
(රංජන් කස්තුරි)
මයිනාගෝගම සහ ගෝඨා ගෝගම නිර්පාක්ෂික විරෝධතා භූමියට කඩා වැඳුණු විරෝධතාකරුවන් පිරිසක් එල්ල කර මැර ප්‍රහාරයට ලක් වු 15 දෙනකු තුවා ලබා ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙයි.
තුවලකුරවන් අතර පොලිස් නිලධාරින් කීප දෙනකු ද සිටින බව වාර්තා වන අතර මෙම සිද්ධිය වාර්තා වීමත් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදා, ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක, ලාල්කාන්ත ඇතුළු සිවිල් සංවිධාන රැසක නියෝජතයන් ද එම ස්ථානයට පැමිණියහ

COMMENTS
රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධය දිනූ නායකයා ඔහුගේ පළාත් පාලන හෙංචයියන්ගේ අමානුෂික ප්‍රහාරවලින් බහුතර සිංහල ජනතාවගේ පිළිකුලට හා වෛරයට පත්වීමට මෙය හොඳටම ප්‍රමාණවත්...!
මේ පින්තූර වල ඉන්න මැරයින් පැහැදිලිවම හඳුනාගන්න පුළුවන්. ඒ වගේම ඔවුන් උසි ගැන්වූ මහජන නියෝජිතයින් මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම ඒ අතර ඉන්නවා දුටු බව වාර්තා වුණා. බලමු පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන ආකාරය... මේ පාහර ක්‍රියාව වළක්වා ලන්නට අසමත්වීම ගැන ආරක්ෂක ඇමැති සහ පොලිස්පති ඇතුළු සියලුම වගකිව යුත්තන් සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෑ. මේ පිරිස කොළඹට පැමිණෙන බව වාර්තා වුනේ 7 වෙනිදා සිටයි. අපි දැනගෙන හිටියා නම් ආරක්ෂක අංශ නොදැන ඉන්න බැහැනේ. දැන් අමු බයිලා ගහලා වැඩක් වෙන්නේ නැහැ. ඔහෙලා සේරම රට ගිනිතියලා ඉවරයි. රට පුරා බුරබුරා නැගෙන ඒ ලැව්ගින්න අලුතෙන් ගෙන්වපු වාහන යොදවාගෙන ජලප්රහාර එල්ල කරලා නම් නිවන්න පුළුවන් වෙන එකක් නැහැ...
මේ වගේ වහල්ලු ඉන්නකම් රටට අබ සරණයි.
රුවන්වැලි සෑයත් වැඳලා එහෙම පටන් ගත්තේ ජාතිය වනසන මෙහෙයුම.. දැන් කියන ඒවා හෙළා දකිනවලු. තමන් තමන්ව හෙලාදකින මහලොකු විරුවා.