(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති මන්දිරයේ කෞතුක භාණ්ඩ සම්බන්ධයෙන් පැහැදිලි ලේඛනයක් නොතිබූ හෙයින් අරගලය අවස්ථාවේදී අස්ථානගතවූ කෞතුක භාණ්ඩ සම්බන්ධයෙන් හරිහැටි තොරතුරු ඉදිරිපත් කළ නොහැකි බව අරගලකරුවන් අතින් විනාශවූ ජනපති මන්දිරයේ දේපළ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවැත්වූ විමර්ශනයට අදාළ වාර්තාවේ සඳහන් වේ.
මෙම විමර්ශන වාර්තාව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට පසුගියදා බාර දෙනු ලැබීය.
ජනාධිපති මන්දිරයේ අරගල කරුවන්ගේ අණසකට යටත් වූ අවස්ථාවේදී එම ගොඩනැගිල්ලට සහ එහි දේපළවලට යම් යම් හානි සිදුව ඇතත් එම හානි බොහොමයක් ප්‍රතිසංස්කරණය කිරීමෙන් යථා තත්වයට පත්කරගත හැකි බවද ඒ වාර්තාවේ සඳහන් වේ.
ජනපති මන්දිරයේ වැඩියෙන්ම හානිවී ඇත්තේ එහි චිත්‍ර සහ සිතුවම්වලට බවද වාර්තාවේ දැක්වෙයි.
ජනාධිපති මන්දිරයේ කෞතුක භාණ්ඩ ඇතුළු දේපළවලට අදාළ පින්තූර දහසකට වැඩි සංඛ්‍යාවක් මෙම වාර්තාවට ඇතුළත් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවී එම මන්දිරය අත්පත් කරගත්තේ පසුගිය වසරේ ජුලි මස 9 වැනිදාය.
ඒ අවස්ථාවේදී ජනාධිපති මන්දිරයේ තිබූ පුරාවස්තු ඇතුළු දේපළ රැසකට හානි සිදුවිය. එම සිද්ධියවී නොබෝ දිනකින් මෙම දේපළ හානි සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබිය.
මන්දිරයේ විනාශවූ පුරාවස්තු සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීම සඳහා පොලිසියෙන් කෙරුණු දැනුම්දීමක් අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉහත විමර්ශනය ආරම්භ කළේ ඉන් අනතුරුවය.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අරගලයේදී නැතිවූ පුරාවස්තු ගැන කියන්න බැහැ
Pankumburage Saturday, 18 February 2023 10:55 AM
පුතාණෝගේ පියාණෝ ජනාධිපති මන්දිරෙන් ගියාට පසුවත් කිව්වා ගොඩක් වටිනා පුරාවස්තු අතුරුදහන් වෙලා කියලා.. දැන් ඒවාත් ඊට පස්සේ හිටපු අය කරපු දේවලුත් මේකෙම්ම වහගන්න හැකිවේවි...!
විපරමා Saturday, 18 February 2023 06:24 PM
ගෝඨාභය නාගරික සංවර්ධන ඇමැති කාලේ කටුගෙයි ආරක්ෂිතව තිබුණු වටිනා පුරාවස්තුවලට වෙච්චි දෙයක් නැහැ. බහිරවයෙක් ගෙනියන්න ඇති...
සෙනෙවිරත්න Saturday, 18 February 2023 06:27 PM
එහෙනම් එහෙම දෙයක් වුනේ නැහැයි කියලා හිතලා සද්ද නැතිව හිටපල්ලා... අලාභහානි වුණා නම් ඕකට මග පාදපු ගෝඨාභයගෙන් ඉල්ල ගන්න...
Bamunuarachchi Sunday, 19 February 2023 07:46 AM
ජෙප්පනට රටේ බලය ගියොත් රටට වෙන්නේ ඔය ටික තමයි. පීඩිතයින් ජනතාවගේ දේපළත් උදුරා ගනීවි. කොමියුනිස්ට් ක්‍රමය එකයි...