ඉන්දියාවේ ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය වන ‘අයි. පී. එල්.’ තරගාවලිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක අර්ජුන රණතුංග ප‍්‍රකාශ කරන අදහස් ඔහුගේ ස්වාධීන අදහස් මිස ඒ සම්බන්ධයෙන් තමන්ට කිව හැකි කිසිවක් නැතැයි ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පැවසූ බව යයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වාර්තා කරයි.
ඉන්දියාවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී මහේල මේ බව පවසා තිබේ.
මේ දිනවල පැවැත්වෙන අයි. පි. එල් තරගාවලියේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන මහේල එහි උපනායකයා ලෙසද කටයුතු කරයි.
අර්ජුන රණතුංග පවසා සිටියේ අයි. පී. එල් තරගාවලිය කි‍්‍රකට් කී‍්‍රඩාවට හානියක් බවත්, සැබෑ ටෙස්්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයන් වෙනුවට එයින් (අයි. පී. එල්. තරගාවලියෙන්) බිහිවන්නේ මස්වැද්දන් වැනි කි‍්‍රකට් කී‍්‍රඩකයන් බවත්ය.
ටෙස්ට් කි‍්‍රකට් පිටියේ ඉන්දීය පිල ලබා සිටින පසුබෑම සම්බන්ධයෙන් ඉන්දීය කි‍්‍රකට් බලධාරීන්ට පවා දොස් පැවරීමට 1996 දී ලෝක කි‍්‍රකට් කුසලානය ශී‍්‍ර ලංකාවට දිනා දුන් නායකයා පසුබට නොවීය.
”එය ඔහුගේ ස්වාධීන අදහසක්. මා හිතන්නේ නෑ ඔහු (අර්ජුන රණතුංග) අයි. පී. එල්. තරග ලෝලියෙක් කියා. ඒත් කි‍්‍රකට් කී‍්‍රඩාවේ මේ ස්වරූපය (වි/20) සම්බන්ධයෙන් ප‍්‍රසාදයක් දක්වන ලෝකයේ තවත් ශ්‍රේෂ්ඨ කී‍්‍රඩකයන් සිටිනවා”
”ඔවුන්ගේ අදහස මෙම කි‍්‍රකට් කී‍්‍රඩාව නිසා කී‍්‍රඩකයන් වඩාත් හොඳ තත්ත්වයකට පත්ව ඇති බවයි” යයිද මහේල ජයවර්ධන පැවසීය.
මහේලගේ අදහස අනුව ඉන්දීය තුන් ඉරියව් කී‍්‍රඩක රවීන්ද්‍ර ජදේජා සහ ඕස්ටේ‍්‍රලියාවේ ඬේවිඞ් වෝනර් අයි. පී. එල්. තරගාවලියෙන් ඉස්මතු වූ කී‍්‍රඩකයෝ වෙති.
”රවීන්ද්‍ර ජදේජා අන්තර්ජාතික තරග දිවියට පිවිසුනේ අයි. පී, එල්. තරගාවලියෙන්. ඔහු මේ වන විට විශාල දුරක් ගිය කී‍්‍රඩකයකු බවට පත්වෙලා, ඒක ඒ ඒ කී‍්‍රඩකයන් තමන්ගේ කී‍්‍රඩාව සකස් කර ගන්නා ආකාරය තමයි”
”ඬේවිඞ් වෝනර් ගන්න, අයි. පී. එල්. තරගාවලියේ ආරම්භයේ සිට ඔහු කොයිතරම් වෙනස් වෙලාද? දැන් ඔහු ඕස්ටේ‍්‍රලියානු පිලේ ආරම්භක පිතිකරුවා. ඔහු ඉතාමත් ආක‍්‍රමණශීලීව පන්දුවට පහර දෙනවා. ඔහු ලබාගත් පළමු ශතකය තරගයේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් කළා” යයිද මහේල පැවසීය.
අයි. පී. එල්. තරගාවලිය නිසා තමන්ගේ කී‍්‍රඩාවද දියුණුවට පත්වූ බවත් මහේල පැවසීය.
”මගේ එක්දින තරග දිවිය වඩාත් හොඳ තත්ත්වයකට ගෙන එන්න, මා කිසියම් දෙයක් නිර්මාණය කළ යුතුව තිබුණා. ඒ නිසා මා ඉනිම ආරම්භ කරන්නත් පෙළඹුනා” යයිද මහේල ජයවර්ධන ඉන්දියාවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී පවසා තිබිණ.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ
ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
පාකිස්තාන හමුදා ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස්
කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට තැත් කළේ යැයි අත්අඩංගුවට පත් සැකකරු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගම මෙම වසරේ මේ දක්වා දිවයින පුරා සිදු වූ වෙඩිතැබීම් 43 කින් 29 ක් ඝාතනයට ලක්ව ඇතැය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අර්ජුනගේ අදහසට මහේල එකග නොවෙයි
සුසන්ත Saturday, 21 April 2012 05:32 PM
ඔබ හරි. මහේල ඔබට ජය වේවා
ජයරත්න ජයවර්ධන Saturday, 21 April 2012 06:19 PM
අර්ජුන කියන්නේ ජාතික වීරයෙක්.
චතුරංග Sunday, 22 April 2012 08:10 AM
කෝ ඉතින් වැඩක් වෙලා නැහැනෙ තාම
චානඛ්‍ය Sunday, 22 April 2012 09:06 AM
අර්ජුන හරි
චන්දන Sunday, 22 April 2012 10:59 AM
මහේල ඔබ හරි.
සිසිර Sunday, 22 April 2012 11:58 AM
අර්ජුන කියන්නේ ඇත්තටම ක්‍රිකට් වලට ආදරය කරන කෙනෙක්. එයාගෙන් වැඩ ගන්න දන්නේ නෑ.
සුමිත් Sunday, 22 April 2012 12:10 PM
අපිත් කැමතියි විස්සයි විස්සට තමයි