
(අංජුල මහික වීරරත්න)
රජයේ සේවකයන් සඳහා අයවැයෙන් යෝජනා කළ පඩි වැඩිවීමෙන් රුපියල් 5000ක් ජනවාරියේ සිට ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබේ.
විශ්‍රාමිකයන් සඳහා වන රුපියල් 2,500ක පඩි වැඩි වීම සම්පූර්ණයෙන්ම ජනවාරියේ සිටම ලබාදීමට ද සාකච්ඡා වී ඇත.
රජයේ සේවකයන් සඳහා රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ලබා දීමට යෝජනා කළ අතර එයින් 5000ක් ලබන අප්‍රේල් මාසයේත් ඉතිරි මුදල ඔක්තෝබරයේත් ලබාදීමට අයවැය කතාවේ දී යෝජනා කළේය. විශ්‍රමිකයන් සඳහා රුපියල් 2500 ක් අප්‍රේල් මාසයේ සිට ලබාදීමටද අයවැය යෝජනා කළේය.
අදාල රාජ්‍ය සේවක පඩි වැඩි වීමෙන් කොටසක් ලබන ජනවාරියේ සිට ම ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රාජ්‍ය ආදායම් ඒකකයේ රැස්වීමේ දී අවධානය යොමුව ඇති අතර ජනවාරියේ සිට රුපියල් 5000ක් ලබාදීමටත් අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000ම ලබාදීමටත් ඇති හැකියාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇත.
ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ 2023 අපේක්ෂිත මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සංඛා දත්තඅනුව ජනවාරියේ සිටම පඩි වැඩිවීම ක්‍රියාත්මක කළ හැකි බව අනාවරණය වී තිබේ.
අදාල රැස්වීම රාජ්‍ය ආදායම් ඒකකයේ සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී බ්‍රහස්පතින්දා(23) පැවැත්විණි.
2023 ජනවාරි සිට නොවැම්බර් දක්වා ආදායම් එකතු කිරීමේ නියෝජිත ආයතනවලින් බදු ආදායම් එකතු කිරීමේ ඇස්තමේන්තුව ද මෙහිදී ඉදිරිපත් කර ඇති අතර එම ලේඛනයට අනුව නොවැම්බර් 21 දින වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1457ක ආදායමක් උත්පාදනය කර තිබේ.
රේගු ආදායම රුපියල් බිලියන 842ක් ද සුරාබදු ආදායම රුපියල් බිලියන 70ක් ද වන අතර එම ආයතනවලින් ලද මුළු ආදායම රුපියල් බිලියන 2446කි. නොවැම්බර් 21 වැඩි දා වන විට අනෙකුත් ආදායම් ආයතන වලින් එකතු කර ගන්නා ලද ආදායම රුපියල් බිලියන 29ක් ලෙස දැක්වේ.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අය වැයෙන් වැඩි කළ පඩියෙන් කොටසක් ජනවාරි
Nimal Saturday, 25 November 2023 04:03 PM
සීනි බෝල...!
Samantha Saturday, 25 November 2023 09:59 PM
රනිල් හදන්නේ ලස්සනට ටොපිය දීලා මාර්තු වල ඡන්දය තියන්න වගේ ඒකත් මරු ඈ
Rata Perata Sunday, 26 November 2023 03:19 AM
බංකොලොත් රටක කරන විහිළු වැඩ. මේ කාලකන්නි රැල ඉන්නකම් ලංකාව හදනවා බොරු.