IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අය වැය ඡන්ද 41කින් සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ලබන වසර ( 2024) සඳහා වන අයවැය ලේඛනය ( අයවැය විසර්ජන පනත් කෙටුම්පත) වැඩි ඡන්ද 41 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (13) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 81 ක් පමණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු, එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන සහ සමග ජන බලවේගයේ සිට ආණ්ඩුවට එක්වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, නිදහස් ජනතා සන්ධානය සහ දෙමළ ජාතික සන්ධානය යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු වෙති.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගුටිබැට හුව මාරුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු මාසයක කාලයක් තහනම් කෙරුණු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන්ට අයවැය ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසාදී තිබිණ. ඒ අනුව ඔවුහු අයවැයට ඡන්දය ප්‍රකාශ කළහ.

ඒ එච්ම් ෆවුසි, අලි සබ්‍රි රහිම්, අනුර පියදර්ශන යාපා වඩිවෙල් සුරේෂ්,, දුමින්ද දිසානායක , නිමල් ලන්සා සහ ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න යන මහත්වරුද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත ( කතාව) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පසුගිය නොවැම්බර් මස 13 වැනි සඳුදා ඉදිරිපත් කළේය.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් මස 14 සිට 21 වැනිදා දක්වා ( ඉරිදා දින හැර) දින හතක් පැවැත්විණ.

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 අඟහරුවාදා පැවැත්විණ.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 22 බදාදා සිට ඊයේ ( 13) දක්වා (ඉරිදා දින හැර හැර දින දහනවයක්) පැවැත්විණ.

මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ඊයේ දවස පුරා පැවැත්විණ. ඡන්ද විමසීම පැවැත්වුණේ ඉන් අනතුරුවය.

අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව ලබන මස 9 දක්වා කල්තැබිණ.

 



අදහස් (7)

අය වැය ඡන්ද 41කින් සම්මතයි

fairoos Wednesday, 13 December 2023 07:50 PM

පොහොට්ටුවේ කාලකන්නින්ටනම් හොඳක් සිද්ද වෙන්නේ නෑ

:       2       0

Ajantha Wednesday, 13 December 2023 07:52 PM

අම්මෝ මම බයෙන් හිටියේ පරදී කියලා.එහෙනම් දැන් අපේ රට ගොඩ ගන්න පුළුවන් මේ යෝජනා වලින්

:       0       1

Lal Wednesday, 13 December 2023 08:05 PM

ශක්තිමත් ආණ්ඩුවක් තිබීම ආයෝජන හා ව්‍යාපාර වලට හොඳයි

:       1       2

nanda Wednesday, 13 December 2023 09:02 PM

චන්දයක් එනකම් 134 දෙනාගේ රූකඩ නැටුම්

:       2       1

Kazi Shajahan Thursday, 14 December 2023 12:30 PM

තොපිට හෙන ගහනවා අපිට මේ තරම් දුකක් දුන්න බජට් එකට අත් ඉස්සුවට .හැත්ත

:       0       1

Perera Thursday, 14 December 2023 12:39 PM

134 දැන් 122 ට බැහැලද ?

:       0       1

Bamunuarachchi Friday, 15 December 2023 03:21 AM

හු හූ මස්කඩේ වහලා ගම්බිරිස් මල්ල අරන් තොලොංචි වෙයල්ලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 27 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site