(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය ඉදිරිපිට දී පසුගිය වසරේ මැයි මස 9 වෙනිදා වැනිදා පැවති ජන අරගලයේ දී අරගලකරුවන් අතර දී ඇතිවූ සිද්ධියකදී හිස් කබලට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අරගලයේ ක්‍රියාකාරිකයකු බවට සැලකෙන යුද හමුදා විශ්‍රාමික කමාන්ඩෝ සෙබළකු මිය ගිය බව කොටුව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ මාතර දෙවිනුවර වැලිමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි ඩී.ජේ.එල්. ජයසේන නමැත්තෙකි.
ජනාධිපති මන්දිරය වැටලීමට ගිය බව කියන අවස්ථාවේ අරගලකරුවන් අතර සිටියදී ඇතිවූ සිද්ධියකදී ඔහුගේ හිස් කබලට බරපතළ තුවාල සිදු වීමෙන් රෝහල් ගත කර සිටි අයෙක් යැයි කොටුව පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
කොළඹ ජාතික රෝහලේ දී හිසෙහි සිදු කර ලද සැත්කමකින් පසු කාලයක් ප්‍රතිකාර ලබා ජයසේන මහතා රෝහලින් පිටව ගොස් සිටි අයකු යැයිද පොලිසිය සඳහන් කරයි.
නිවසේ සිටින අතරවාරයේ රෝගාතුර වූ ජයසේන මහතා පසුගිය දෙසැම්බර් මාසයේ 19 වෙනිදා යළි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි ද එම පොලිස් නිලධාරියා කීය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අරගලය අස්සේ තුවාල ලද හිටපු කමාන්ඩෝ සෙබළා මරුට
C.K.Lankaputhra Tuesday, 17 January 2023 07:02 AM
අරගලයට ජයවේවා. ඔබට නිවන් සුව අත්වේවා.
banda. Tuesday, 17 January 2023 01:12 PM
ඔබ වීරයෙක් . අරගලයට ජයවේවා
fairoos Wednesday, 18 January 2023 05:59 PM
නිවන් සුව...!