(නිමන්ති රණසිංහ)
ජර්මන් ජාතික පවුලක් ජීවත් වූ මීගමුව ප්‍රදේශයේ පිහිටි නිවසක් ඊයේ (09) කිසියම් පිරිසක් විසින් කොල්ල කා ගිනි තබනු ලැබ ඇතැයි වාර්තා වෙයි.
එම නිවසේ ජීවත් වූ ජර්මන් ජාතික කාන්තාව සදහන් කර සිටියේ මෙම සිද්ධියෙන් තම නිවසේ සියලු බඩු මුට්ටු සහ ඇඳුම් පැළදුම් මෙන්ම දරු දෙදෙනාගේ පොත්පත් ද විනාශ වී ඇති බවය.
තමන් මෙරට ඡන්ද හිමි අයවලුන් නොවන අතර කිසිදු දේශපාලන පක්ෂයකට වැඩ නොකළ බවත්, නිවෙසට ගිනි තබා බඩුමුට්ටු කොල්ලකෑම සිදුකළේ කුමන පදනමක් මත දැයි තමන්ට ගැටලුවක් බවත් එම ජර්මන් ජාතික කාන්තාව සදහන් කළාය.
තම දරුවන් දෙදෙනා මේ වන විට අඩා වැටෙන්නේ ඔවුන්ගේ පොත්පත් ඉල්ලමින් බවත්, තම දරුවන්ගේ මෙන්ම තමන්ගේ යට ඇදුම්පවා රැගෙන ගොස් ඇති මොවුන් සිදුකර ඇත්තේ අරගලයක් දැයි ඔවුන් ප්‍රශ්න කළහ.
අරගලයක් වෙනුවෙන් තම නිවසේ බඩු මුට්ටු මෙන්ම දරුවන්ගේ පොත්පත් රැගෙන ගියේ මන්දැයි ප්‍රශ්න කළ එම ජර්මන් ජාතික යුවළ වැඩිදුරටත් සදහන් කර සිටියේ, තමන් මේ රටට ආදරය කරනබවත්, කිසිදු අවස්ථාවක මේ රට දමා නොයන බවත්, අරගල ලෙසින් නියමාකාරයෙන් සිදුකරන උද්ඝෝෂණ සදහා තමන්ද සහයෝගය දක්වන බවත්ය.
අප මේ සම්බන්ධයෙන් මීගමුව පොලීසියෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සදහන් කර සිටියේ මෙම ජර්මන් ජාතික යුවළ එම නිවසේ කුලී පදනම මත ජීවත්ව සිටි අයවලුන් වන බවය. එසේම, කිසියම් පිරිසක් විසින් ඉකුත් 09 වැනිදා එම නිවසට ගිනිතබා එහි තිබූ බඩුමුට්ටු මංකොල්ල කා පලා ගොස් ඇතැයි ද එම නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
අනේ මෙන්න අත් දෙකම උස්සලා වැනිදා මහත්වරුනි. මාසයක් තිස්සේ අරන් ආපු අරගලයේ ප්‍රතිපත්තිය පාවා දෙන්න එපා. ප්‍රචණ්ඩත්වය ට ඉඩ දෙන්න එපා. ප්‍රචණ්ඩත්වය වර්ණනා කරන්න එපා. ශෙයා කරන්න එපා
අපිත් මීගමුවේ මේ කතාව බොරැවක් - ගමේ අයගෙන් ඇත්ත අසා දැන ගන්න - පුධෘන පෙළේ දේශපාලකයන්ට සෙවන දෙන තැනක් - ඔය හෝටල් ඩාලයටම පහර දී ඇත - මීගමුවෙ වෙන කිසිම හෝටලයකට අතවත් තබැ නැත - මොවුනට හිතවත් මීගමුවේ වෙබ් අඩවි කරැවෙක් මෙ වැදි පුවත රටටම ලබා දෙයි
මේ කරන උන්ට නම් වෙඩි තියන්න ඕනි...
මේ අය ලාන්සගේ ගෙදර පදිංචිව සිටි නැදෑයො හරි කුළියට ඉන්න කට්ටියක්ලු. ඒකයි ගේ ගැන වද නොවී බඩු ගැන කථා කරන්නෙ. හැබැයි කාගෙ උනත් මේ විදියට දේ්‍පළ විනාශ කිරීම. ශීලාචාර සමාජයක අනුමත කළ නොහැකියි. නීතිඥ සංගමය කිව්වෙ මේ වගේ දේ කරපු අයවත් නීතියට කොටු කරනව කියලයි.
මේ මංකොල්ලා කෑම්. මේවා ජන අරගලයක ක්‍රියාවන් නොවේ.
කාට වුණත් වැඬේ හොඳ නැහැ. ඒත් මේ මොන බොරුවක් ද. ලාංකික අය ජර්මානු පුරවැසි කම හෝ පදිංචි වෙලා ඉන්න වීසා ඇති... එහම ටැමිල් අයත් ගොඩක් මෙහෙ ඉන්නවා!
කාලකන්නි පිරිසකගෙ අමනෝඥකමකි. පව් අප්පාා..!
ජෙප්පන්ට බලය ගියොත් රටට් වෙනදේ හිතා ගන්න පුළුවන්. අවුන්ගේ නියම ස්වරුපය නැවත පෙන්නුවා.
අපේ ළමයි රට හැර යනකොට ඔබලා මෙරටට ආවේ ඇයි? ආපසු යන්න. මම ළමයි පිටරට යැව්වේ එක ඩොලරයක් වත් මෙරටට එවන්න එපා කියන කොන්දේශීය යටතේ.
කවුරු කරත් බලු වැඩ එපා...
මේ මන්දිරේ ලංසාගේ.. මේ ගොල්ලෝ කුලියට ඒකෙ ඉන්න අය.
කමල්, ගෙදර කාගේද? ඉන්නේ කුලියට.. මොනවද මේ විකාර කතා...? මේ ඉන්නේ අපේ රටට විදේශ විනිමය ගෙනෙන, අපේ රට බලන්න ආපු විදේශිකයන් බව අමතක කරන්න එපා. ඔබලාගේ යුතුකම මෙයාලට ආරක්ෂාව සැපයීමයි.
අහිංසක මිනිස්සු මරපු, කොල්ල කාපු අයට සාපවේවා...! අරගලය නමින් නීතිය අතට ගන්න කාගේවත් ජීවිතයක් නැති කරන්න කාටවත් අයිතියක් නෑ. ඔවුන්ට පටිසන් දෙනවාමයි..!