකේ, මොකක්ද ඒ කියලා ඇහුවේ නැති එක පුදුමයි. (ස)

:       0       0

බණ්ඩා Saturday, 16 February 2013 07:03 PM

සුභ අනාගතයක් අපිට! (නි)

:       0       0

ද සිල්වා Saturday, 16 February 2013 06:31 AM

ලෝක බැංකුව ණය දීම නැවැත්තුව එක පුදුම වෙන්න දෙයක් නැහැ..!(නු)

:       0       0

සිල්වා Saturday, 16 February 2013 06:41 AM

ඔබතුමා නිවැරදියි. එක දෙයයි පොඩි අඩුවකට තියෙන්නේ. (නි)

:       0       0

සිල්වා Saturday, 16 February 2013 06:46 AM

ඔය මුදල් භාණ්ඩාගාර බිල්පත් වල හෝ රාජ්‍ය බැංකු වල තැන්පත් කළා නම් හොද නැද්ද? (නි)

:       0       0

ප්‍රසන්න Friday, 15 February 2013 04:46 PM

ඔන්න අගවිනිසුරු තුමා කළගුණ සලකන්න පටන් අරගෙන වගේ.(ස)

:       0       0

පේෂල Friday, 15 February 2013 04:49 PM

දැන් ඉතින් ඕන නඩුවක් ගොඩ.ඔක්කොම ටික ඉතින් හාමදුරුවන්ගෙනේ.(ස)

:       0       0

ප්‍රසන්න Friday, 15 February 2013 05:00 PM

අපිට බය අපේ ැර්ථසාධකයටත් ඔය ටික වේයිද දන්නේ නෑ...(ස)

:       0       0

කිවි Saturday, 16 February 2013 07:57 AM

ඔය තියෙන්නේ අධිකරණයේ පරාමාධිපත්‍යය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site