IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අය වැයේ රහස් සියඹලාපිටිය කියයි

(රංජන් කස්තුරි)

ඉදිරි අය - වැය ලේඛනයෙන් සෞඛ්‍ය සඳහා රුපියල් කෝටි 43200ක් ද අධ්‍යාපනය සඳහා රුපියල් කෝටි 50400ක්ද වෙන්කර තිබෙන බව මුදල් රාජ්‍ය අමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මීට අමතරව ආරක්ෂක වියදම් සඳහා රුපියල් කෝටි 36700ක් ඇස්තමේන්තුකර ඇතැයි ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා කියයි.

සමෘද්ධි, මහජන ආධාර ආදිය ලබාදීම වෙනුවෙන් හෙවත් සමාජ ආරක්ෂණය වෙනුවෙන් රුපියල් කෝටි 57200ක්  2023 අය වැය ලේඛනයෙන් වෙන්කර තිබෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය ආදායම සියයට 8.5 සිට සියයට 13 දක්වා වර්ධනය කර ගැනීමටත් රාජ්‍ය ආදායමෙන් සියයට 90ක්ම බදු ආදායම ලබා ගැනීමටත් අය වැයෙන් යෝජනා කෙරෙන බව ද ඇමැතිවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ පවතින සියයට -8ක ආර්ථික වර්ධනය ඉදිරියේදී සියයට -3 දක්වා ඉහළ නංවා ගැනීමට අපෙක්ෂා කරන බව ද හෙතෙම කීවේය.2023 අය වැය ලේඛණයෙන් එම වසරේ රජයේ සමස්ත විදයම රුපියල් කෝටි 788500ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙන බව ද සියඹලාපිටිය මහතා පැවැසීය.



අදහස් (1)

අය වැයේ රහස් සියඹලාපිටිය කියයි

Bamunuarachchi Tuesday, 01 November 2022 06:14 AM

උසස් අධ්‍යාපනය පිනට දෙන්න එපා. එහෙම දීපු කාලය ගියා. 1956 ඉංග්‍රීසි බාධකය ඉවත් කල නිසා රජයේ රැකියාවලට විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙච්ච ගොයියන්ගේ මුනුබුරාළ දැන් කියනවා ඒකාලේ රට සිංහල කරපු එක ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි දැනුම නැතිකළා කියලා. ඒවගේ දැන් පිනට ඉගෙනගෙන රැකියාවල් කරන අයගේ මුනුබුරාළ ඉදිරියේදී කියයි පිනට අධ්‍යාපනය දීපු නිසයි දැන් අපිට රැකියාවක් ගන්න බැරි තරමට වැඩ බැරි උපාධිකාරයො රටේ ඉන්නේ කියලා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site